(අජිත්ලාල් ශාන්තඋදය , ජයන්ත නානායක්කාර)
මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය යාල ජාතික වනෝද්‍යානයට ද බලපා ඇති බව වනජිවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මේ නිසා යාල කලාප අංක එක සහ දෙකේ පිහිටි වැව් මෙන්ම ආරවල් ද සිඳී ගොස් ඇති නිසා වන සතුන් දිය සොයා වැඩි වශයෙන් මැණික් ගඟට සහ කුඹුක්කන් ඔයට යන්නට පටන් ගෙන ඇති බව ද වනජීවී නිලධාරීහූ කියති.
යාල කලාප අංක දෙකේ පිහිටි ජලය රැදී පවතින, දිවුල්ගස්වැව, නබඩගස්වැව, බැද්දේතිරව වැව, තිරව වැව, මිල්ලන් වැව, ආගරගදුනේ වැව, ආගරවැව, ඉහළ මහ පිළින්නාව වැව, ඉහළ කුඩා පිළින්නාව වැව, කඩිය වැව, කොටමත්තේ පහළ වැව, තලන්තොට වැව, දිගනේ වැව, වඩුකන්බුදුම වැව, බෝගහවැව, රදාවැව, රුගම්වැව ආදී වැව් බොහෝමයක් මේ වනවිට සිඳී ගොස් ඇත.
සෑම වසරකම ජූලි අගොස්තු, සැප්තැම්බර් යන මාසවල මේ තත්ත්වය ඇතිවන බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ අවධාරණය කරති. එහෙත් ඔක්තෝම්බර් මාසයේ ඇතිවන අන්තර් මෝසම් වැස්සත් සමඟ ඊසානදිග මෝසම් කාලයේ යළිත් මේ වැව් සහ ආරවල් වතුරෙන් පිරී යන බව ද එම නිලධාරීන් කියයි.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.