IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රුහුණු කතරගම මංගල්‍යයේ 7 වැනි පෙරහර වීදි සරයි


 
කේ ඩී දේවපි‍්‍රය  
            
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ 7 වැනි පෙරහර මංගල්‍යය ඊයේ (19) අති උත්කර්ෂවත් අයුරින් විදී සංචාරය කරනු ලැබීය.


කතරගම කඳ දෙවියන් වෙත පුටුව වැඩම වීමෙන් පසුව පෙරහර විදී සංචාරය කිරීම ආරම්භ වු අතර වල්ලි අම්මා දේවාලය වෙත ගොස් චාරිත‍්‍ර ඉටු කිරිමෙන් අනතුරුව පෙරහර නැවත මහා විදීය ඔස්සේ දේවාලයට ගමන් කර දෙවියන් ඇතුල් මාළිගයට වැඩමවා ගෙවීමේ චාරිත‍්‍රයෙන් පසුව නිමාවට පත්විය.


කතරගම ඇසළ මංගල්‍යයේ 9 වැනි පෙරහර මංගල්‍යය අද රාත්‍රී 7.14 ට යෙදෙන සුභ නැකතින් ආරම්භ වී ප‍්‍රධාන වහල්කඩ තුළින් පිට වී පිට විදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලය වෙත ගමන් කිරීමට නියමිත බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්‍ෂ මහතා පවසයි.


කතරගම දෙවියන්ට ආවේනික වු මොණර, කාවාඩි නැටුම් අංග රැසක් මෙවර ඇසළ මංගල්‍යට එක්කර ගෙන ඇති අතර මේ වන විට පෙරහර ආරම්භ වු පසුගිය 13 වැනි දා සිට බැතිමතුන් ලක්‍ෂ 05 කට ආසන්න පිරිසක්  දේවාලය වැඳ පුදා ගෙන ඇති බව බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්‍ෂ මහතා පවසයි.


කතරගම දේවාලයේ අවසන් මහා පෙරහර ලබන 27 වැනි දා පවත්වා 28 වැනි දා මැණික් ගඟේ දිය කැපීමේ මංගල්‍යයෙන් නිමාවට පත්වේ.
            



අදහස් (0)

රුහුණු කතරගම මංගල්‍යයේ 7 වැනි පෙරහර වීදි සරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 649 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 315 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site