(නිමල කොඩිතුවක්කු)
සමගි ජනබලවේගයේ කාන්තා බලවේගය වන සමගි වනිතා බලවේගය එළිදැක්වීම සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම්පොකුණ රංග ශාලාවේදී අද (13) පස්වරුවේ සිදුකෙරිණි.
සමගි වනිතා බලවේගයේ වෙබ් අඩවිය ජනගත කිරීමද සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදුකෙරිණි.
මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජලනි ප්‍රේමදාස, හේමා ප්‍රේමදාස, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් සහ සමගි වනිතා බලවේගයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
(ඡායාරූප : රොමේෂ් ධනුෂ්ක සිල්වා)






COMMENTS
ඔව්, දැන් එහෙමවත් බලමු. ඒත් වනිතාවන් අතර සමගියක් තිබුණොත් තමයි පුදුමේ... මේකෙ ඉස්සරහම හිරුණිකා ඉන්න හින්දා රන්ජාට වැඩ තියෙයි.
ඊළඟ ආර්යාවත් ඉන්නවා.
ඔය ශාඛාව ආර්යාවට දුන්නා නම් ලංකාවේ හැමට නොමිලේ ඉඩම් ගන්න තිබුණා.
කාගෙද මේ බලවේගේ...?
නොමිලේ තුවාගන්න බලාගෙන ඉන්න කට්ටිය වගේ..
නුවණ නැති බොහෝ කාන්තාවන් ශ්‍රී ලංකාවේ ඉන්නවා.
අලුත් දෙයක් අත්හදා බලන්න හොඳම වෙලාව. අපි සුදානම්...
ඔන්න පටන්ගත්තා විහිලු කරන්න.
ඉස්සෙල්ලාම හොයන්න ඕනෑ ඒ ගොල්ලන් අතරේ සමඟියක් තියනවද කියලා...
එතකොට මුලින් මේවාට මහන්සි වුණු චන්ද්‍රානි බණ්ඩාර, තලතා අතුකෝරල වගේ අය නැත්තේ මොකද? හිරුණිකාද දැන් මෙතන පාලනය කරන්නේ?