
(ඩික්සන් වසන්ත)
සන්නද්ධ හමුදාවන්හි සේවයේ නියුතුව සිටි සේවා මුක්ත භටයින්ගේ අනුස්මරණ දිනය හා පොපි මල් සැමරුම අද (11) උදේ කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ පිහිටි සැමරුම් ස්මාරකය ඉදිරියේදී පැවැත්විණි. මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් කථානායක කරු ජයසූරිය මහතාද, විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහභාගි විය.
මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතින්, හමුදා නිලධාරින්, විශ්‍රාමික හමුදා නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය විසින් නියෝජනය කරන තවත් අනවශ්‍ය උත්සවයක්ද?
අපේ සරත් ෆොන්සේකා මහත්තයා මෙතන නැනේ...
මෙම උත්සවයට විවේචනය කරනවා නෙවෙයි. නමුත් ලාංකික අපේ සමාන ව්‍යාපාරය සූරියමල් ව්‍යාපාරය නේද? දෙවන ලෝක යුද්ධය සමයේ එන්.එම් පෙරේරා ආදීන් දේශප්‍රේමීන්ගේ මූලිකත්වයෙන් බිහිවූ සුද්දන්ගේ පොපි මල් ව්‍යාපාරයට අභියෝග කළ ව්‍යාපාරය සූරිය මල් ව්‍යාපාරයයි.
ෆීල්ඩ් මාර්ෂල් තුමා නැත්තේ මොකද මෙතන? තවත් මොකක් හරි අවුලක්ද?
බොරුවට මේවා සමරලා වැඩක් නැහැ. සොල්දාදුවෝ ලෝකය ඉදිරියේ අසාධාරණ ලක් නොකරනවානම් තමයි හොඳ.