ප්‍රසාද් මුතුකුඩ
භූමිතෙල් මිල වහා පහත හෙලනු,ධීවර ජනතාවට දුන් පොරොන්දුව ඉටු කරනු ,පෙර මිලටම භූමිතෙල් ලබා දෙනු යනුවෙන් සඳහන් පාඨ සහිත පුවරු ඔසවමින් ධීවරයින් පිරිසක් මීගමුව මහ නගර සභාව ඉදිරිපිට දී අද (11) දහවල් විරෝධතාවයක නිරත වූහ .
මීගමුව වැල්ලවීදිය සාන්ත සෙබස්තියන් දෙව් මැදුරෙන් එදින උදෑසන ආරම්භ කළ මෙම විරෝධතාවය දහවල් 12 වන විට විරෝධතාකරුවන් මීගමුව - කොළඔ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයේ යෙදුණහ.
මීගමුව, පිටිපන, කම්මල්තොට,දූව ,වැල්ලවීදිය , කුඩාපාඩුව ,ඒත්තුකාල යන ධීවර සමිති නියෝජනය කරමින් දහසකට අධික පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටිති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය දැනටමත් භූමිතෙල් මිල අධුකරන්න තීන්දු කරලා. අර මන්ත්‍රීට ලකුණු දාගන්න මේගොල්ල පාරට බැස්සට වැඩක් නැහැ.