(ඩබ්ලිව්.ඒ.පියතිලක)
පොලොන්නරුව පූදුර් ගම්මානයට අසන්නව පෙරියාරු ගඟේ තුන්මොදර ප‍්‍රදේශයේ දියේ ගිලි මියගිය 8 වැනි වන අලියාත් අද (04) හමු වූ බව පොලොන්නරුව වනජිවි කාර්යාලයේ නිලධාරිහු පැවසූහ.
වනඅලි මියගිය ස්ථානයේ තිබූ ජපන් ජබර ශාක ඉවත් කිරීමේ මෙහෙයුම දියත් කරමින් සිටියදි අද අලි පැටියෙකුගේ සිරුරක් හමු වි ඇත.
ඉකුත් දින වනඅලි 7 දෙනෙකුගේ සිරුරු භූමදානය කළ අතර 8 වැනි වන අලියාගේ සිරුර භූමදානය කිරීමට පෙර මියගිය සියලුම වනඅලි වෙනුවෙන් මහා සංඝයා වහන්සේලා දහ නමක් වැඩම කර ආගමික වතාවත් වලින් පසුව භූමදාන කටයුතු සිදු කිරීමට වනජිවි නියෝජ්‍ය ඇමැති පලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු වනජිවි නිලධාරීහු කටයුතු කළහ.






COMMENTS
අලියා යනු සතුන් අතරින් ඉහලම බුද්දියක් තිබෙන සතෙකි. එමනිසාම මොවුන් පෙරහැරවලට පවා යොදා ගනී. විදුලිවැටවලින් පවා රිංගා ගොස් ක්‍රමානුකුලව තම අවශ්‍යතා ඉටුකරගන්නා සතෙකි. කෙසේ වෙතත් දියේ ගිලි මියගිය 8 දෙනාගේ මරණය ඉතාම සැකකටයුතු දායකය.
බලන්න මිනිසුන්ගේ ගුණවත්කම්