
(මහනුවර විශේෂ චමිල් රුපසිංහ)
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර ශ්‍රී දළදා මාලිගාව අභියසින් රාත්‍රී 6.54 ට ආරම්භ විය.
පෙරහර දළදා වීදිය(වෝඩ් වීදිය),ඩී.එස් සේනානායක වීදිය(ත්‍රිකුණාමල වීදිය), පන්සලපාර, දේවවීදිය, කොළඹ විදීය(ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය), යටිනුවර වීදිය ඔස්සේ ගමන්ගෙන රජවීදියෙන් ආපසු පැමිණීමට නියමිතය.
අලි ඇතුන් 60 දෙනෙකුගෙන් සමන්විත මෙම පෙරහරේ සධාතුක කරඩුව වැඩම කරවන ලද්දේ ඉන්දිරාජා හස්තියා මතිනි.
අදින් ඇරඹුනු කුඹල් පෙරහර අගෝස්තු මස 02 දක්වා වීදී සංචාරය කිරීමෙන් අනතුරුව රන්දෝලි පෙරහර අගෝස්තු මස 03 සිට 07 දක්වා පුරාදින පහක් වීදී සංචාරය කිරීමට නියමිතය.
ඇසල මහා මංගල්‍යයයේ අවසන් රන්දෝලි පෙරහර අගෝස්තු 07 වැනිදා රාත්‍රි වීදි සංචාරය කර පසුදා (08 වැනිදා) පැවැත්වෙන දහවල් පෙරහැර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව මෙවර ඇසළ මංගල්‍යයේ අවසානය සනිටුහන් වන බවද දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය.


ජේ.ඒ.එල්. ජයසිංහ






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැස්සක් අහලක නොතිබුණු දවසක පාන්දරම මහා වැස්සක් වැහැලා උදේ හතවෙනකොට හිරුත් පායලා පරිසරය කළ විශ්මය මම නම් දුටුවේ දළදා පෙරහැරට කළ ආශිර්වාදයක් ලෙසයි
වැස්සක් අහලකවත් තිබුනේ නැති කාල වකවානු ගොඩක පෙරහැර පටන්ගන්න දවසේ උදේට හිරිපොදක් හරි වැටෙනවා. දවල් පෙරහැර දවසෙත් එහෙමමයි.