(සිතුම් චතුරංග)
යුධ සමයේ අතුරුදන්වූවන් හා බන්ධනාගාරගත කර සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා උතුරු පළාතේ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් හා සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීන් පිරිසක් අද (30) යාපනය - නුවර ඒ 09 මාර්ගය කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිටින් අවහිරකරමින් විරෝධතාවක් කළහ.
කිලිනොච්චිය දිස්ත‍්‍රික්කයේ අතුරුදහන්වූවන් සොයාදෙන ලෙස ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් විසින් ආරම්භකරන ලද සත්‍යග‍්‍රහයට දින 100ක් පිරීම හේතුවෙන් මෙලෙස මාර්ගය අවහිර කර විරෝධතාවයේ නිරතවූහ.




මාර්ගය අවහිර කර මහජනතාව පීඩාවට පත්වන අයුරින් විරෝධතා නොකරන ලෙසට කිලිනොච්චිය මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් දී තිබූ නියෝග නොතකමින් ඔවුහු පැය තුනකට ආසන්න කාලයක් උද්ඝෝෂණය කළහ.මේ හේතුවෙන් රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබිණි.
රජයක් ලෙස උතුරේ ජනතාවගේ ගැටළු සොයාබලන ලෙසත් තම දරුවන්ට සිදුවූ දේ සොයාබලන ලෙසත් ඉල්ලන විරෝධතාකරුවෝ අතුරුදහන්වූවන් සෙවීමට ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටින බවද කිහ.
COMMENTS
මේකේ ඉන්නේ තනිකරම බොරු කියන පිරිසක්, මේ ගොල්ලෝ හොන්ඩ්ස්ට් දන්නවා, මේ අතුරුදහන වුන කියන ඖඅ ඉන්නේ කොහෙද කියල. අනිත් එක හිරකරලා ඉන්නේ දේශපලන හොරකරුවන් නෙමෙඉ, මිනීමරුවන්. දේශපාලන අතකොලු ව්වෙලා මේ විදිහට වේද කරන්න එපා. රටේ දැවැන්ත ව්‍යසනයක් වෙලා ට්‍යන්කොට.
යකෝ මේක හරි කෙළියක්නේ අතුරුදහන් වුනේ ඔයාලගේ ප්‍රබකරන් නිසානේ එයාට කියන්න හොයල දෙන්න කියා තාමත් ඔයාල කියනවනේ ඉන්නවා කියා. ඕන උද්ගොසනයක් කරගන්න කියා ඔහේ ඉන්න අරින්න ඔය පලාතෙවත් කවුරුත් යන්න එපා
ත්‍රස්තවාදීන් යනු දේශපාලන සිර කරුවන් නොවේ. ඔවුන් හට ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ දඬුවම් දිය යුතුය. ඕක කියන අතුරුදහන් උවන් කී දෙනෙම් හොරෙන් ඉන්දියාවේ සහ යුරෝපයේ ඉන්නවද.
2016 කැළණි ගඟ , සාලාව, 2017 මීතොටමුල්ල , සබරගමුව සහ දකුණ යටවීමට හේතුව ? කොටින්ට අමතරව , අහිංසක ජීවිත නැති කිරීමේ සාපය සහ දකුණේ මුදල් තරගයට ගසා කෑම, දකුණට බලපා තිබේ.( උදාහරණ: පොකුරු බෝම්බ හාවිතය , රතු පස්වලට හමුදාව යැවීම ). විසදුම = ජනපති , ඇමතුවරු, විපක්ෂය සහ ආගමික නායකින් එක්ව දෙවියන්ගෙන් සමාව ගැනීම (දෙවියන් = GOD = Allah ). එසේ නොකළහොත් විපත දරුණු වනු ඇත.( කර්මය පල දීම )
අතුරුදහන් අයව මෙයාල කාගෙන්ද ඉල්ලන්නේ ඒකට වගකියන්න ඕන කොටි සහ දමිල දේශපාලකයෝ බලෙන් පැහැරගෙන ගිහින් කොටි සංවිධ්නයට ගත්තත අය දැන් අතුරුදහන් හරි විහිළුවක් ඒවා ප්‍රබාකරන් ගෙන් නැකිට්ටල දැනගන්න කියන්න තරම් අපේරටේ නායකයෝ එඩිතර නැති එක ගැන හරි කණගාටුයි
ලංකාවේ දකුණේ මෙච්චර විපතක් වෙලා තියෙන වෙලවකදිත් මේ අයට උදව්වක් කරන්න හිතෙන්නේ නැද්ද ? . උතුරේ අයට විපතක් උනානම් දකුණේ අය උදව් කරන හැටි බලන්න තිබුණා
කිරි පැකේට් නැද්ද අනේ.. පව් නේ....
දකුණේ මෙපමණ දෙයක් වෙලත් මෙයාලට ගානක් නෑ. රජය කොන්ද පන ඇතිව වැඩ කලේ නැත්නම් මතු ඉපදෙන එඋන්ට රටක් නැති වෙනවා ..අනගාරික දර්මපාල තුමා කි දෙය නැවත සිහි කලොත් හොඳය.
පොතේ හැටියට මේ කාලේ මේ උද්ඝෝෂණ පටන් ගන්න ඕන. අල්ලපු රටේ කට්ටියට ඕන විදියට ලංකාවට ඇතුල්වෙලා රටේ ව්‍යාපාර සියල්ල අත්පත් කරගන්න ලැබුනෙත් නැහැ. පොරොන්දු වුණු විදියට එයාලගේ වෙළඳපොල විවෘත කලෙත් නැහැ. ලංකාව මීළඟට එල්ලෙන්න යන්නේ චිනේ බවත් පෙනෙනවා. ඕක නවත්තන්න එකම මග තමයි නේ විදියට උතුර උසිගන්වල, වතුකරයේ සංචාරක ව්‍යාපාරය අඩපන කරවල, රට අස්ථාවර කරවල බැරිම උනොත් අයෙත් කුට්ටිමනිල ටිකක් එවන එක.
අදිකරණ නියෝග නොතකා පැය ගානක් පාර හරස් කරන ඉද්දි පොලිසිය බුදිය ගෙනද ඉඳල තියෙන්නේ? ඔන්න පොලිසියේ නීති නැමිල්ල, පුදුම නැමිල්ලක්නේ නමන්නේ. දකුණේදී ඔහොම අදිකරණ නියෝග කඩකරලා උද්ගෝෂණ කරොත් කොහොමද පන්න පන්න දඩ බල්ලෝ වගේ කඳුළු ගෑස් (ඒකත් උඩට නෙවෙයි උන්ඩේ ඇඟට වදින්න හරහට අල්ලලා), වතුර ගහන හැටි. වටකරල, මුණවත් හෝදන්න බැරි වෙන්න වතුර කපල පන්න පන්න ගහන්නේ මිනීමරු අපරදකරයින්ට ගහනවා වගේ. එ්ත් උතුරේදී හොයාගන්නත් නෑ, නැට්ට අකුලන් කෙඳිරි ගග හැන්ගෙනවා තෙමිච්ච කුක්කෝ වගේ. ඔහොම නැමීගෙන නමාගෙන යන්නකෝ, දැන් යහපලනයනේ.
ඔහොම අදිකරණ නියෝග නොතකා පාරවල් වහන් උද්ගෝෂණ කලොත් කොහොමද පොලිසියේ හැසිරීම රටේ අනිත් පළාත්වල? හැබැයි උතුරු නැගෙනහිරදී ඇල් වතුරත් නිමල බොන්නේ - එහෙට වෙනම නීතියක්. දකුණු පළාත්වල සිංහල මිනිස්සු උද්ගෝෂණ කලොත් තිරිසන් සත්තුන්ට වගේ සලකන්නේ. උතුරේදී අදිකරණ නියෝග නොතකා පැය ගානක් පාර හරස් කරත් දෙවියන්ට වගේ සලකන්නේ. තේ, කොපි, වතුර, බිස්කට් වගේ දේවලුත් ලෑස්ති කරලා දෙන්න ඇති පොලිසියෙන්ම පාර වහන් උද්ගෝෂණ කරන අයට. කුජීතයි!
අපේ හමුදාවල හිටපු අයගේ පවුල් වල උදවියත් මෙහෙම උද්ගෝසන කරන්න ? බලමු කොහොමද කඳුළු ගෑස් හෝ වතුර විදින ක්‍රමය කියල
සහජීවනේ. දකුණේ වගේම රටේ වෙන කොහේ හරි තමන්ට වුණු අසාධාරණයක් කියන කොට කඳුලු ගෑස් බැටන් පොලුවලින් උත්තර දෙනවා .කොටි ටික එහෙ කොටි සමරන කොට,මෙහෙම පාරවල් වහල නැටුම් නටන කොට පොලිසිය දැක්කෙ නෑ වාගේ ඉන්නවා .සනීපයි අපේ සිංහල මිනිස්සුන්ට..
ඡන්දෙට කලින් ඕව පොරොන්දු වුන කෙනෙක් ඉන්නවනේ එයාගෙන් ඉල්ලන්න ඔස්ට්‍රේලිය ගිහින් ඇවිත් ඉන්නේ.
දකුණේ උසාවි නියෝග කඩනකොට කදුළු ගෑස් ජලප්‍රහාර නොඅඩුව ලැබෙනවා. උතුරට වෙනම නීතියක්ද? අනික ඔය අතුරුදහන් වූවන් කියන අය ඕස්ට්‍රේලියාවඔ, කැනඩාව වගේ රටවල ඉන්නවා. ඕස්ට්‍රේලියාවේ පසුගිය කාලය පුරා බෝට්ටුවලින් අාපු අය දිහා බලපුවහම එය පැහැදිලියි.