(ඡායරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට 40 වසරක් ගතවීම නිමිත්තෙන් එක්සත් ජාතික කලා සංසදය විසින් සංවිධානය කළ ‘ප්‍රජා සුව දිරිය’ සෞඛ්‍ය කඳවුර පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී අද (31) පැවැත්විණි.
කලාකරුවන් උදෙසා පැවැත්වුණු මෙම සෞඛ්‍ය කඳවුරේ දී ලේ දන්දීමේ වැඩසටහනක්, අක්ෂි සායනයක්, ඇස් කණ්නාඩි ලබාදීමක් ඇතුළු සායන රැසක් පැවැත්විණි. එජාප මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා මේ අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ අතර ඔහු විසින් ප්‍රවීණ රංගන ශිල්පීන් වන රෙක්ස් කොඩිප්පිලි හා මියුරි සමරසිංහ යන මහත්ම මහත්මීන්ට සංකේතවත් ලෙස නොමිලේ ඇස් කණ්නාඩි පිරිනමනු ලැබීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd