(රොමේෂ් මධුෂංඛ)
සිරියාවේ යුද්ධයට විරෝධය පල කරමින් යුද්ධයෙන් මිය යන අසරණ දරුවන් ඇතුලු සාමාන්‍ය මිනිස් ඝාතනයන් වහාම නතර කිරීමට සියලු රටවල් එකතු විය යුතු බව පවසමින් අද (01) යාපනයේදී විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.
ලංකා දෙමළ කොංග්‍රසය විසින් යාපනය බස් නැවතුම්පල ඉදිරිපිටදී මෙම විරෝධතාව සංවිධානය කොට ඇත. මෙම විරෝධතාවයට යාපනයේ සාමාන්‍ය වැසියන්ද සහභාගී වී සිටියහ.
විරෝධතාවට එක් වූවන් කියා සිටියේ ශ්‍රී ලංකාවද යුද්ධයෙන් බැට කෑ රටක් වන අතර යුද්ධයේ වැඩිම අත්දැකීම් ඇත්තේ උතුරු නැගෙනහිර ජනතාවට බවයි.
සිරිවේ යුද්ධය නවතා දමන ලෙසට සිදු කරන ඉල්ලීමට අවධානය යොමු කිරීමට සියලු බලවත් රටවල් පියවර ගත යුතු බවත් සාකච්ඡා මාර්ගයෙන් යුද්ධය අවසන් නොකරන්නේ තම අසරණ ජීවිත දහස් ගනණක් මිය යාමට ඇති හෙයින් , එක්සත් ජාතීන්ගේ සංවිධාන ඇතුලු සියලුම රටවල් එක්ව මෙම යුද්ධය නැවත්වීමට පියවර ගත යුතු බවත්ය.





COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.