( ආර්.කෝගුලන් )
බදුල්ල දිස්ත්‍රික්කයේ පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් ලංකාවේ උසම දිය ඇල්ල වන බඹරකන්ද දිය ඇල්ලේ ජල මට්ටම අඩුවී තිබෙන අතර දෙස් විදෙස් සංචාරකයන්ගේ පැමිණීම ද පහත වැටී තිබේ.
පසුගිය අවුරුද්දක පමණ කාලයක සිට බදුල්ල දිස්ත්‍රික්කයට හරි ආකාරව වර්ෂාවක් නොලැබීම නිසා මෙලෙසින් දිය ඇල්ලේ ජල මට්ටම පහත වැටී ඇතැයි ගම්වාසිහු කියති.
ජල මට්ටම මෙලෙසින් පහත වැටීම නිසා සංචාරකයින්ගේ පැමිනීමේ පහත වැටීමක් තිබෙන බැව් වෙළෙන්දෝ පෙන්වා දෙති. දිය ඇල්ලට පැමිණෙන සංචාරකයින් මත රැඳී තිබෙන තමන්ගේ එදිනෙදා වෙළෙඳාම් කටයුතු පහත වැටීම නිසා තමන් දැඩි පීඩාවට පත්ව ඇතැයි ඔවුහු පවසති.
හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ පිහිටා තිබෙන මෙම දිය ඇල්ල අඩි 790ක් පමණ වෙයි.




(පෙර තත්ත්වය)

(දැන් තත්ත්වය)

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.