(ඩයනා උදයංගනී / ඡායාරූප - ගයාන් අමරසේකර)
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් 19වැනි වරටත් සංවිධානය කරන ‘‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය‘‘ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද(15) පෙරවරුවේ ආරම්භ කෙරිණි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් අද ප්‍රදර්ශනය විවෘත කෙරුණු අතර අද සිට ලබන 24වැනිදා තෙක් දිනපතා පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා එය විවෘතව පවතී.
මෙවර ප්‍රදර්ශනයට දේශීය හා විදේශීය පොත් ප්‍රකාශකයන්ගේ කුටි 410ක් ඇතුළත් වන අතර විවිධ සංස්කෘතික හා කලා අංගයන්ද පොත් දොරට වැඩීම් ඇතුළු විශේෂාංග රැසක් ද ප්‍රදර්ශන භූමියේ දී පැවැත්වීමට නියමිතය.
විශේෂයෙන්ම මෙවර ප්‍රදර්ශන භූමිය පොලිතින්වලින් තොර කලාපයක් බවට පත්කිරීමට සංවිධායකයෝ තීරණය කර ඇති අතර ඒ අනුව කිසිදු ප්‍රදර්ශන කුටියකින් පොලිතින් කවරවල දමා පොත් අලෙවි නොකරන බවත් ඒ වෙනුවට තමන් නිවසින් ගෙන එන බෑගයක් හෝ ප්‍රදර්ශන භූමියට ඇතුළුවීමේදී අලෙවි කරනු ලබන රෙදි බෑගයක් හෝ භාවිත කරන ලෙස පොත් ප්‍රකාශකයන්ගේ සංගමය දැනුම් දෙයි.






COMMENTS
අපේ දූ දරුවන්ගේ පමණක් නොව සමාජයම නැණවත් කරන මේ පොත් මංගල්‍යයට සංවිධායක තුමන්ලාට පින් අනුමෝදන් කරමු. රජයේ අනුග්‍රහය මෙම ප්‍රදර්ශනයට ලැබේවා !!!. පුස්තක හා පුස්තක අමුද්‍රව්‍යවලට රජයෙන් සම්පුර්ණ තීරුබදු රහිත කිරීමට සිත් පහළවේවා!!! මෙය ලාංකිකයන් නුවණ, සාරධර්ම, ස්තුතිය, සහයෝගීතාවය ගෙනඑන සත් ක්‍රියාවකි.