
සෙල්ලන්කන්දල් රක්ෂිතය වසාභූමිය කරගනිමින් ජීවත්වූ තනි දළ ඇතෙකුගේ මළ සිරුරක් හමුවූ බව පුත්තලම අලි පාලන ඒකකයේ නිලධාරීන් පවසයි.
වයස අවුරුදු තිහක් පමණවූ මෙම ඇතා ප්‍රධාන මාර්ගය අසල අලිවැට ආසන්නයේ නිරන්තරයෙන් සැරිසැරූ අඩි නවයක් පමණ උස පිරිපුන් දේහයක් සහිත ඇතෙකි. දිනකට පමණ පෙර දඩයම් කරුවකුගේ වෙඩි පහරකින් ඇතා මියයන්නට ඇතැයි නිලධාරීහු සැක කරති.
රක්ෂිතයට හරක් බැලීම සඳහා ගිය පුද්ගලයකු මියගිය ඇතා දැක වනජීවී නිලධාරීන් දැනුම්වත් කර ඇති අතර ඇතාගේ දේහයේ වෙඩි තැබීමෙන් සිදුවූ තුවාල කිහපයක්ද දක්නට ඇත. කුමන හේතුවක් නිසා ඇතා මියයන්නට ඇත්දැයි පරික්ෂණ පැවැත්වීමට වනජීවී පශු වෛද්‍යවරයෙකු අද දින පැමිණීමට නියමිත බව වනජීවී පුත්තලම අලි පාලන ඒකකයේ නිලධාරියෙකු පැවසීය.


COMMENTS
වනජීවිය අවුරුදු 99 කට චීනෙට බදු දෙමු. ඇත්තු මරණ එක රැල්ලට ගිහිල්ල දැන්.
අනවසර ගිනි අවි භාවිතය තහනම් කර අවසර ඇති ගිනි අවි සහිතව හෝ මෙවැනි අපරාධ කරන්නන්ට හා අනවසර ගිනි අවි ළඟ තබා ගන්නන්ට උපරිම දඩුවම් නියම කිරීමේ කාලය දැනටමත් පසු වී ඇත. විධායක ජනාධිපති බලය මෙවැනි ජාතික අපරාධ වෙනුවෙන් වත් ක්‍රියාත්මක නොවීම රටේ අභාග්‍යයකි.
තුන් වන පිතුරයේ දක්වන පරිදි මේ ඇතාගේ දල කපා ගත් බවක් පෙනෙන්ට නැහැ. සමහර විට මේ අලියා ප්‍රදේශවාසීන්ගේ ජන ජීවිතයට තර්ජනයක් වූ බැවින් වෙඩි තබන්නට ඇති.
අපේ රටේ නිතිය සහ නිතිය ක්‍රියාත්මක කිරීමට සිටින නිලධාරීන්ගේ දක්ෂකම නිසා, අපරාධකරුවන් ලංකාවේ ජයකෙහෙලි නංවන බවයි. හැබැයි වැටුප් නම් නියම විදිහට ඕනේ. වැඩ බැහැ.
නාරද මෝඩකම පෙන්නන්න එපා. මේ ඇතා අලි වැටෙන් එහා රක්ෂිතයේ ඉදපු සතෙක් මනුස්සයෝ තමයි රක්ෂිතයට ගිහින් තියෙන්නේ. සතුන්ගේ වාසභූමි අල්ල ගත්තේ මිනිස්සු තමා වන අලි ගැටලුවට වග කියන්න ඕන
මෙවැනි සතුන් උදෙසා නීති සහ ක්‍රමවත් අධිකරණ පද්ධතියක් අවශ්‍යයි.