හිරාන් ප්‍රියංකර ජයසිංහ
විල්පත්තුව වනාන්තර පද්ධතිය වනසා 2013 වසරේ ආරම්භ කල නිවාස ව්‍යාපෘති වලට අයත් නිවාස විශාල ප්‍රමාණයක් මේ වන විට කෑලැ වදිමින් තිබේ.
මෙම නිවාස ව්‍යාපෘතිය කිසිදු පරිසර අධ්‍යනයකින් තොරව සිදු කර තිබෙන අතර.ඒ පිළිබඳව අවස්ථා ගණනාවකදි මාධ්‍යයෙන්ද නිරන්තරයෙන් හෙළි කරන්නට විය.
ජනපද බිහි කිරිමේ අරමුනින් විදේශ ආධාර මත ඉදිකළ දැවැන්ත නිවාස ව්‍යාපෘති සඳහා කිසිදු සොයා බැලිමකින් තොරව ලංකා විදුලි බල මංඩලයද කැළෑ සහිත ප්‍රදේශ වෙත විදුලිය ලබා දි තිබේ.
එසේම පදිංචිකරුවන් නොමැති විම නිසා විශාල නිවාස ගනණාවක ප්‍රධාන දොරටුව ඉදිරිපිට සිට මුළු භූමිය පුරාම ඝණ කැලෑවෙන් වැසි ඇත.දැනට පදිංචිව සිටින පදිංචිකරුවන් වෙනුවෙන් කිසිදු පොදු පහසුකමක් තවමත් ලබා දි නොමැත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ චෝදනාව ආණ්ඩු පක්ෂයෙන්ද? මොකද ඝණ කැලෑවෙන් වැසෙනවා නම් පරිසරයට හොඳයි. ගොඩක් ඔක්සිජනුත් නිපදවනවානේ.
පදිංචිකරුවන් නැතිව කොහොමද විදුලි බල සැපයුම දෙන්නේ. බිල එන්නේ කගේ නමටද? නගරවල නම් එහෙම තමයි. ඕක ඉතින් කැලයක් නේ. කැලේ නීතිය දන්නේ නැහැ. මේක යකාගේ වැඩක්නේ.
දැන් නින්දෙන් ඇහැරිලා වගේ විල්පත්තු මතක් වෙලා ඡන්දෙ ළඟ හින්ද වෙන්න ඇති. දැන් මිලිටරියේ පඩි නෙතුව ඇති නේද?
කරලා තියෙන අපරාදයේ තරම හිතාගන්න පුළුවන් පහලම ෆොටෝ එකේ වටපිටාව බැලුවම.
මම දැක්ක ඝන වනාන්තර කපල එයාපොර්ට් හදල තියෙනවා ??????
ගස් ආයෙත් වැවේවි. ස්වභාව ධර්මයට ඔක්කොම කවදාහරි යටත් වෙනවා.
භූමියට තියෙන තණ්හාව නිසා රටම දේශගුණික ලෙස විනාශ වෙනවා.... කොන්ද නැති දේශපාලනය මුන්ගේ විනාශකාරී බව දැක දැක නිහඩව ඉන්නවා..............
ඕක නිර්මාණය කලේ තනිකරම එක ජාතියකට පක්ග්‍රාහීව .පරිසරය විනාශ කරපු ඔය ව්‍යාපෘතිය අහෝසි කල යුතුයි...........
ඕක වල්බිහිවෙලා ගියහම, අායෙත් තව අවරුදු 10ක් විතර ඇවිත් මෙතන පුරන ජනාවාස තිබුණා කියලා විකාරයක් නටන්න පුළුවන්නේ...