(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චි දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් හදීසියේම ගිලා බැසීමකට ලක් වූ කිලිනොච්චිය උයිලන්කුලම් වැව් බැම්ම යුද හමුදාවේ මැදිහත්වී මත වැව කැඩී යාමෙන් බේරා ගැනීමට හැකිව ඇත.
පසුගිය දින කිහිපය පුරාවට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් තුනුක්කායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අයිලන්කුලම් වැව් බැම්ම එක්වරම ගිලා බැස ඇති අතර ගොවීහු 65 වන සේනාංකයේ යුද හමුදා නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව මේ සඳහා යුද හමුදාව මැදිහත් වී තිබේ.
කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් නිශ්ශංක රණවන මහතා වෙත දැනුම් දීමෙන් පසුව එම අවස්ථාවේදීම කිලිනොච්චි ආඥාපති තුමන්ගේ උපදෙස් පරිදි 65 වන සේනාංකයේ සේනංකාධිපතිතුමන්ගේ මෙහෙයවීමෙන් යුද හමුදා නිලධාරීන් 100 කට ආසන්න පිරිසක් හා ප්‍රදේශවාසීන්ගේද සහය මත ට්‍රැක්ටර් යොදා පස් කපමින් පස් උර යොදා ගිලා බැසීමකට ලක් වූ වැව් බැම්ම සහිත ස්ථානයට ඉදිරියෙන් තවත් බැම්මක් ඉදිකිරීමට පියවර ගෙන ඇත.






2025 දෙසැම්බර් මස 18
487
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
257
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1053
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුද හමුදාවත් ගම්මුත් එක්ව උලියන්කුලම වැව් බැම්ම බේරාගනිති
Hafeel Monday, 28 May 2018 07:30 AM
මේකෙන් තෙරන්නේ උතුරේ සාමාන්‍ය ජනතාවට අවශ්‍යතාවක් නැහැ හමුදාව ඉවත් කරන්න....... උතුරේ දේශපාලකයන්ට තමයි ඕන වෙලා තියන්නේ.
ROSHAN Monday, 28 May 2018 02:18 PM
මේකට තමයි කණ්ඩායම් වැඩ කියන්නේ. හොද වැඩක්. ජයවේවා.
kumar (galf) Monday, 28 May 2018 05:52 PM
දකුණේ වගේ උතුරේත් දේශපාලුවෝ මෙතන ලකුණු දාගන්න ඇවිත් නැ වගෙයි.