ළහිරු හර්ෂණ
 
කිරුලපන හන්දියේ දී අද (26) උදෑසන බස් රථයක තිරිංග ක්‍රියා විරහිත වීමෙන් සිදු අනතුරකින් යතුරුපැදි තුනක් හා ත්‍රී රෝද රථයකට හානි සිදුවී ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් ඒ අවට වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබේ.

අනතුරින් තුවාල ලැබු පුද්ගලයන් කළුබෝවිල රෝහල වෙත යොමු කළ බව පොලිසිය කියයි.