කිසිවකුගේ සමුගැනීම බොහෝ දෙනා හමුවීමේ අවස්ථාවකි. ශ්රී ලාංකික සංස්කෘතියේ සුවිශේෂී අංගයක් වන සිත්ගත් අයකුගේ අවසන් මොහොතට සහභාගි වීමේ සිරිත නිසා වසර ගණන් මුහුණට මුහුණ නොබලා සිටි අය මුණගැසී කතාබහ කෙරෙන අවස්ථා බොහොමයකි.
අපවත්වී වදාළ අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර ශ්රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහ නායක හිමියන්ගේ අදාහන පූජෝත්සවය පැවැති කොළඹ නිදහස් චතුරස්ර පරිශ්රයේ දී ජනපති මෛත්රිපාල සිරිසේන සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ යන මහත්වරු එකිනෙකා මුණ ගැසී ආචාර සමාචාර දැක්වූහ.
ආදාහන උත්සවයට පැමිණ සිටි අගමැති රනිල් වික්රමසිංහ, කථානායක කරු ජයසූරිය සහ බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් සමග හිටපු ජනපතිවරයා කථාබහ කරමින් එක්ව අසුන් ගෙන සිටි නමුත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඊට හවුල් වූයේ නැත. නමුත් ටික වේලාවකට පසු දෙදෙනා නැගී සිට ආචාර කරගන්නා ආකාරය දැකිය හැකිවිය.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)









COMMENTS
රටගැන .රටේ ජනතාව ගැන හිතලා ඔය වගේ සාමුහිකව එක්වෙලා රට ගොඩ නැගුවොත් නේද හොද, ඔබලා මහජන චන්දයෙන් පාර්ලිමේන්තු ගියෙත් ඒ දේවල් කරන්නනේ.කාටද මේ කොකා පෙන්වන්නේ..
මෛත්රි මහින්ද ලඟට ඇවිල්ල. හොඳ ගුණයක්. මහින්ද එන්න එන්නම තරුණ පාටනේ, බලය නැතිවත්.
නිහාල්, ඔබේ සටහන දැක්කහම හිතුනේ මොන තරම් කාල්පනික ලෝකවලද අපි ඉන්නේ කියල. "රටේ ජනතාව ගැන හිතලා", "සාමුහිකව එක්වෙලා" , "රට ගොඩනැගුවොත්", "පාර්ලිමේන්තු ගියෙත් ඒකට නේද" - කියන ඔය සේරම හරි එකක් හරි කරන දේශපාලනඥයෝ ඉන්නවද මේ රටේ? ඒ කවුරුත් කරන්නේ අන්තිමට ඔබ කියූ දේ විතරයි.
ජයවේවා!!! ඔහොම යමු. ඔහොමම යමු!!!
ලංකාවේ දේශපාලකයන් තරම් රට විනාස කරපු වෙනත් කිසිවෙකුත් නැත.. මගේ පියාගෙන් දැනගත් ආකාරයට මෙරටේ හිටපු කෘතහස්ත දේශපාලකයෙකු ලෙස සැලකෙන පාතාල නායකයෙක්ව මුළු දිවයිනටම බලපාන පරිදි සාමදාන විනිශ්චකරුවෙක් ලෙස පත්කර තිබෙනවාලු ...
කව්රු මොනවා කීවත් ඉතාමත්ම වැදගත් අවස්ථාවක්
හරිම දුර්ලභ අවස්ථාවක්.. මොනතම් වාසනවක්ද සිංහල බෞද්ධයෝ විවිධාකාර බෙදීම් ඇතිකරගෙන බෙදිලා වෙන්වෙලා සිටිනවාට වඩා එකතුවෙලා සමගියෙන් සිටිනවානම්. එහෙම නම් අපගේ රටත්, ජාතියත්, සම්බුද්ධ ශාසනයත් ආරක්ෂාවෙනවා විශේෂයෙන්ම නිර්මල ශ්රි සද්ධර්මය පවතින රටේ. සම්බුද්ධ ශාසනය ආරක්ෂාකරගැණීමේ උත්තරීන්තර වගකීම පැවරුන ජාතිය විදිහට ඒ වගකීම තේරුම් ගෙන, ඒ ධර්මයට අනුව රට පාලනය කරනවානම් මොනතම් වාසනාවක්ද..! විශේෂයෙන්ම පාලකයින් දැහැමි වෙනවානම්, ශිල්වත් ගුණවත් සැබෑම බෞද්ධ නායකයින් වෙනවානම් ඔවුන් කෙරෙන් රට ජාතිය සම්බුද්ධ ශාසන ආරක්ෂා වෙනවා වගේම සෙසු ජාතින්ට, ආගමිකයිනට බියෙන් සැකයෙන් තොරව තම ආගම් අදහමින් ජීවත් වෙන්නට පුළුවන් වගේම සිංහලයා බෞද්ධයා ශක්තිමත්ව සිටිනතාක් අන්තවාදීනට සිංහල ජාතිය බෞද්ධාගම විනාශ කරන්නට බැහැ.
බොහොම හොඳ අවස්ථාවක් කර ගනිමු. මේ සිංහල දමිල - අවුරුදු උදාව මුළු රටේම සමගිය පතුරු වන්න.... ජයෙන් ජයම වේවා !!! ඔබ දෙපලටම...
මට ලැජ්ජයි බන්, මට හිතෙනවා මාර දේවල්