(දයාරත්න ඇඹෝගම)
අතිකාල කප්පාදුවට එරෙහිව සහ හිඟ අතිකාල නොගෙවිමට විරෝධය පළ කරමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙද , පරිපුරක සේවා සහ අතුරු වෛද්‍ය සේවා නිලධාරිහූ අද (21) වැඩ වර්ජනයක නිරත වී සිටිති.
“සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අතිකාල කප්පාදු කිරිම සදහා චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.ඒ අතර 2015 වැඩිවු වැටුපට සමාන්තරව ලැබිය යුතු අතිකාල මුදලේ හිඟ මුදල් මෙතෙක් ගෙවා නැහැ.අනෙක් කාරණය අපට විතරක් ඇගිලි සලකුණු කිරිම අනිවාර්ය කර තිබෙනවා.වෛද්‍යවරුන්ට එම නිතිය නැහැ.එම නිසා මිට සාධාරණ විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලා හෙට(22) උදැසන 07 දක්වා අපි සේවයෙන් ඉවත්ව වර්ජනයේ නිරත වෙනවා.වකුගඩු රෝගී වාට්ටුව,සායන කටයුතු,පිළිකා,ළමා රෝග වාට්ටු සහ හදිසි ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරනවා. “යැයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති උදාන කුලතිලක මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ(වැ.බ) දුලාන් සමරවිර මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ වර්ජනයට හේතු වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඇගිළි සලකුණු කිරිම අනිවාර්ය කිරිම සහ හිඟ අතිකාල නොගෙවිම බවයි.
මේ හේතුවෙන් රෝගීහු මහත් අසිරුතාවට පත්ව සිටිති.




COMMENTS
මේ අය වෙලාවට සේවයට එනවනම් ඇයි ඇගිලි සලකුණු කිරීමට විරුද්ද වෙන්නේ ? අතිකාල කියන්නේ සේවක වරප්‍රසාදයක් නොවේ . අවශ්‍ය වුනොත් විතරක් සාමාන්‍ය රාජකාරි වේලාවෙන් පසු සේවය කළහැකිය . තවත් දෙයක් ඇගිලි සලකුණු කිරීමට නැත්නම් සේවය අවසන් වෙන වෙලාව වැරදියට සටහන්කර හොර අතිකාල දීමනා ඉල්ලනවා .
සෞඛ්‍ය සේවයේ එක් එක් කෙනාට එක එක වර්ගයේ නීති තිබෙන්නේ කොහොමද? වෛද්‍ය වරුන්ටත් වෙලාව සටහන් කිරීම අනිවාර්ය කල යුතුයි. මේ අයගේ වර්ජනය ඉතාම සාධාරණයි.
මේ ගොල්ලෝ සාමාන්‍ය රජකාරියාවත් කරන්නේ නැ.ඉස්පිරිතාල වල වැඩ කරන අය නගර සභාවේ අය සේරම උදේට පොත අත්සන් කරනවා. (පිට අයව දම්මලා) එයාල වැඩට එන්නේ නැ .වෙන වැඩ කරනවා.ත්‍රීවීල් එළවනවා.කඩ කරනවා. මාසේ 25 වගේ වැඩට එනවා පඩිය ගන්න ඕනි නිසා. නගර සභාවේත් ඔය ටිකමයි...........
එතකොට මේ ගොල්ලන්ගේ වර්ජනයෙන් ලෙඩ්ඩු මැරෙන්නෙ නැද්ද?
හෙද පරිපුරක සේවාවන් වර්තමානයේත් පොතක අත්සන් කරයි, ඒ ඔවුන් වැඩ මුරයට සේවා කරන නිසා, වෛද්‍ය සේවාව මිට වෙනස්ය. මන්ද ඔවුන් oncall ඇමතුම් රාජකාරියේ යෙදන නිසා, රජයට වෛද්‍ය සේවාව ඇගිලි සළකුණු අනිවාර්ය කලොත් පැය 24 අතිකාල ගෙවිමට සිදුවේ.