2017 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව කලා අංශයේ දිවයිනේ පළමු ස්ථානය රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනේ පත්බේරියේ මුනින්දවංශ හිමියයෝ හිමිකර ගත්හ.
වාණිජ අංශයෙන් දිවයිනෙන්ම පළමු තැන හිමිව ඇත්තේ මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ දුලානි රසන්තිකා ශිෂ්‍යාවයි.
රත්නපුර හිදැල්ලන සීවලී මධ්‍ය විද්‍යාලයේ මැදලගම කන්කානම්ලාගේ ලක්‍ෂිත චතුරංග මැදලගම ශිෂ්‍යයා මෙවර උසස් පෙළ ජෛව පද්ධති තාක්‍ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනෙන් ම පළමුවන ස්ථානය ලබා තිබේ.

(ඡායාරූප - තුෂාර හෙට්ටිආරච්චි/ ක්‍රිෂාන් ජීවක ජයරුක්/ අජිත් ලාල් ශාන්තඋදය)
COMMENTS
ඔබ සියලු දෙනාටම සුබපතමි එසේම දිස්ත්‍රික්කයෙන් පළමුවෙනියා වීම මතම නොසිට වෙනදාටත් වැඩ කැපවීමෙන් ඉදිරි අධ්‍යාපන කටයුතු සදහා සුදානම් වන ලෙසත් කාරුණිකව ඉල්ලමි .මගේ පුද්ගලික අත්දෙකීමක් නිසා මම මෙය සදහන් කරමි විශේෂයෙන්ම පරිගණක දෙනුම සහ විෂය ක්ෂේත්‍රයට අදාල ඉංග්‍රීසි දෙනුම (මෙය සාමාන්‍ය ඉංග්‍රීසි දෙනුම නොවේ) වැඩි දඅයුණු කර ගෙනීමට කටුතු කරන්න.....................
ඔබ සැමට සුබ පතමු. මෙය උත්සාහයෙන් ගත් ජයග්‍රහණයක් ලෙස සිතන්න. හාමුදුරුනමක් වැඩිම ලකුණු ගැනීම් තවත් සතුටකි. මෙය අවුරුදු 25 ට පසුව සිදු වූවකි. මීට පෙර මෙම ලකුණු ගත්තේ 1992 දී කඹුරාවල රේවත හාමුදුරුවන්ය. උන්වහන්සේ අද ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක උපදේශකයකු මෙන්ම කථිකාචාර්යවරයෙකි. කලා විෂය හදාරා විද්‍යාපති උපාධියද ලදහ. ඒ සම්පත් සදහන් කළ ඉංග්‍රීසි සහ පරිගණක දැනුම නිසාය. රට බබළවන්න ඔබට ශක්තිය ලැබේවා.