ඡායාරූප කුෂාන් පතිරාජ
කොළඹ මාලිගාවත්ත සහ මරදාන ප්‍රදේශවල කුණු කසල කොළඹ මහ නගර සභාවෙන් එක් රැස් නොකිරීම නිසා ප්‍රදේශවාසීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති. පාරඅයිනේ ඇති කසල ගොඩවල්වලින් හමන දුඟඳ නිසා අවට නිවැසියන් මෙන්ම මාර්ගයේ යන එන පිරිස් ද පීඩා විඳිති. ඇතැම් මාර්ගවල ත්‍රීරෝද රියක් යාමටවත් නොහැකි අන්දමට පාරෙන් අඩකටත් වඩා කසළ ගොඩ ගැහී තිබේ. රවී කරුණානායක ඇමැතිවරයා පසුගියදා කියා තිබුණේ ත්‍රිවිධ හමුදාව යොදවා හෝ කොළඹ කුණු කසළ ඉවත් කළ යුතු බවයි.






COMMENTS
ආණ්ඩුවට තරහට..කුණු ටික වෙන් කරලා දෙන්න බැරි ජාතිය..
රට කුණු කදුවලින් වැහෙනවා දැන්.
මීට වසර පහකට කලින් කොළඹ මොන තරම් ලක්ස්සනට පිරිසිදිවට තිබුනද ?
මේ තත්වයෙන් ඉබේ ගොඩ එන්නේ නෑ කියල මහජනතාවට තේරුම් යන්නේ කවදද?
අවුරුදු 4 කලින් ලෝකයේ වඩාත්ම වේගයෙන් සංවර්දනය වුන නගරයකට යහපාළුවන් අත් කර දුන් ඉරණම..හූනියම් ගැන කතා කරන කුණු ගැන ඩෙංගු ගැන පාතාලේ ගැන මොකුත්ම නොදන්නා නායකයෝ ඉන්න රටක මේවා පුදුම වෙන්න දෙයක් නෙමෙය්
රටකට ඕනෑ අපමණ අගයක්.... ඒකට ඕනෑ අලුත්ම යුගයක්.. අපමණ අගය රටට ලැබී ඈති අයුරු තමයි.
ඔබට සතුටුයිද දැන්....
වැඩක් කරපු මිනිස්සුන්ට හොරු කියල හංවඩු ගහනවා. වැඩක් නොකර හොරකම් කරන අයට "හරිම සරල චරිත කියලා ඡන්දය දෙනවා" කියලා දීපු කට්ටියට දැන් සනීපයිද?
ලස්සනට රට පාලනය කරගෙන යනකොට ඉරිසියාවට කරන වැඩ මේවා...! මෙතන කුණු දාන කෙනෙක් දැක්කා නම් වහාම ගරු පරිසර ඇමතිතුමාට දැනුම් දීමට තරම් කාරුණිකවන්න.
ලංකාවේ මිනිසුන්ගේ මානසිකත්වය. එක එක්කෙනාට බැන බැන. තවත් කෙනෙක් කරනකන් බලන් ඉන්න මානසිකත්වය. තමන්ට පුළුවන් විදියට වට පිටව පිරිසිදු කර ගන්න දන්නේ නැහැ. ගෙවල් ලඟින් කණු යනවා, කිසිම පිළිවෙලක් නැති නගර සැලසුම්.
පොලිතින් ඇතුළු නොදිරන දේවල් ලංකාවට ගෙන්වන එක තහනම් කරන්න. පැරණි ක්‍රමයට බඩු ගෙනෙන බැග් ලැහැසිත් කරමු. නිවෙස්වල තියෙන කුණු පාරවල්වල දැමීම හෙන ගහන අපරාධයක්. ඩෙංගු වැඩි වෙලා තියෙන්නෙත් මේ ව්‍යාසනය නිසායි.
ලංකාවේ මිනිස්සු හරිම උඩඟු ජාතියක් නේ , කරදියානේ අය කැමති නැහැ අනුන්ගේ කුණු ගන්න , කොලොන්නාව, කිරින්දිවැල , පුත්තලම , මුතුරාජවෙල අයත් එහෙමයි . එම නිසා ප්‍රදේශයේ කුණු එහිදීම ප්‍රතිචක්‍රියකරණය කරන්න , නැත්නම් උඩඟු ජාතිය තමන්ගේ කුණු අනුන්ට නොදී ගෙදරම තියාගන්න . කුණු සම්බන්ධයෙන් ගන්න හැම විසදුමකටම, ව්‍යාපෘතියකටම විරුද්ධ වෙන ජාතියක්නේ ලංකාවේ ඉන්නේ .
2015 ඉල්ලපු වෙනසයි මේ භුක්ති විදින්නේ. 2013 මොනතරම ලස්සනට තිබුන නගරයක්ද අද මෙවගේ ඉරණමකට මුහුණදෙන්නේ. අර ලස්සනට හදපු දියත උයන අද විනාශවෙලා ,ඒ අසල තියෙන ළමා උයනත් අද විනාශ වෙලා. මේවා කගේ වැරදිද . කසල කළමනාකරණය කරගන්න බැරි පාලනයක් කොහොමද රටක් පාලනය කරන්නේ
කුණු ගැටලුව ආණ්ඩුවට විතරක් විසදන්න බෑ කියල මේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ , පහුගිය කාලේ කොළඹ ලස්සන කලාට, කීදෙනෙක් ජීවිත වලින් වන්දි ගෙව්වද ? ඉදුල් ටික වත් දාගන්න තැනක් නැති විදිහට නිවාස නගර සෙලසුම් කරලා දැන් එන එන ආණ්ඩු වලට බැන බැන ඉන්නවා
මහා පරිමාණ කුණු ප්‍රතිචක්‍රීකරණ සමාගමක් රටේ හතර කොනේ සහ මැද යන පස් තැනක පිහිටුවා කුණු කඳු සියල්ල ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් පමණයි මේ ප්රශ්නය සදහටම ඉවර කරන්න පුළුවන් වෙන්නේ. ජපානය හෝ සිංගප්පුරුවේ සහය ලබා ගැනීමට කොමිස් නොකන රාජ්‍ය නිළදරුවෙක්ගේ ඇස් මේ දෙස යොමුවේවා.
මගේ යෝජනාව නම්, පවතින හෝ අලුත් උග්‍ර ගනයේ ප්‍රශ්නයක් රටේ ඇත්නම් සියලුම රජයේ වගකිය යුත්තන්, පස් අවුරුදු හෝ විශාල ටෙන්ඩර් යෝජනා ක්‍රම වහාම අත්හිටවා,එම උග්‍ර ප්‍රශ්නයට පිලියමක් සෙවිය යුතුය.
අපිට අවුරුදු 2500 ගණනක ඉතිහාසයක් තිබුනට කුණු ඉවත්කිරීම අතින් අපි සිටින්නේ ඉතාම ප්‍රථමික මට්ටමක.ම කලක් විදෙස ගතව සිටිය. ඒ රටවල ආණ්ඩු මරුවුනට කුණු ඉවත් කිරීම් නතර වන්නේ නැත.අපි අපි ගැනම ලජ්ජා විය යුතුයි , තවමත් කුණු ඉවත් කරගැනීමට නිසි ක්‍රමවේදයක් සකස් කරගැනීමට බැරිවීම ගැන.
ඉල්ලපු වෙනස තමයි මේ ලැබිලා තියෙන්නේ... 2020 වෙනකම් ඉවසන් ඉන්න වෙන්නේ කට්ටියටම.... ගිය නුවණ ඇතුන් ලවාවත් අදින්න බෑලුනේ...