(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
ලෝකයේ කිසිදු රටක දක්නට නොමැති පරිත්‍යාගශීලිත්වයක් සහ මානුෂිකත්වයක් ශී‍්‍ර ලාංකීය ජනතාවගේ දක්නට ඇත්තේ බෞද්ධ දර්ශනය පසුබිම් වූ සමාජ වටපිටාව නිසා බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
බෙන්තර ඓතිහාසික උඩකොටුව බෝධිසමීප භීමතිත්ථ රාජමහා විහාරාධිපති බෙන්තර ජිනානන්ද හිමියන්ට ගාලූ කෝරළයේ ප්‍රධාන සංඝනායක ධූරය පිළිබඳ සන්නස් පත්‍ර ප්‍රදානය අද(6) ජනපති අතින් සිදු කෙරුණු අතර එහිදී උත්සව සභාව අමතමින් ජනපතිවරයා එසේ කීවේය.
පසුගියදා ඇති වූ ව්‍යසනයේදී ආදරයෙන්, කරුණාවෙන් සහ පරිත්‍යාගශීලිත්වයෙන් යුතුව විපතට පත් ජනතාවගේ දුක්, කදුළු සමග එක්වෙමින් ඔවුන් සනසන්නට සියලූ ජනතාව එකාවන්ව රොද බැඳ සිටියේ බෞද්ධ දර්ශනය මත පදනම් වූ උතුම් මානුෂීය ගුණාංගයන්ගෙන් ශී‍්‍ර ලාංකීය ජනතාවගේ හදවත් පොහොසත් නිසා බව ද ජනපති කීවේය.
එම විහාරස්ථානයේ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යොත්සවය ද ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්විණි.






COMMENTS
ලෝකයේ වෙන කිසිම රටකවත් නැති ආපදාවකදීත් හොරකම් කරන රටක් වෙලා.. ගංවතුරෙන් දුක් විඳින මිනිස්සුන් ගෙවල්වල ඇති... සිංහල ජාතියක් ඉන්නේ ලංකාවේ පමණයි. ජිනානන්ද හිමිට සංඝ නායක පදවියක් දුන්න එක හොඳයි.
ඒ දවස්වල ප්‍රේමදාස මහත්තයත් කළේ මේවගේ වැඩ තමා, සාසනේ දියුණුවක්, රටේ දියුණුවක් සිදුවෙයිද?
මෙච්චර කලක් මහින්ද මහත්තයා ගියපු පන්සල් දැන් මෛත්‍රී මැතිතුමා එක්ක එකතුවෙනවා. මහින්ද මහතාට මේ උත්සවයට අරාධනා නොකරපු නිසා තමයි ජපානෙට පිටත්ව ගියේ ...
සිවුරක් පොරවාගෙන ශාසනය රකින්නට, ධර්මය දෙසන්නට පොරොන්දු වුණාම තනතුරු මොකටද හාමුදුරුවනේ...?
, දුප්පතුන්, මහජනතාවට ජිවත් වීමට සහන දුන්නද, ජනතා මුදලින් පමණක් ඔවුන් වැජ්බෙනවද, තාන්න මාන්නලොකු කම පමණක්ම ලබාගෙන අවස්ථාවාදී වුනාද? මොකද තාම අපටනම් සහනයක් නැත, ඇයි පුංචි ලංකාවට ඔබින්නේ නැති වාහන ගෙන මහජනතාවට අවහිර වන පරිදි ගමන් කරන්නේ මේ අපිටපෙනෙන වැරදි වලින් .001% කි, පොලිස් නිතිය ගෙන මහජනතාවට පීඩා ආකාරයෙන් නිතිය වැඩ කටයුතු කරන්නේ, මෙවැන්නක් විදේශ රටවලනම් පෙනෙන්නේ නැත..