(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 25 වැනි ගුණ සැමරුම් උළෙල කොළඹ අලුත්කඩේ පිහිටි ප්‍රේමදාස පිළිරුව අසලදී අද (1) සිදු කෙරිණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ගුණ සැමරුම පැවැත්විණි.
සර්ව ආගමික වතාවත් වලින් පසුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පිළිරුවට පුෂ්පෝහාර දැක්වූ අතර කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය විසින් පිළිරුවට මල් දමක් පැළඳවීම සිදු කෙරිණි.
රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙහිදී පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී පදක්කම් ලබා රටට කීර්තියක් අත්කර දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනාට නිවෙස බැගින් ලබා දෙන ලදී.
හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස , දුලංජලී ජයකොඩි, ජලනි ප්‍රේමදාස යන ප්‍රේමදාස පවුලේ සාමාජිකයන්ද මැති ඇමැතිවරු විශාල පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිවන්ගත ජන නායකයනි සැමදා ඔබ අප හදවත් තුලද අපගේ හදවත් තුලද ජිවමානව සිටින්නෝය.
රබන් ගැහැව්වා... රතිඤ්ඤා පත්තුකළා.. මිනිස්සු
එතුමාට නියමිත කාලය වසර 12 රට පාලනය කරන්න ලැබුණානම් යුද්ධයත් ඔයිට බොහෝ කලකට පෙර අවසන්කර රටේ තිබෙන දිලිදු භාවයත් බොහෝ දුරට අඩුකරලා.