(ඉන්දික අරුණ කුමාර)
මොරගහකන්ද ජල ව්‍යපෘතිය හේතුවෙන් නාඋල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පාරම්පරික ගම්මාන 6 ක් ලංකා සිතියමින් මැකී යන බව ව්‍යාපෘති ඉංජිනේරු කාර්යාලය සඳහන් කරයි.
කඹරව, ගල්පෝරුගොල්ල, ඇලගමුව, තලාගොඩ, කඩවත, මැදපිහිල්ල යන ග‍්‍රාම නිලධාරි වසම් මේ අනුව ජලයෙන් වැසීයන අතර ලංකා සිතියමේ මාතලේ දිස්ත‍්‍රික්කයේ නාඋල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ඉහත ගම්මාන හය යළි කිසි දිනක දැක ගැනීමට නොහැකි වනු ඇත.
මීට අමතරව කොන්ගහවෙල හා රජාවෙල ග‍්‍රාම නිලධාරි වසම් දෙකේ කොටසක් ද ජලයෙන් යටවීමට නියමිත බව ව්‍යපෘති කාර්යාලය සඳහන් කරයි.
කඩිනම් මහවැලි මහ සැලැස්මේ අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශය ලංකාවේ එකම ස්ථානයකය සිට ගල්,පස් හා කොන්ක‍්‍රිට් යොදා සකසන ලද වේලී තුනක් එකවර නැරඹිය හැකි එකම ජලාශය වීම ද විශේෂත්වයකි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd