
(ක.ග. කරුණාරත්න සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජලය පිටාර මට්ටමට පිරී පවතින හෙයින් එහි වාන් දොරටු 10න් වාන් දොරටු 04ක් අඩි 01 බැගින් විවෘත කල බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.
පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම මේ වනවිට අක්කර අඩි 1,10,000 ඉක්මවා තිබෙන බව පොලොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂ එස්.කේ. හේවාගම මහතා ප්‍රකාශ කලේය.
දැනට එම විවෘතකර තිබෙන වාන් දොරටු හතරෙන් තත්පරයකට ඝන අඩි 560ක ජල කඳක් පිටතට යැවෙන බවද ඒ මහතා කීය.
මෙවර මාස්කන්නයේ මහ වැසි ආරම්භවීමත් සමඟ පෙලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජලය පිටාර මට්ටමට පිරීම හේතුවෙන් වැවේ වාන් දොරටු අද විවෘත කරන ලද්දේ තුන්වෙනි වතාවට බවද වාරිමාර්ග අධ්‍යක්‍ෂවරයා කීවේය.
මේ අතර තබ්බෝව ජලාශයේද වාන් දොරටු 02ක් අද (09) සවස විවෘත කළ බව පුත්තලම ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු දිලිප හෙට්ටිආරච්චි මහතා පවසයි.
පවතින වැසි හේතුවෙන් තබ්බෝව ජලාශයේ ජල මට්ටම වාන් මට්ටමට පැවතීමත් සමග මෙසේ වාන් දොරටු දෙකක් අඩිය බැගින් විවෘත කිරීම සිදුවූ බව කියයි.
ඒ අනුව තප්පරයට ඝණ අඩි 450 බැගින් මී ඔයට ජලය මුදාහැරීම සිදුවන බව වාරි මාර්ග නිලධාරීහු පවසති.
මේ වන විට තබ්බෝව ජලාශයේ ජල මට්ටම අක්කර අඩි 4500 ක ධාරිතාවක් ඇති බව පැවසීය.

පරාක්‍රම සමුද්‍රය
(ඡායාරූප - ක.ග. කරුණාරත්න)




තබ්බෝව ජලාශය
(ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ)
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පරාක්‍රම සමුද්‍රය - තබ්බෝව වාන් දොරටු අරී
sam Sunday, 10 January 2021 08:24 AM
මාසයක් පායපුවාම ඔක්කොම ඉවරයි.