(රංජන් කස්තුරි / ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
වෘත්තීය සමිති මර්දනය වහා නතර කරන ලෙස ආණ්ඩුවට බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(22) කොළඹ දී විරෝධතාවයක නිරත විය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, ලේකම් නවීන් ද සොයිසා ඇතුළු වෛද්‍යවරුන් ද වෛද්‍ය පීඨවල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පිරිසක් ද කොළඹ අලුත්කඩේ අධිකරණ පරිශ්‍රය අසලට රැස්වී එහි පැයක පමණ කාලයක් නිහඬ විරෝධතාවයක නිරත වූහ.
ඉන්පසු විරෝධතාකරුවෝ අලුත්කඩේ සිට ටෙක්නිකල් හන්දිය ඔස්සේ මරදාන පාර හරහා පුංචි බොරැල්ල දෙසට පාගමනින් පැමිණ එතැන් සිට කොළඹ ජාතික රෝහල දක්වා ගමන් කළහ.







COMMENTS
අනාගත සෞඛ්‍ය ඇමති
උතුම් වෛද්‍ය වෘත්තීයට රට්ටු අතර තිබුණු පිළිගැනීම බින්දුවටම වට්ටා හෑල්ලුවට පත්කරපු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගැන මෙහි සාමාජිකයෙක්ව සිටි මා අද ලැජ්ජා වෙමි.
පෙළපාලිය මෙහෙයවන්නේ අන්තරෙන් වගේ. පෙනවාද කට්ටිය පෙරමුණේ සහ දෙපැත්තෙන් ඉන්නවා ඩෙනිම් ඇඳගෙන සෙරෙප්පු දාගෙන. සාමකාමී විරෝධ වරදක් නැහැ ලෙඩ්ඩු අමාරුවේ දාන්නේ නැතුව.
මෙවැනි පුද්ගලයින්ට නම් නිසි නිතිමය පියවර වහාම ගත යුතුය... නමුත් මිනිසා ඉතා භයානක සත්වයෙකි.
සියලු සුනඛ කුලයේ මිනිසුන් බැද දමමු , (නරකද යෝජනාව) . සුනඛයා ඉතා සුහද කෙලෙහිගුණ දන්නා සත්වයෙකි . නමුත් මිනිසා ඉතා භයානක කුහක සත්වයෙකි.
වෘත්තීය සමිති විසින් රටේ මහා ජනතාව පීඩනයට හා මර්ධනයට ලක් කිරීම වහාම නතර කරන්න.
අනේ කොච්චර හොඳද ජාතික රෝහලට ගිය එක!! පුද්ගලික රෝහල් වගේ නෙවෙයිනේ..
පෙළපාලිය මෙහෙයවන්නේ අන්තරෙන් වගේ.... පේනවාද කට්ටිය පෙරමුණේ සහ දෙපැත්තෙන් ඉන්නවා... ඩෙනිම් ඇඳගෙන සෙරෙප්පු දාගෙන. සාමකාමී විරෝධ වරදක් නැහැ. හැබැයි ලෙඩ්ඩු අමාරුවේ දාන්නේ නැතුව....
අර පින්තූරයේ ඉන්න පිරිසගෙන් මාර්ගය දෙපස ඉන්න ජනතාවට තියෙන කරදරේ ගැනයි මම මේ කල්පනා කළේ...
රට විනාශ වෙන්නයි යන්නේ... මේ හින්දා බුද්ධිමත් උදවියට හරියට වැඩක්වත් කරගන්න බැහැ...හරිම අභාග්‍යයක් තමයි.
දොස්තරවරු ලෙඩ්ඩු වෙලා ඉන්න රටේ, ලෙඩ්ඩුන්ට යන කල මොකක්ද කියලයි මම කල්පනා කලේ? ඒ වුණාට පින්තුර ටික බැලුවාම තමයි වැටහුනේ... ලෙඩ දොස්තරලගේ සංඛ්‍යාවට වඩා බොහෝ ඉහල සංඛ්‍යාවක් සැබෑ වෛද්‍යවරු ලංකාව තුල සිටින බව....
ළමුන් වැරදි වැඩවලට යොදාගන්න එපා කියන එක නේද? ඈත අතීතයේ සිට පැවත එන්නේ...
අද දවල් අව්වේ ටිකක් පිච්චුනාට පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ,. අන්න දැනටමත් චැනල් කරන්න සෙනඟ පිරිලා. අද හොද්ද බොරයි වගේ!!!
ශ්‍රී ලංකාවේ අගතිගාමී බවක් පෙන්නන පෝස්ටර් ටිකක් ...
වෛද්‍ය සිසුන් සහ දොස්තරලා මෙපමණද ලංකාවෙ ඉන්නෙ? පව් දෙයියනේ..
ඕක තමයි බමුණු කුලය හිතාගෙන ඉන්න විදිය...
මෙහෙම කළොත් සුනාමියක් හරි ඇවිල්ල විනාශ වෙලා යයිනේ... දෙයියනේ...
මහජනතාවගේ මුදලින් සරසවි අධ්‍යාපනය හදාරා වෛද්‍ය වෘත්තිය මහජන සේවයක් සේ නොසලකන මේ පිරිසගෙන් කුමන යහපතක්ද? දරුවන් කරපින්නාගෙන බාහිර රෝගී සායනවල බඩගින්නේ බැංකුව මත හඩා වැටී සිටින අම්මලාව දැක්කේ නැද්ද? පපුවේ තෙතමනයක් නොමැති මෙවැනි මිනිසුන්ගෙන් අපට බලාපොරොත්තු විය හැක්කේ මරණය විනා වෙන කුමක්ද? දැන්වත් ත්‍රිවිද හමුදා සේ වෛද්‍ය, ගුරු සහ හෙද සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ස්ථාපිත කළයුතුය.
මෙයාලට මේවා මතක් වුණේ අදද? මෙච්චරකල් මෙයාල කොහේද හිටියේ...? සයිටම් පටන් අරන් අවුරුදු ගාණක් නේද?
කාලෝ ෆොන්සේකා මහත්තයත් ගිහිල්ල උසාවියට වෛද්‍ය පාදෙණිය මහත්තයව බලන්න . එස්.එල්.එම්.සී. සභාපති අපක්ෂපාති විය යුතුය...එම තනතුරට සුදුස්සෙක් වන්නේ එවිටයි.
ලෙඩ්ඩු බංකු උඩ නිදි. දොස්තරලා වැටුප් ලබමින් වැඩවරයි. දේශපාලනයට හොටනොදා යන්න ලෙඩ්ඩු බලන්න.
මේ පාදෙනියලා පහුගිය රජය කාලේ කොහෙද හිටියේ? මේ මොන මර්දනය පහුගිය රජය කාලේ තුබුණු මර්දනයෙත්තෙක්ක බලනවිට? මේ පාදෙනියලාට උවමනාවෙලා තියන්නේ ආපහු හොරුන් බලයට ගෙන්න?