IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


බණ්ඩාරනායක ගුණ සමරුව හොරගොල්ලේදී

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 58 වැනි ගුණ සමරු උත්සවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසල දී පැවැත්විණි.

ඒ හා සමගාමීව ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සහ දිවංගත අනුර බණ්ඩාරනායක මහතාගේ ද ගුණ සිහි කෙරිණි.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මීන් විසින් ප්‍රථමයෙන් සමාධියට පුෂ්පෝපහාර දැක්වූ අතර  අනතුරුව ජනාධිපතිපතිවරයා ද ඊට එක්විය.

හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ඇතුඑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් ද සමාධියට පුෂ්පෝපහාර දැක්වූහ.

සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ අද පෙරවරුවේ උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණු අතර නියංගොඩ විජිතසිරි මල්වතු පාර්ශ්වයේ අනුනායක  හිමියන් විසින් පිරිස පංචශීලයේ පිහිටවනු ලැබූහ.

කොටුගොඩ ධම්මාවාස අමරපුර මහානිකායේ මහානායක හිමියන් විසින් පුණ්‍යානුමෝදනාව සිදු කළහ.

 



අදහස් (9)

බණ්ඩාරනායක ගුණ සමරුව හොරගොල්ලේදී

Ruchi Tuesday, 26 September 2017 08:35 AM

මේක තියෙන්න අපේ ගෙවල් කිට්ටුව. කිහිප සැරයක්ම මේ සමධියට හෙණ (අකුණු) වැදුනා. අයි දන්නේ නැහැ එහෙම වෙන්නේ??????

:       1       93

Jana Tuesday, 26 September 2017 08:40 AM

බණ්ඩාරණායක මහත්මයා ගොඩ නගපු පක්ෂයට රාජ්‍ය බලය අහිමිකරලා. එ.ජා.ප ය ඉදිරියේ වැඳ වැටෙන නිවට නියාලු තැනකට ගෙන දමන්නට කටයුතු කරපු චරිත කිහිපයක් බණ්ඩාරණායක මහත්මයාගේ සමාධිය ඉස්සරහා වැඳවැටෙනවා දැක්කම ඇතිවෙන්නේ නිදහස් පක්ෂයේ ප්‍රතිරූපය ගැන කළකිරීමක් විතරයි. බණ්ඩාරණායක මහත්මයා නිදහස් පක්ෂයට බොහෝ සෙයින් ආදරය කළා. නිදහස් පක්ෂය බලහීන කරලා අලි අතට පත්කරපු වර්තමාන නිදහස් පක්ෂයේ ඔළුගෙඩි සම්බන්ධයෙන් එතුමා බොහොම පිළිකුලෙන් බලාගෙන ඉන්නවා ඇති.

:       1160       2235

Chanak Los angelesTuesday, 26 September 2017 04:10 PM

සියලු දේම වෙනස් වෙන ලෝකයේ වෙනස් නොවන එකම දෙය වෙනස් වීම පමණයි කියන දහම තේරුම් ගන්න බලන්න .

:       62       40

somey Tuesday, 26 September 2017 11:23 AM

පක්‍ෂ දේශපාලනය අපට කල එකම හොඳ දෙයක් ඇත්නම් එය බණ්ඩාරනායක මහතා නොබියව ඉදිරිපත් කල සිංහල අධ්‍යාපනයයි. එසේම ඩී ඇස් සේනානායක මහතා කල ඉතාමත්ම නිර්භය දුරදර්ශී ක්‍රියාව නම් සිහල ජනාවාස නැගෙනහිර ඇති කිරීමයි.

:       0       8

aravinda Tuesday, 26 September 2017 12:43 PM

අතීතයේදී පක්ෂයක් ගොඩ නගාපු ආකාරයටම හැමදාම සිටිය යුතු නැහැ. ජාතියේ අවශ්‍යතාවට සහ සුබ සිද්ධිය සඳහා අනෙකුත් පක්ෂ සමග එකතුවී ක්‍රියා කිරීමේ කිසිම වැරද්දක් නැහැ.

:       5       65

Dr Edward Perera Germany Tuesday, 26 September 2017 10:29 PM

නිදහස් අධ්‍යාපනය යටතේ මව් භාෂාවෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්නට වාසනාව ලත් පුද්ගලයෙක් ලෙස, ඒ ඉඩ ප්‍රශ්තාවනාව මා වැනි සාමාන්‍ය පවුලක දරුවෙකුට ලබා දුන් දිවංගත එස්.ඩබ්.ආර්.ඩි. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ට ප්‍රථමයෙන් අපගේ ස්තුති පුර්වක ප්‍රණාමය. දෙවනුව එතුමාගේ ආදරණීය බිරිඳ වූ ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍ය වරිය මෙන්ම පස් වතාවක් ශ්‍රී ලංකාවේ අගමැති අසුන හෙබවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව ලෙස කටයුතු කළ ගරු සිරිමා බණ්ඩාරනායක මැතිනියත් ගෞරව පුර්වකව සිහි කරන්නට කැමැත්තෙමි. 80 දශකයේ පක්ෂ කටයුතු වලදී ඇය හා සමීපව කටයුතු කරන්නට ලැබීමද මා ලද භාග්‍යයක්‌ ලෙස සලකමි. ඒ දෙපළටත් අනුර බණ්ඩාරනායක මහතාටත් සසර කෙළවර නිවන් සම්පත්තිය ලැබීමට හේතු වාසනා වේවා!

:       0       0

kumar (galf) Wednesday, 27 September 2017 07:11 AM

බණ්ඩාරනායක මැතිතුමා මළවුන්ගෙන් නැගිටලා ආවොත් ආපහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අඩිය ගහන්නේ නෑ......ඒමොකද? මේ පක්ෂය එතුමාගේ සංකල්පය කාදමලා නිසා..... එහෙම එකේ සිරිසේන මැතිතුමා රට ගොඩදැමීමට විකල්පයක් සොයන එකේ ඇති වරද කිම.

:       0       98

ravindra Wednesday, 27 September 2017 07:18 AM

මහා රජා ඇතුළු හොරු මල් පොහොට්ටුවේ හිරවෙලා ද ...?

:       1       82

susula Wednesday, 27 September 2017 03:00 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිරි වුණේ සිරිසේන ජනාධිපති තුමාට පින් අයිති වෙන්න .නැත්තන් මේක මහා රජාගේ රජපාලනයක් .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site