( ශාන්ත රත්නායක)
හෙද සේවයේ බඳවා ගැනීම් සුදුසුකම් පහත හෙළීම හා හෙද සේවය සදහා කලා,හා වාණිජ ,විෂයන් වලින් බඳවා ගැනීමට විරුද්ධව හා වැටුප් විෂමතා වහා නිවැරදි කරන්නැයි ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් සමස්ත ලංකා හෙද සංගමය සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් අද 11 සෞඛ්‍ය අමත්‍යංශය ඉදිරිපිටදී පැවැත් විය.




COMMENTS
මෑතක් වනතුරුම කලා හා වාණිජ විෂයන් සමත් අයත් බදවාගත්තා. එවැනි අය තවමත් ඇතිනේ ඔවුනගේ වැඩකටයුතු කොහොමද බලන්න. සමහර අය විද්‍යාවිෂයන් කල අයටත් වඩා හොදට සේවය කරනවා ඇති.
මොන අංශයෙන් හෙද සේවාවය බඳවා ගත්තත් මේ අයගේ කෙරුවාව ගැන නම් කතා කරන්නත් ලැජ්ජයි. අපිත් කැමතියි සුදුසුකම් වලින් සපිරුණු හෙද සේවයක් වගේම යහපත් ආකල්ප වලින් පිරිණු කාර්යක්ෂම ගුණාත්මක, රෝගීන්ට කාරුණික ලෙස සලකන හෙද සේවාවක් දැකීමට. කියන්න කණගාටුයි අපේ රටේ රජයේ රෝහල් වල නම් ඔලුවේ අං පැළවුණ හෙදියන් මිස, රෝගීන් කෙරෙහි අනුකම්පාවෙන් හා කාරුණාවෙන් කටයුතු කරන අය නම් අපි දැක නැහැ. නමුත් පෞද්ගලික රෝහල් වල නම්, වෛද්‍යවරුන් වගේම හෙදියනුත් ඉතාම ගුණාත්මක සේවාවක් කරන බව අපි අත්දැකීමෙන් දන්නවා. අතේ ඉතිරිකරගත් මුදලේ වටිනාකම දැනෙන්න නම් අසනීපයක් හැදෙන්නම ඕනා. ඕක තමයි සිරි ලංකාවේ සෞඛ්‍ය සේවාවේ යතාර්ථය?
නොදන්නා කතා කියන්න එපා ලක්ෂ්මන්. රජයේ හෙද සේවයට හෙද විදුහල් සදහා විද්‍යා විෂයන්ගෙන් සමත් අය පමණයි බදවා ගන්නේ පුද්ගලික අංශය සදහා නම් කලා හා වාණිජ විෂයන් සමත් අයත් ගන්නවා. මගේ බිරිදත් හෙදියක් දැනට වසර 13 සේවයේ. වින්නඹු නම් කලා හා වාණිජ විෂයන් සමත් අයත් ගන්නවා අවුරුදු එකහමාරයි පුහුණුව. එංගලන්තය, ඇමරිකාව, කැනඩාව යන රටවල් වල පවා අපේ රාජ්‍ය හෙද විදුහල් වලින් ලබාදෙන තුන් අවුරුදු හෙද ඩිප්ලෝමාව පිලිගන්නවා.
මෙයාලගේ සේවය බලන්න ලෙඩක් හැදිලා රජයේ රෝහලක නවතින්නම ඕනේ.. එතකොට තමා තේරෙන්නේ මෙයාලගේ කරුණාව කොහොමද කියලා. කලා, වානීජ අයව බදවා ගත්තට මොකද හොද පුහුණුවක් දෙනවනම්. අනෙක මෙයාලට තියෙන්නේ ඩිප්ලෝමා සහතිකයක්, ඒත් මෙයාලගේ වැටුප කොච්චර වැඩියිද? උපාධි ලබාගත්ත ගුරුවරෙක්ගේ වැටුපට වඩා මෙයාලට ලොකු වැටුපක් ලැබෙනවා.. වැටුප් විෂමතා අයින් කරනවානම්, ඔක්කොම රජයේ සේවකයන්ගේ කරන්න ඕනේ.. උපාධි එක ශ්‍රේනියකටත්, ඩිප්ලෝමා තව ශ්‍රේනියකටත් දාලා. එහෙම නැතුව වැඩ කරන දෙපාර්තුමේන්තුව අනුව එකම ශ්‍රේණියට වැටුප් දෙකක් දෙන එක අසාධාරණයි. රෑට මෙයාලා ගොඩක් අය නිදියනවා, ඔක්කොම සේලයින්, බැන්ඩේජ් , ගෝස් , ගෙදර අරන් යනවා. මට මතකයි මම ප්‍රතිකාර ගන්නකොට ඒකේ හිටිය හෙදියෝ ගොඩක් කට්ටිය රැට නිදියනවා උදේ 5 වෙනකොට එලාම් එක තියලා නැගිටිනවා.. වැඩට 4 දෙනෙක් ඉන්නවනම් එක්කෙනෙක් නැගිටලා ඉදල අනෙක් 3 දෙනා නිදියනවා. ඊලග දවසේ වෙන කෙනෙක්. ඒ නැගිටලා ඉන්න කෙනත් මේසෙට ඔලුව තියන් නිදි. ඒ වාට්ටුවේ හිටියේ ගොඩක් ශල්‍ය කාර්ම කරපු අය. එයාලට රැට අමාරුවක් උනත් කතා කරන්න බැහැ. හොද අය ඉන්නවා හැබැයි ඉතින් බොහොමයක් තැන් වල ඔය විදිය තමා.
හෙදියක් ඉස්කෝලෙදි කාලේ ඉතිහාසයද, භුගොලයද, ආර්ථික විද්‍යාවද කියන එක අපිට වැදගත් නැහැ. තමන්ට පැවරිලා තියන රාජකාරිය කුමක්ද කියන එක වටහාගෙන පැවරිලා තියන රාජකාරිය හරියට කරන්න පුරුදු වෙන්න. දොස්තර මහත්තයා ඉදිරියේ අහිංසක නර්ස් නෝනා, ලෙඩා ඉදිරියේ දොස්තර නෝනා වගේ හැසිරෙනවා වගේ තමයි අපි නම් දකින්නේ.
මේ හෙදියන්ට ඔක්කොමට ඉස්සෙලා කරුණාව දයාව කියල දෙන්න ඉස්සෙල්ලා ලෙඩ්ඩුන්ට බනින්නේ සත්තුන්ට වගේ. හැමදාම මිනිස්සු ඉවසන්නේ නැහැ
කෙටියෙන් කියනවනම් මේ හීනමානය පිලිබඳ ප්‍රශ්නයක්. උසස් පෙළට කල විෂයන් මොනවා උනත් අදාළ පාඨමලාව සාර්ථකව සම්පුර්ණ කරන්න පුලුවන්නම් එපමනයිනේ. සාපෙළ දක්වා විද්‍යාව ඉගෙනගත් කෙනෙකුට ඔය දේ කරන්න පුළුවන් නමුත් අනවශ්‍ය ලෙස පුම්බන්න තමයි මෙයාලට ඕන. මගේ මවත් හෙද පාලිකාවක් ලෙසයි විශ්‍රාම ගත්තේ. එයාලගේ කාලේ සාපෙළ සුදුසුකම් වලින් මෙම සේවයට බඳවාගෙන තියෙන්නේ.
අපේ රටේ හෙදියන්ට විතරක් නෙමෙයි මුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයම ප්‍රමුඛව සියලුම රාජ්‍ය ආයතන වල ගුණාත්මකකම වැඩි කරන්න ඕනේ. දොස්තරලා වුනත් ලෙඩෙක්ට කතාකරන්න දන්නේ නැ. ලෙඩෙක්ගේ මානසික තත්වය ගැන අවබෝදයක් ගන්නේ නැ. ඔය හෙදියන්ට අවශ්‍ය කලාද, වණිජද, විද්‍යා ද කියන එක නෙමේ. හොද පුහුණුවක්.. විශේෂයෙන් ලෙඩෙක්ගේ මානසික තත්වය හදුනා ගැනීමට සහ කාරුණිකව සැලකීමට පුහුණුවක්.
මේ පුවතට ප්‍රතිචාර දක්වල තියෙන කීදෙනෙක් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකින් බෙහෙත් ගන්නවද මම දන්නේ නැහැ. ඔය අයගෙන් කීදෙනෙක්ට පුලුවන්ද රෝහලක ඉදන් වතුර ටිකක් බොන්න , කෑම ටිකක් කන්න. ගොඩක් දෙනෙක් ගෙදර එන්නේ ඉක්මනින් නාගන්න. කාලෙන් කාලෙට එක එක ලෙඩ, සමහර දෙනෙක් රෝහල් දකිනකොටත් බයය. නමුත් හෙදියන් දවස පුරාම රෝහල් වාට්ටුවල නමුත් දොස්තරලා පැය 24 නැහැ ගොඩක් ලෙඩ්ඩු කියනවා හෙදියන් බනිනවා කියලා ඒ නිකන්මද? අපි අපේ ගෙදර ඉන්නවා වගේ රෝහලේ ඉන්න බැහැ අනිත් අයටත් පහසු විදියට ඉන්න ඕනේ. බෙහෙත් වෙලාවට දෙන්නේ නැහැ කියල කියන අයගෙන් අහන්නේ කවදද අන්තිමේට බෙහෙත් ගත්තේ? පුද්ගලික රෝහල්වල හෙදියන් ගොඩදෙනෙක් විද්‍යා විෂයන් සමත් නමුත් හෙද විදුහල් යන්න බැරිවුනු අය. ඒ අයත් කැමති නැහැ වෙන විෂයන් කරපු අය බදවා ගන්න.. බොහෝ රටවල හෙද සේවය වෛද්‍ය සේවයටත් වඩා ඉහලින් තියෙන්නේ විශේෂයෙන් ලංකාවේ අයට ඒ අය දන්නවා හෙද සේවයේ ගුණාත්මකකම. මම මෙහෙම ප්‍රතිචාර කලේ මගේ කවුරුත් මේ සේවාවේ ඉදලනම් නෙවෙ. මගේ කොන්ද ඔපරේෂන් කරලා කිසිදෙයක් කරගන්න බැරුව ඉන්නකොට මට සහය වුන හෙදියන් අගය කිරීමටය.
මැෂින් එකේ අත්සන් කරන්නේ නැතුව හොරට පනින සෙට් එක
හෙද සේවය / හෙද ඩිප්ලෝමාව /හෙද උපාදිය ගැන කිසිස්ම දෙයක් නොදන්නා මෝඩයෝ හිතන්නේ හොදට කතා කරන එක ලෙඩ්ඩුන්ට කරුණාව දක්වන එක හෙද සේවය කියල වසර 3 ඩිප්ලෝම එක කරන්නේ ඔය ටික ඉගෙනගන්න නෙමෙඉ ඒකනිසා හරක් වගේ ලෙඩ්ඩු බලන වෙලාවට විතරක් ඉස්පිරිතාල වලට ගිහින් තියන ඔය මහත්තුරු ටික පොඩ්ඩක් හොයල බලන්න වාණිජ කලාව කරපු කට්ටියට පාසලේදිවත් කරගන්න බැරිඋන විෂය කොටස් කොහොමද හෙද ඩිප්ලෝමාව කරලා හෙද සේවය කරන්නේ කියල කුහකයෝ කව්ද කියන එක මේකේ ලියල තියන ගොඩක් අදහස් වලින් තේරෙනවා
මෙතන ගැටලුව තියෙන්නේ හෙදියෝ මොනවද ඉගෙනගන්නේ කියන එකට වඩා, ඔවුන්ගේ භාවිතය. බොහොම නරක විදියට තමා රජයේ රෝහල්වල ඉන්න හෙදියෝ ලෙඩ්ඩුන්ට කතා කරන්නේ. ගිහින් නැවතිලා බලන්න. මම නැවතිලා හිටිය ලංකාවේ රෝහලක ඒ නිසා මම කියන්නේ මගේ අත්දැකීමෙන්. ලෙඩෙක් අසරණ වෙලා ඉන්නකොට එයට ගෙදර අයට කතාකරන්න හදිස්සියකට ෆෝන් එකක් ලග තියාගන්න බෑ,. හැබැයි ඔය හෙදියෝ ෆෝන් තියාගෙන හැම වෙලේම කතාව. හෙදියන්ගේ කරුණාව කියන්නේ මූලික සාධකයක්. "work ethics" කියන දේවල් අහලවත් නැති විදියට තමා හැසිරෙන්නේ. දියුණු රටවල හෙදියන් බෙහෙත් දෙන්න ඉස්සෙල්ල ඒවායේ ගුණ අගුණ හැමදේම ලෙඩට පැහැදිලි කරනවා. ලෙඩාට ඕනෑම දෙයක් අහන්න පුළුවන් ඕනෙනම් බෙහෙත් ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. ඉන්ජෙක්ෂන් එකක් ගහනකොට ලෙඩාට රිදුනොත් නැත්නම්, ලේ ගන්නකොට පළමු පාර ගන්න බැරි උනොත් ඔවුන් සමාව ඉල්ලනවා. හැමවෙලේම ලෙඩාව මානසිකව සනසනවා. ඕනෙනම් ෆෝන් එක නෙමේ අයිපෑඩ්, ලැප්ටොප් ඕනේ දෙයක් තමන් ගාව තියාගෙන ඉන්න පුළුවන්. අපි මේවා කියන්නේ ලංකාවේ ඇතුලේ ඉදන් නෙමෙයි මේවා එදිනෙදා ජීවිතයේ අපි අත්දැකීම් ලබන නිසා. අපිටත් ඕනේ ලංකාවේ හොද ගුණාත්මක සේවයක් වෙනවා දකින්න.