( සිතුම් චතුරංග)
යුද්ධය හේතුවෙන් වැලිඔය ප‍්‍රදේශයේ විනාශ වු විහාරස්ථාන 50කට සනීපාරක්ෂක ගොඩනැගිලි , ද්‍රව්‍යාධාර සහ ගැබිණි මව්වරුන් ඇතුළු ප‍්‍රදේශයේ ගොවි ජනතාව වෙත ද්‍රව්‍යාධාර බෙදාදීමේ වැඩසටහනක් පැපිලයාන සුනෙත‍්‍රාදේවි පිරිවෙනේ පරිවෙනාධිපති මහචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමිගේ ප‍්‍රධානත්වයෙන් වැලිඔය හැළඹ වැව ප‍්‍රදේශයේදී පැවැත්විණ.
පැපිලයාන සුනෙත‍්‍රාදේවි සමාජ සත්කාරක පදනම මගින් සංවිධානය කළ ‘පොල් රුප්පාවෙන් තල් අරඹට ’ වැඩසටහනට සමගාමීව ප‍්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා 159 විෂයෙහි දානය පිළිගැන්වීම සිදුකෙරිණ.
මෙම සමාජ සත්කාරක වැඩසටහන මගින් මුලතිව් ප‍්‍රදේශයේ සිටින සිංහල , දෙමළ හා මුස්ලීම් ගැබිනි මව්වරන් 200කට එක් අයකුට රුපියල් 10000 බැගින් වටිනා උපකරණ කට්ටලයක්, ප්‍රදේශයේ සිල් මාතාවන් 150 දෙනෙකු සඳහා සිල් රෙදි ප‍්‍රදානය කෙරිණි.
මීට අමතරව වසර ගණනක් ජල හිඟයෙන් පීඩාවිඳිමින් සිටි වැලිඔය ප‍්‍රදේශයේ ගොවීන් වෙත වගා ළිං 20ක් ඉදිකොට පරිත්‍යාග කිරීම හා ප‍්‍රදේශයේ විහාරස්ථාන 50ක් සඳහා වැසිකිලි , සනීපාරක්ෂක ගොඩනැගිලි හා විහාරස්ථාන නඩත්තු කිරීම් සඳහා උපකරණ බෙදාදීමද සිදුවිය.
‘පොල් රුප්පාවෙන් තල් අරඹට ’ සංහිඳියා වැඩසටහන පැවැත්වූ වැලිඔය හැළඹවැව ස්ථානයේ පසුගිය යුද සමයේ එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් සිවිල් ජනතාව ඝාතනය කොට සිංහල ජන සංහාරයක් සිදුකළ ස්ථානය වීමද විශේෂත්වයක් විය.
ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යන අංශයේ මහාචාර්ය මාගම්මන පඤ්ඥානන්ද නාහිමි , වැලිඔය ඇතැවැටුණු වැව උදුම්බරාරාමාධිපති රණවන ස්වර්නජෝති නාහිමි. කිරිඉබ්බන් වැව විහාරස්ථනයේ වැලිඔය 62 වන සේනාංකයේ සේනාංකාධිපති බි‍්‍රගේඩියර් සංජය වනිගසිංහ , 622 බලසේනාවේ බලසේනාධිපති කර්නල් සාලිය අමුණුගම , ඇතුළු වැලිඔය ජනතාව විශාල පිරිසක් වැඩසටහන් අවස්ථාව සඳහා සහභාගීවී සිටියහ.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසරයි අපේ හාමුදුරුවනේ, ඔය අතර වාරයේ ලංකාව හදන්න නම් "ඍජු තීරණ" ගන්න කෙනෙක් ඕනෑ කියන කතාවේ තේරුම විග්‍රහ කරමින් ධර්ම දේශනාවක් කලේ නැද්ද?
සුමනතිස්ස හාම්දුරුවන්ගේ වැඩ කතාවට විතරක් නෙමේ කියලා ඔප්පු කළා.ජාතිවාදී බික්ෂුවක් නොවන බවත් සනාථ කළා.
අපේ මැදගොඩ අභයතිස්ස මහැදුරු නාහිමිපාණන් වහන්සේට "සුඛී දීඝා යුඛෝ භව!!!"
මමත් මුදලින් දායක උනා. අපේ අබේතිස්ස හිමිපාණන්ට දීර්ගායුෂ.... සංහිදියාව කියන්නේ මේක තමා. තෙරුවන් සරණයි සැමටම.
මේවා තමයි වෙන්න ඕනේ.. සිංහල බෞද්ධ ජනතාව හැමදාම අනෙක් ජාතීන්ට සමානව සැලකුවා.. ඒ බුදුදහම නිසා තමයි මේ රටේ සම ජාතියකටම හොඳින් ඉන්න පුළුවන් වුනේ.. මේවා විදේශ මාධ්‍යවල යන්නේ නැත්තේ අැයි?