( ක.ග කරුණාරත්න)
ඉදිරි යල කන්නය සඳහා පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජලය නිකුත් කිරීම අද (25) පෙරවරුවේදී සිදු කෙරුණි.
වාරි මාර්ග දෙපාර්තමේන්තුව, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, තමන්කඩුව ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතනවල මෙහෙයැවීම මත පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානය මඟින් සංවිධානය කරනු ලැබූ අගමික උත්සවයකින් අනතුරුව පරාක්‍රම සමුද්‍රයේ ප්‍රධාන සොරොව්වෙන් ජලය නිකුත් කෙරිණි.


COMMENTS
එදා රජ දවස මේ මහා ජලාශය නිර්මාණය කල පරාක්‍රම බහු රජතුමා මේ ජලාශය අක්කර අඩි 1,50,000 පිරවිය හැකි පරිද්දෙන් නිර්මාණය කලා එදා සිට අදවනතුරු මේ මහා ජලාශය පරිහරණයේදී ඇති වී තිබෙන විනාසය මොනතරම් විශාලද කියන දේ සොයා බැලුවහොත් අප මොනතරම් නිහීන ජාතියක්ද කියලා හිතෙනවා අද මේ ජලාශයට පිරවිය හැක්කේ අක්කර අඩි 1,00,000 වඩා අඩු ජල පරිමාවක් සතියක් වැස්ස වැටුනොත් වාන් දානවා වහින වතුර මුහුදට යවල නිදාගන ඉන්නවා . ඇයි මෙසේ වන්නේ මේ ජලාශ වල නඩත්තුව හා එය සුරැකීම වෙනුවෙන් කිසිම කාර්යක් මේ වැදගෙන ඉන්න නිලදාරීන් නොකරන නිසයි මෙයාල හිතනවා වාන් වල තීන්ත ගෑවම වේලිවල කැඩුන තැන හැදුවම බෙදුම් ඇලවල් සුද්ද කලාම ජලාශය නඩත්තු වෙනවා කියලා.