(ජයමාල් චන්ද්‍රසිරි)
පසුගියදා පැවැති සයිටම් විරෝධී උද්ඝෝෂණයකදී සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළුවීම හේතුවෙන් රිමාන්ඩ් භාරයේ සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර බැලීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීහු පිරිසක් අද(26) වැලිකඩ බන්ධනාගාරයට ගියහ.
එම සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා ඇතුළු පිරිසක් එහි ගොස් ලහිරු වීරසේකරගේ සුවදුක් විමසූහ.



COMMENTS
රජයේ දේපළ විනාශ කළාට ස්තුතියි කියන්නද ගියේ?
මේක ගැන නම් මට හොඳටම ලැජ්ජයි වෛද්‍යතුමෝ....
අත දරුවා අම්මගේ සුවඳ හොයාගන කිරි ඉල්ලනවා. ටිකක් ඉවසනවා. ටිකක් හෙමිහිට කෙඳිරිගනවා. ටිකක් අඬනවා. අපේ සිසුවෝ අට්ටාලයක් හදාගෙන අවුරුද්දකට වැඩිය හිටියා. එක ප්‍රදේශීය සභා මන්ත්‍රී තුමෙක් ඇහුවද මොකද පුතේ දුවේ කියලා? බලධාරීන්ට සාකච්ඡා වලට එන්න අඬගැහුවද? පොඩි පොඩි විරෝධතා තිබ්බා. පෙළපාලි ගියා. වටකරලා ගැහුවා කඳුළු ගෑස් ගැහුවා. දේශපාලකයින්ගේ කීමට වැඩ කළ අය දෙන අවුරුදු ගණන් බන්ධනාගාර වල ඉන්න බව ඒ අයත් දකිනවා ඇතිනේ..අපේ දරුවන්ට සමාව දී සයිටම් වසා සයිටම් සිසුවන්ට වන්දි ලබාදෙන්න.
කඩා කප්පල්කාරීන් උසි ගන්වන්නේ නැතුව තමන්ට ඕනේ මස් රාත්තලම ඉල්ලා ගන්න. දවසක ස්ලිට් එක හරි එන්.එස්.බී.එම්. එක හරි වහන්න. මැනේජ්මන්ට් ළමයි උද්ඝෝෂණයක් කළාම මෙයාලා ඒවි බලන් ඉන්න.
ඔයාට ලජ්ජා වුණාට අපිට ප්‍රශ්නයක් නැහැ...
මේ අය ඔක්කොමලා දන්නවා සයිටම් ආයතනය අහෝසි කල නොහැකි බවත්, අනාගතයේදී මෙවැනි ආයතන බිහි වීම වැළැක්විය නොහැකි බවත්...... දැන් මේ අය කරන්නේ දේශපාලන රඟපෑමක් පමණයි.
කුණු ගොඩට කුණු එකතු වෙනවා කියලා කියන්නේ මෙන්න මේකට....
තමන්ගේම අමාත්‍යාංශයට දැඩි අලාභ හානි කළාම සැප දුක් බලන්න යන සිරිතක් තියෙනවද? අනික මෙහෙම නීතියට යටත්ව බන්ධනාගාර වල ඉන්න අයව බලන්න පිට අයට අවසර තියෙනවද? දැන් අපේ කව්රුහරි නීති විරෝධී ක්‍රියාවකට බන්ධනාගාර ගත වුණොත් අපිටත් හිතෙන හිතෙන වෙලාවට ගිහින් බලන්න පුළුවන්ද?
වන් ශ්‍රීලන්කන් කියන්නේ කව්ද? මේ සයිටම් එකට විරෝධ වෙන්නේ මොනවටද? එතකොට කොතලාවල ඇකඩමියේ ලක්ෂ ගණනකට වෛද්‍ය උපාධිය දීම හොඳද? පුද්ගලීක විශ්ව විද්‍යාල ලංකාවේ තිබීය යුතුයි. නමුත් එහි ප්‍රමිතිය පාලනය කල යුතුයි. මෙහෙම ගියොත් ලංකාවේ තියෙන පුද්ගලීක සහ ජාත්‍යන්තර පාසල් වහන්න කියල රජයේ පාසල් වල ළමයින් උද්ඝෝෂණය කරයි. මෙතන තියෙන්නේ දේශපාලන අතකොළුවන් වීම සහ ඇති නැති පරතරයේ කුහක කමයි.
අනාගත පරම්පරාව වෙනුවෙන් ඔබලා කරගෙන යන මේ සටන සාර්ථක වේවා...!!!
මේක පුදුම වෙන්න කාරණයක් නොවේ දේශපාලකයොත් තමන්ගේ උවමන එපාකම් ඉටුකරගන්න මැර කල්ලි පවත්වාගෙන යනවා ඔවුන් හිරේ විලංගුවේ වැටුනම බලන්න යනවා , උදවු උපකාර කරනවා , වෛය්ද්‍යා සංගමයත් උද්ගෝෂණ කරන්න , පහරදෙන්න කණ්ඩායම් හදගෙන නඩත්තු කරගෙන යනවා ඔවුන් හිරේ ගියහම බලන්න යනඑක , හොඳ පෙරකදොරුවෙක් අල්ලලදෙන එක , කීයක්හරි අතමිට මොළවන එක කොහොමත් කරනවා , දේශපාලන මැරයන් සහ මොවුන් අතර තිබෙන එකම වෙනස මොවුන් උගත් කමින් වැඩි වීමය ,
පුද්ගලික අධ්‍යාපනය රජයේ නියමයට යටත් කොට පුද්ගලික අංශයට. අනිවාර්යෙන් ඉඩ දිය යුතුයි..
සුවසිරිපායේ හානිය රු.කෝටිය පනී රජයේ දේපොල හානි කරන කිසිවෙකුට අනාගතයේ දී රජයේ රැකියා නොදිය යුතුය. ශ්‍රී ලංකාවට රාජ්‍ය සේවය පමණක් නොව සරසවි අධ්‍යාපනයද හඳුන්වා දුන් බ්‍රිතාන්‍යයේ තවමත් රජයේ සේවය පමණක් නොව පුද්ගලික අංශයේ සේවය සඳහා හෝ ප්‍රචණ්ඩ ක්‍රියා, සොරකම් ආදියට සම්බන්ධ වූ කිසිවෙකු කෙතරම් ඉහළ විභාග සමත් වුවද බඳවා ගන්නේ නැත
ආණ්ඩුව ඉක්මන් සාධාරණ තීරණයක් අරගෙන ක්‍රියාත්මක කළ යුතුයි.
වන් ශ්‍රී ලංකන් ඔයා පොදු දේපල විනාශ කරන්නේ සහ කලේ කවුද කියල දන්නේ නැත්නම් සද්ද නැතුව හිටියා නම් නේද හොඳ....?
අපේ රටේ මන්ත්‍රී කෙනෙක් වෙන්න මැරකම අත්‍යවශ්‍ය වන අතර ඉදිරියේදී හොඳ රැකියාවක් ලබගැනීම සදහා මැරකම සුදුසුකමක් වෙන්න පුළුවන්....
අප්පොච්චිගේ කාලේ වුණා නම් ලහිරුවා බලන්න යන්න වෙන්නේ බොරැල්ලේ කනත්තට
අපේ කලේ ඔහොම කට්ටිය ගියානම් ගියාම තමා, හැබැවටම ඒ කලේ ප්‍රවාහන පහසුකම් නොමිලේම දුන්නනේ ඒ ,විතරද සුවපහසු වෑන් වල අරන් ගියේ, දැන් ඒ වගේ පහසුකම් නැති නිසා ඔහොම යනවා,කොහොමද වෙනස ,
ඉස්සර කරා වගේ ඔක්කොටම වෙඩි තිබ්බා නම් හරි, එතකොට ඔය උද්ඝෝසන ඉබේටම නතර වෙනවා. ඔය දොස්තරලා නිසා මේ වෙනකොටම ඩෙංගු වලින් 200 කට වඩා මැරිලා, මිනිස්සු ඉස්පිරිතාල වල දොස්තරලා නැතුව ඉන්නවා, මුන් දැන් කියනවා පොලිසියට /STF එකට බෙහෙත් දෙන්නේ නෑ කියලත්. මිනිස්සුන්ට තියෙන අනුකම්පාවට නෙවෙයි මේ උද්ඝෝසන කරන්නේ, එහෙම කරනවා නම් අහිංසක රෝගින්ව දඩමීමා කරගන්න ඕනේ නෑනේ?. දොස්තරලා තමයි ලංකාවෙන් වැඩියෙන්ම සල්ලි හොයන්නේ. නවලෝකේ, ආසිරි එකේ විශේෂඥ්ය වෛද්‍යයවරයෙක් හවසට ගෙදර යන්නේ ලක්ෂ ගනන් හොයාගෙන. සයිටම් වගේ ආයතන බිහිවුනොත් වෙන්නේ, වැඩියෙන් දොස්තරලා ලංකාවේ බිහිවෙන එකයි, එතකොට එක වෛද්‍යය වරයෙක් ලගට යන සෙනග අඩුවෙනවා, එතකොට මුන්ට එන ගාන අඩු වෙනවා. අන්න ඒකට කෙළවෙනවට බයේ තමයි මුන් මේ දගලන්නේ. මෙතන තනිකර තියෙන්නේ දොස්තර මාෆියක්, මුන් කළු කඩ කාරයෝ වගේ දොස්තර පට්ටම සීමිත පිරිසකට විතරක් තියාගෙන ඉන්නයි දගලන්නේ. ඒවට ඉඩ දෙන්න එපා. දොස්තරලා නැත්නම් පිටින් හරි ගේන්න, එතකොට ඔය සැර බහියි ඉබේටම.
අපේම සල්ලි වලින් ඉගෙනගෙන අපිටම කෙලින දොස්තරලා කියාගන්න මුන්ට කෙලින්න කවුරුවත් නැත්ද ? ආණ්ඩුව බය මොකෝ මේ හැතිකරේට.
සහන් අපොච්චිගේ කලේ ලහිරුල , පදෙනියල ලංකාවේ හිටියට මේ වගේ වැඩ කරන්න තබා හිතුවෙවත් නැත , ලංකාවේ මිනිස්සුන්ට ගැලපෙන්නේ අපොච්චිගේ , ප්‍රේමදාසගේ පාලනය වගේ පාලන ක්‍රමයක් , වැඩි පුර නිදහස් දුන්නම වෙනදේ ගැන අලුතින් කියන්න ඕනේ නැහැනේ
රොෂාන් දවල් හීන දකිනවා. නිදහස් අධ්‍යාපනය ගෙනියන්නේ ජනතාවගේ බදු මුදල්වලින්. නිදහස් අධ්‍යාපනය රටට විනයක් කලේමෙයාලයි.
මේ සයිටම් හොර උපාදි කඩේ වහල දැම්ම නම් කාටවත් කරදරයක් නැහැනේ. මේකෙන් හොඳ ගානක් රාජිතට සහ කිරිඇල්ලට ලැබෙනවා ඇති ඔච්චර දඟලන්නේ.
අන්තරේ මෝඩයෝ මුන්ට කඩේ යනවා - උපාදිධාරින්ට එක වැටුපක් ලබාදෙන්න කියල මුන්ට උත්ගොෂණ කරන්න බැරිද හැමදාම දොස්තරලට විතරයි ඔක්කොම අනික් වෙලාවට මෙයාල කාටවත් උදවු කරන්නේ නෑ.
කුහකයින් සහ පාදඩයින්ගේ සන්ධානය
යුද්ධ කාලේ පටලවාගෙන සහන රන්ජිත් දෙපලම. යුද්දෙන් පස්සේ අතුරුදහන් වුනු අයගේ ලිස්ට් එකක් එහෙම තියෙනවද ඔයාල ළඟ. යුද්ද කලේ අපි සියලුදෙනා වෙනුවෙන් එක මතක තියාගන්න.
ජනතාවගේ මුදලින් පිනට ඉගෙනගත්තු මේ අය දහස් ගණන් ඒ ජනතාවගෙන්ම අය කරලා කරන පුද්ගලික චැනල් වහාම නැවැත්විය යුතුයි...
අන්තරේ ලලිත්, කූගන් අමතකද?
පාදෙණිය නම් දේශපාලන ගැති සභාපතිවරයා ඉවත් කර හරිත අලුත්ගේ වැනි මධ්‍යස්ථ මතයක් දරන කෙනෙක් පත් කරගන්න.
ඉරිසියයි බයයි ඔය ලෙඩේ නම. ඕකට ඔය දොස්තරලා ළඟ බෙහෙත් නැහැනේ. Saitam දොස්තරලා අවොත් තමන්ගේ තැන නැති වෙන බව දන්නා නිසා බයේ දඟලනවා. ඒකට තව කට්ටියක් අල්ලගත්ත නිදහස් අද්‍යාපනය නැතිවෙනවා කියල. හරි ලේසි වැඩේනේ. එකම විබාගයට මුහුණදීලා එකම සායනික පුහුණුව ලබගත්තම Saitam ළමයිත් දොස්තරලා තමයි. එකට ඉරිසියාවේ බයේ දඟලල වැඩක් නැහැනේ. ඒක තමයි ඕනෑම සාධාරන කෙනෙක්ගේ තීන්දුව.
ලංකාවේ ජනගහනයට සාපේක්ෂව වෛද්‍යවරු ප්‍රමාණය මදිය. රජයේ ප්‍රමිතීන්ට අනුව පුද්ගලික අංශයටත් ඉඩ දිය යුතුය. උද්ඝෝෂණ ක්‍රියාත්මක කරවන දේශපාලන පක්ෂය කියන පරිදි පෝසතුන්ට, සිසුන්ට පමණක් ඉගෙන ගැනීමට පුළුවන්... දුප්පත් සිසුන්ට ඉගෙන ගැනීමට ඉඩ නැත කියන තර්කය පිළිගත නොහැක. මොකද රජයේ විශ්ව විද්‍යාල වලින් පිටවන දොස්තරලා පුද්ගලික බෙහෙත් හල් වල නොමිලයේ ප්‍රතිකාර නොකරති. අතීතයේ සමාජ වාදී ආර්ථික ක්‍රමයකට නැඹුරු රටවල් වන චීනයේ, රුසියාවේ, පුද්ගලික විශ්ව විද්‍යාල තිබුණි. අදත් තිබේ. මේවා නැත්තේ මම දන්නා තරමින් කියුබාවේ පමණි. නමුත් එහි පුද්ගලික රෝහල්ද නැත.