(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ‘කෙසෙල් ඇවරිය’ ලකුණින් පසුගිය පළාත් පාලන මැතිවරණයට තරඟ කර ඉන් ජයග්‍රහණය කළ චරිත මෛත්‍රී ගුණරත්න මහතා සිය පියා වන එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා ඉදිරියේදී කොළඹ මහා නගර සභා නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස අද (22) දිවුරුම් දුන්නේය.
දිවුරුම් දීම රාජගිරිය වැලිකඩවත්ත පාරේ පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
දිස්ත්‍රික්ක 11 ක් නියෝජනය කරමින් සභිකයන් 21 දෙනෙකු එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතීඥ මෛත්‍රී ගුණරත්න, සභාපති නීතීඥ උපාලි අමරසිරි සහ ජාතික සංවිධායක වෛද්‍ය ක්‍රිෂාන් රාජසුන්දරම් යන මහත්වරු ඉදිරියේ මෙලෙස දිවුරුම් දුන්හ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් තාත්තල පුතාලට හොදට සලකයි.
තවටික දවසකින් මුනුබුරාත් සීය ඉදිරියේ දිව්රුම්දෙවි. අනේ මෙහෙව් රටක අපි ඉපදුනානේ