IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රජාවෙල ගොවිහූ විරෝධතාවක

(ඉන්දික අරුණ කුමාර)

මොරගහකන්ද ජලාශයට යටවන නාඋල කොන්ගහවෙල ග‍්‍රාම නිලධාරී වසමේ රජාවෙල ගම්මානයේ පවුල් 321කට අයත් ගොවීහු පිරිසක් කරුණු කිහිපයක් මුල් කරගනිමින් නාඋල ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය අසල දී අද (12) විරෝධතාවක් කළහ.

සිය ඉඩම්වලට සරිලන වන්දි මුදලක් ලබානොදීම හා අඳගොවින්ගේ සහ සින්නක්කර කුඹුරු හිමිකරුවන්ගේ ඉඩම් සඳහා මේ වන තෙක් විකල්ප ඉඩම් ලබානොදීම යන කරුණු මුල්කර ගනිමින් මෙම විරෝධතාව පැවැත්විණි.
මොරගහකන්ද ජන අයිතීන් සුරැකීමේ සංවිධානය සහ නාඋල ජන අයීතින් සුරැකීමේ සංවිධානය මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිනි.

මේ හේතුවෙන් මහනුවර - යාපනය ඒ නවය මාර්ගයේ රථ වාහන ගමනාගමනය එක් මංතීරූවකට සීමා විය.

පැයක් පමණ පැවති මෙම විරෝධතාව අතරට දඹුල්ල සහකාර පොලිස් අධිකාරි ගාමිණි මීගහකුඹුර  මහතා පැමිණි අතර පසුව ඔහුගේ මැදිහත්වීම යටතේ මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඞී.බී. විජේරත්න මහතා ද පැමිණියේය. ඉන්පසුව මේ සම්බන්ධයෙන් නාඋල ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත්විණි.

එහිදි උද්ඝෝෂකයින් පැවසුවේ මොරගහකන්ද ජලාශය ඉදිවීම පිළිබඳ තමන්ට ගැටළුවක් නොමැති බවත් ජලාශයට යටවන පුද්ගලයින්ගේ ඉඩම්වලට සාධාරණය ඉටුවිය යුතු බවත් ය.

මෙම ගැටළුව සම්බන්ධයෙන් ලබන 22 වැනිදාට පෙර මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් හා අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග සාකච්ඡාවක් ලබාදෙන බවට දුන් පොරොන්දුවකින් අනතුරුව උද්ඝෝෂණය අවසන් කෙරිණ.

අනතුරුව මොරහකන්ද ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඞී.බී.විජේරත්න මහතාගේ අත්සනින් යුතු ලිපියක් ද උද්ඝෝෂකයින්ට ලබාදෙන ලදී.

කෙසේ වෙතත් ලිපිය භාරදීමෙන් පසු උද්ඝෝෂකයින් පැවසුවේ මෙම ලිපිය ද හුදු ලියවිල්ලක් පමණක් වුවහොත් ඉදිරියේ දී දැවැන්ත උද්ඝෝෂණයක් කරන බවයි.
 



අදහස් (1)

රජාවෙල ගොවිහූ විරෝධතාවක

RD Tuesday, 12 December 2017 02:53 PM

හරි කොමිටියක් දාමු දැන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 52 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 132 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 932 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site