(ක.ග. කරුණාරත්න)
පොලොන්නරුවේ ගොවි ජනතාව මෙවර මාස් කන්නයේ නෙළාගත් වී අස්වැන්නේ මුල් කොටස හෙවත් අග‍්‍රඵලය බුදුන් වහන්සේ වෙත පූජාකිරීමේ චාරිත‍්‍රානුකූල පිංකම අලූත් සහල් මංගල්‍යය අද (11) පෙරවරුවේ පොලොන්නරුවේ ඵෙතිහාසික ගල් විහාරය අභියස දී සිදු කෙරිණි.
අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පොලොන්නරුව සොළොස්මස් ස්ථානාධිපති වෙඩරුවේ ශ‍්‍රී උපාලි නාහිමියන්ගේ අනුශාසනා පරිදි පොලොන්නරුවේ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය, තමන්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගොවිජන සේවා, වාරිමාර්ග, මහවැලි ඇතුළු සෙසු ආයතන රැසක් සහ දිස්ත‍්‍රික්කයේ ගොවි සංවිධාන මගින් මෙම අලූත් සහල් මංගල්‍යය සංවිධානය කර තිබුණි.
ඓතිහාසික කිරිවෙහෙර අභියස සිට පෙරහරින් අලූත් සහල් රැගෙන ඒමටත් පසුව ගල් විහාරය ඉදිරිපිට තැන්පත් කෙරුණු තඹ පාත‍්‍රය සහලින් පිරවීම සහ ආගමික වතාවත් සිදුකරනු ලැබීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ නම ලියම් ඇල්මන්. ස්වීඩනයේ ඉන්නේ. ලංකාවට ආසයි. බුද්ධාගම පිළිපදින්නේ. සිංහල ටිකක් පුළුවන්. මම ගිය අවුරුද්දේ අලුත් සහල් මංගල්‍යයට සහභාගී වුනා ලංකාවට ඇවිත්. හරිම හොඳයි. ලංකාවේ ඔබ සැමට සුබ අවුරුදු වේවා! බුදුසරණයි!