නාලක දහනායක
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාට චීනයේ බීජිං විදේශ අධ්‍යයන විශ්ව විද්‍යාලයෙන් දර්ශනශුරී උපාධිය පිරිනැමීමේ උත්සවය එම විශ්වවිද්‍යාලයේ උපකුළපති මහචාර්ය ජිය වෙන්ජියන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ , ඇමැතිවරුන් වන ලක්‍ෂ්මන් කිරිඇල්ල, ගයන්න කරුණාතිලක, ආචාර්ය හර්ෂද සිල්වා මහත්වරු ද, , මහින්දානන්ද අලුතගමගේ, දිනේෂ් ගුණවර්ධන, සී.බී රත්නායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද, හිටපු කථානායක වී.ජ.මු ලොකුබණ්ඩාර, හිටපු ආරක්‍ෂ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට එක් වූහ.
ඡායාරූප - ඉෂාන් සංජීව







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් !!! අනිත් පාර්ලිමේන්තු සහෝදරයින්ට පාඩමක්...
රුපියල් දෙදාස් පන්සීයකින් පවුලකට මාසයක් ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් හොයාගත්ත තැනැත්තාට දර්ශනසූරි උපාධියකට වඩා ඉහළ උපාධියක් දෙන්න වටිනවා. ඒ ක්‍රමයට ජීවත්වෙන මිනිස්සු හැමදාම මෙතුමාට සුබ පතන නිසා මම අද සුබ පතන්නම්කෝ !!!
ලියපු නිබන්ධනය 'රු 2500 කින් 4 දෙනෙකුගේ පවුලකට මාසයක් කෑ හැකිය' යන්නද ?
"උගත මනා ශිල්පයමයි මතු රැකෙනා" (වටිනා) ඉගෙන ගැනීමට වයසක් හෝ තනතුරක් වැදගත් වෙන්නේ නැහැ. ඇමතිතුමාට මගේ සුබ පැතුම් !!!
2500 කට ජීවත් වෙන හැටිවත් කියල තියෙනවද?
ඔය සෙට් එකේම ඉන්නේ නිකම් දීපු උපාධි තියන අය. පරියේෂණ කරලා විභාගවලට ඉඳලා උපාධි ලබාගත්ත අයට මේක නිග්‍රහයක්...
විද්‍යා, ඔයාගේ අදහස ගැන නම් මට දැනෙන්නේ හරිම අපුලක්. එතුමාගේ දේශපාලනය පැත්තකට දාන්න. එතුමා ජ'පුරෙන් බිහිවුන රටම පිළිගත් උගතෙක්, බුද්ධිමතෙක්... එතුමාගෙන් ආර්ථික විද්‍යාවට අත්පොත් තබාපු කීදෙනෙක් අද මේ රටේ ශ්‍රම බලකායේ සේනාධිනායකලා වෙලා ඉන්නවද? මට දැනෙන විදියට විද්‍යා ඔයා ගණ අඳුරින් වෙලා ගත්තු මානසික කොදෙව්වක හිර වෙලා ඉන්නේ. ඒකෙන් ගොඩ එන්න බලන්න. එතකොට අසීමිත සතුටක් ස්පර්ශ වෙලා වගේ දැනේවි. හැබැයි ඒ එතුමා මට අසල්වාසියෙක් විතරයි. ස්තුතියි!. චීනය හා ශ්‍රී ලංකාව අතර පැවැති ආර්ථික සහ වාණිජ සබඳතා පිළිබඳව බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද පර්යේෂණාත්මක නිබන්ධනය වෙනුවෙන් මෙම ආචාර්ය උපාධිය පිරිනැමේ.
මේ උපාධිය මෙයාට ලැබුනේ "හාල්මැස්සෙක් සහ පොල්ගෙඩියක්" නිසා වෙන්න ඇති..
සුදුස්සාට සුදුසු දේ ලැබිලා තියෙනවා. අර රවී ගත්ත උපාධි වගේ නොවෙයිනේ...
ඔබෙන් ඉගෙනගත් අය අචාර්ය මහාචාර්ය වෙලා ඉන්නවා නම් ඔබටත් අාචාර්ය පදවියක් සුදුසුයි. මගේ සුබ පැතුම්!!! ඔබ කරන කතා විමසිල්ලෙන් බලන, අහන අය ඔබෙන් යමක් ඉගෙන ගන්නවා මිස ඔබට ගරහන්නේ නැත.
මහින්ද මහතා..., දැන් මෙතුමා මුදල් ඇමැතිකමට ඉහළින්ම සුදුසුයි. කිසිම දූෂණ චෝදනාවක් මෙතුමාට නැත. දෑත් ඉතා පිරිසිදුයි. පක්ෂ භේද නොතකා මෙතුමා මුදල් ඇමති කරනවා නම් රටට හොඳයි.
බන්දුල ගුණවර්ධන මහතා ගුරුවරයෙකු ලෙස මේ රටට කර තිබෙන්නේ අනුපමේය සේවයක්. මේ ලැබූ දෙයට එතුමාට මා හදවතින්ම සුබ පතනවා. දේශපාලන මඩ ගොහොරුවේ එරෙන්නේ නැතිව අධ්‍යාපන අංශයෙන්ම ඉදිරියට ගියා නම් මොනතරම් විශිෂ්ට සේවයක් එතුමාගෙන් මේ රටට වෙන්න ඉඩතිබුණද?