(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු සිවිල් සංවිධාන අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී අද සිදු කෙරිණ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් මෙන්ම සිවිල් ක්‍රියාකාරීහු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නව සන්ධානය වෙනුවෙන් ද ඒ ඒ පක්ෂ නියෝජනය කරමින් එම පක්ෂවල ලේකම්වරු ද ගිවිසුමට අත්සන් තැබුහ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට විජය කුමාරතුංග මහතාව මතක් වෙනවා. ඔහු අරගල කළේ මේවා බලන්නද කියලා?
අනේ අපේ වල්ගමට එන්න කිව්වේ නැද්ද?
මේ කරපු වැඩේ කිසිම තේරුමක් නැහැ.. මීට වඩා හොඳයි ශ්‍රී ලංකා එකෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් දැම්මා නම්... අද සහමුලින්ම ප්‍රගතිශීලී සහ මධ්‍යස්ථ මතයක් දැරූ දේශපාලන පක්ෂයක් අවලංගු කරලා දැම්මා...
චන්ද්‍රිකා සමඟ එකතු වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම "අපි ශ්‍රී ලංකා" නමින් නව සංවිධානයක් පිහිටුවාගෙන කටයුතු කරන බවයි කියන්නේ. ශ්‍රීලනිප ආසන සංවිධායකයින් අතරින් බහුතරයක් "අපි ශ්‍රී ලංකා" සංවිධානය සමඟ එක්ව කටයුතු කරන අතර ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එරෙහිව ශ්‍රීලනිපය රැකගැනීමේ අරමුණින් දීපව්‍යාප්ත රැස්වීම් මාලාවක් පැවැත්වීමටද තීරණය කර ඇති බව කියනවා. මේ අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජයගතහොත්" සිංගප්පූරුව දියුණුවට පත්කිරීම උදෙසා ලී ක්වාන් යූ විසින් ක්‍රියාත්මක කළ පාලන ක්‍රමයට සමාන ක්‍රියාදාමයක් ගෙනයාමට සැලසුම් කර ඇති බවයි කියන්නේ. සිංගප්පූරුවේ රෝහල්ගතව සිටි කාලයේදී ලී ක්වාන් යූ ගේ වැඩ කටයුතු පිළිබඳ පොත්පත් රැසක් ගෝඨාභයට ගෙනැවිත් දෙමින් මෙම අදහසට ඒ මහතා යොමුකරවා ඇත්තේ අප රටේ එක්තරා ප්‍රධාන මාධ්‍ය ආයතනයක ප්‍රධානියෙකු බවද කියනවා. ඒ අනුව "තමන්ටම අනන්‍ය ක්‍රමවේදයකට අනුව පක්ෂ බේදයකින් තොරවූ ලී ක්වාන් යූ පන්නයේ දූෂණ විරෝධී වැඩපිළිවෙලක් සකස් කිරීමට" ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇති බවත් එය තමන්ගේම පක්ෂය මුලින්ම ශුද්ධ කරමින් තමන් වටා ඉන්නා අයගෙන්ම පටන් ගැනීමට යන බවත් කියනවා...
කණගාටුයි. ඔබ විසින්ම ඔබම විනාශ කරගන්නවා. සියල්ලටම පෙර වෛරී සිතිවිලි වලින් ඉවත්වන්න.
මේ අශුද්ධ සන්ධානයට ඡන්දෙ දෙන්න තරම් මේ රටේ මිනිස්සු මෝඩ නැහැ. විශේෂයෙන්ම මෙවර. 2015 කාපු පරිප්පුව, නාපු නෑම මතකයිනේ.
දැනුයි එක පාටක කුරුල්ලෝ එක අත්තේ වැහුවේ.
මම බැලුවා කවුද මේ විරිත්තගෙන ඉස්සරහට පැනගෙන ඉන්නේ කියලා.
අනුර කුමාර ප්‍රමුඛ ජාතික ජන බලවේගය දිනුවට පස්සේ මේ සංධානයට පොහොට්ටු කට්ටියත් එ්වි... අනාගතයේදී ඔබ සමග විපක්ෂයට...
පුරවැසියන්ට වැඩි තැනක් දීලා නෑ නේද?
එකවල්ලේ පොල්. මරු කට්ටිය.
සාටකයන් හා ඔවුන්ගේ වරිගේ මතය වෙලා තිබෙන්නේ සාටකයින්ට එකතු වුණොත් පමණයි. දේශප්‍රේමීන් වෙන පක්ෂයකට සහාය දුන්නොත් දේශද්‍රෝහීන්.. අපි නම් කියන්නේ රට විනාශ කර රටේ සම්පත් හොරා කාලා වටිනා නගරයන් චීනයට විකුණලා අධිකරණය අතට අරගෙන ඔවුන්ට පක්ෂව තීරණ නොදුන්න විනිසුරුවන් එක පැයෙන් දොට්ට දමපු සාටක පවුල් පාලනයකට මුක්කු ගහනවා නම් අන්න ඔවුනුයි දේශද්‍රෝහියෝ...
එක්සත් ජාතික පක්ෂය යනු D.S. සේනානායක මැතිතුමා විසින් අරම්බකරනලද නිදහස ලබිමටත් පෙර ලංකාවේ බිහිවූ සෑම ජාතියක්ම සමව නියෝජනයකරන ප්‍රධාන ශක්තිමත්ම පක්ෂය. ඉතාම පහළ මට්ටමේ සිට ඉහළටම යාමට එදා මෙන් අදත් එම පක්ෂය සැමටම අවස්ථාවන් උදාකර අැත. අද බොහෝ සුළුජාතික පක්ෂ මෙන්ම විවිධ දේශපාලන මත දරන්නන් එක්සත් ජාතික පක්ෂය තුළත් සහ සමගත් එහි රැකවරණය මත දේශපාලනය කරන බව රහසක් නොවේ. අප පාක්ෂිකයන් වශයෙන් අපගේ පක්ෂය වන මේ මහා එක්සත් ජාතික පක්ෂය ගැන ඔවුන් තබා ඇති විශ්වාසය අගය කරමු. විශේෂයෙන් පසුගිය දශක කිහිපය තුළ විවිධාකාර වූ විවේචන, අර්බුධ හමුවේ එම අර්බුදවලට සාර්ථකව මුහුණ දෙමින් නොසැලී පක්ෂය ශක්තිමත් කරමින් පක්ෂය සහ රට වෙනුවෙන් ප්‍රබල දේශපාලන කැප කිරීම් කළ වර්තමාන අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා කළ සහ අදටත්, අනාගතයේදීත් කරන කැපවීම සහ සේවය සියලු ශ්‍රී ලාංකිකයන් සැමදා අගය කරනු අත. කවුරු මොනවා කිව්වත් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට මැතිවරණයකදී ජයග්‍රහණය කළහැකි සුදුසුම අවස්ථාව වනතුරු සිට ඔහුට එම අවස්ථාව ලබාදීමට කටයුතුකළ බුද්ධිමත් නායකයෙකි. සත්‍ය එයයි.
අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් එක්ක බැලුවහම මේක නිකන් පොඩි එකාගේ ලියුම වගේ. මැතිවරණ ඉතිහාසයේ පළමු වරට තමා ඒ වගේ සවිස්තරාත්මක දැක්මක් සහිත ප්‍රතිපත්ති ප්‍රකාශන මාලාවක් අපේක්ෂකයෙක් හෝ පක්ෂයක් විසින් ඉදිරිපත් කරනවා අපි දකින්නේ....
ජනතාව මෝඩයෝ කියලයි හිතන් ඉන්නේ... 2015 හිටපු සෙට් එකමයි ආයෙත් කරලියට ඇවිත් තියන්නේ, වෙනසකට තියන්නේ මෛත්‍රී ලොක්කා නැති එක විතරයි. ස්ටේජ් වල මොනවා කියලා ජනතාව රවට්ටන්න හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ.
ආයේ කවදාවත් නුඹලාට දේශපාලනය කරන්න බැරිවේවි...!!! ජනතාව ගොනාට අන්දන කාලකන්නි...
මම අහලා තියෙනවා දේශපාලනය කියන්නේ එකම කාසියේ දෙපැත්ත වගේ කියලා. එහි වටිනාකම එකයි. එයට වටිනාකම දෙන්නේ ජනතාවයි. එමනිසා පොදු මහජනතාව ඔවුන් වෙනුවෙන් ගහ මරා ගැනීම අනුවණ කමක්. ලංකාවේ දේශපාලකයෝ නළු නිලියෝ වගේ. මිනිසුන්ව විනෝද කරන්න එක එක දේවල් කරනවා. ලංකාවේ මිනිසුන්ට කසිකබල් ඉන්දියානු චිත්‍රපටි පෙන්නලා ඔවුන්ව ඔලමොට්ටල කරලා.. මේ වගේ දේශපාලන නාටකවලින් වින්දනයක් ලබාගැනීමට උගන්වලා...
මෙම රට කන පෙරමුණට පොදු සතුරෙක් සහ පොදු අරමුණක් ඇත. ඒ රාජපක්ෂ සහ රට පාවාදීමයි.
බෙදුම්වාදීන්, අන්තවාදීන් සහ අවස්ථාවාදී දේශපාලකයන් බහුතරයක් සජිත් වටේ හිටගෙන ඉන්නේ... ජනතාවට සිය තීරණය ඉතා පහසුවෙන් ගන්න පුළුවන් මේ පාර. අනික රනිල් දැන් අවුරුදු කීයක් පක්ෂ නායකකමේ ඉන්නවද? ඒවා ගැන කතා නොකර රට බෙදන අන්තවාදී NGO රැළට රෙදිනැතුව කඩේ යනවා.
මූණට අබ ඇට ටිකක් දැම්මොත් බෝම්බයකටත් වඩා සැරෙන් පුපුරයි.
දැන් පේනවනේ කාගේ කාගේත් හෙළුව ? මෙවුන් එකෙකුට වත් කවදාවත් රට ගැන රුදාවක් තිබුන කියලද හිතන්නේ? වල පයයි ගොඩ පයයි තියාගෙන තවමත් බල ලෝභය ඉහින් කනින් උතුරනවා.
අනේ... පව් වගේම දුකයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතනින් අවසන් ගමන් යනවා වගේ තමා.