හිරාන් ප්‍රියංකර ජයසිංහ
පුත්තලම සින්නපාඩුව වෙරළ තීරයට විදේශ රටවල භාවිතා කළ බවට සැකකරන වෛද්‍ය උපකරණ රැසක් ගොඩ ගසා ඇති බව ගම්වැසියෝ පවසති.
මේ දිනවල මුහුද රළු වීමත් සමඟ විශාල වශයෙන් මෙසේ පුත්තලම මුහුදු තීරයට අයත් උඩප්පුව සිට කල්පිටිය දක්වා කිලෝමීටර් 30 කට වැඩිදුරක් මෙසේ අපද්‍රව්‍ය මුහුදු රළට ගසා ගෙන විත් වෙරළ තීරයේ ගොඩ ගැසී ඇති බව ධීවරයෝ කියති.
සින්නපාඩුව ග්‍රාමීය ධීවර සමුපකාර සමිතියේ සභාපති ඩබ්ලිව්.ආර්.ජේම්සන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.
‘මේ වන විට විශාල වශයෙන් විවිධ අපද්‍රව්‍ය අපේ වෙරළ තීරයට ගොඩ ගසමින් තිබෙනවා. ඇත්තටම වෙරළ දිහා බැලුහාම පුදුම අපද්‍රව්‍ය තොගයක් තිබෙන්නේ. අනික මේ අපද්‍රව්‍යවල විවිධ දෑ තිබෙනවා. ඒ කියන්නේ විදේශ රටවල භාවිතා කරපුවා ද නැද්ද කියන්න බැරි සේලයන් බොතල්, බෙහෙත් විදිමට ගන්නා සිලින්ජර්, විවිධ ඖෂධ වර්ග අඩංගු කුඩා කුප්පි සහ විවිධ රසායනික ද්‍රව්‍ය සහිත කෑන් වර්ගත් තිබෙනවා. ගැඹුරු මුහුදේ ධීවරයින් භාවිතා කරන කැඩි ගිය දැල් ආම්පන්නත් තියෙනවා. ඒවා නම් ඉන්දියාවේ වෙන්න ඇති කියලා හිතෙනවා. මේ වෙරළ කලාපය සංචාරක කලාපයක් ලෙස නම්කර තිබියදීත් පුදුම කරදරයක් වෙලා තිබෙන්නේ’
මෙම අපද්‍රව්‍ය අතර මේ වන විට දහස් ගණනින් භාවිතා කළ ප්ලාස්ටික් බෝතල් දැකගත හැකි අතර එයට අමතරව විදුරු බෝතල් ද විසිරි තිබෙනු දැකගත හැකිය .
මේ පිළිබඳව කළ විමසිමේදී අදහස් දැක්වු වෙරළ සම්පත් හා වෙරළ කළමනාකරණ දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ මධුනී ප්‍රනාන්දු මහත්මිය මෙසේ කීවාය.
‘අපි මේ පිළිබඳව දැනගත් විගසම අපේ කණ්ඩායම් මේ ප්‍රදේශවලට යොමු කළා. මොකද ජනතාවගේ සෞඛ්‍යට හානි කරන දෙවල් තිබෙනවා නම් ආරක්ෂිතව ඉවත් කරන්න. නමුත් අපේ නිලධාරින් කියන විදිහට විශාල වශයෙන් වෛද්‍ය අංශ විසින් භාවිතාකර ඉවත දැමු දේවල් නොමැති බවයි දැනගත්තේ හැබැයි . විශාල වශයෙන් වෙනත් අපද්‍රව්‍ය තිබෙන බවට මට දැනුම් දුන්නා . අපි කඩිනමින් මේ සියල්ල ඉවත් කරන්න කටයුතු කරනවා’
සමූද්‍රිය පරිසර අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් නිළධාරි ප්‍රියංගා සමරසේකර මහත්මිය මේ සඳහන් කළාය.
“ මේ පිළිබදව අපිටත් තොරතුරු ලැබුණු විගස මේ ප්‍රදේශවලට අපි පැමිණියා . එහිදි අපිට දැන ගන්න ලැබුණු තොරතුරු තරම් විශාල වශයෙන් වෛද්‍ය අංශ භාවිතා කරනු ලැබු සිලින්ජර් ඇතුළු දෑ හමුවුණේ නැහැ . ඉතාම සුළු ප්‍රමාණයක් පමණයි අපිට එවැනි දෙවල් හමුවුණේ. නමුත් අපි මේ වන විට කිලෝමිටර් 10 කට වැඩිදුරක් වෙරළ තීරය පරික්ෂාවකට ලක් කරමින් මේ මොහොත වන විටත් ඉදිරියට යමින් තිබෙනවා’






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රට කොහොමත් මුළු ලෝකෙම තියෙන කසල කන්න බලාගෙන ඉන්න එකම රට. ඒ නිසා මේ රට දැන් ප්‍රසිද්ධ ජාවාරම් වලට සහ මේ වගේ කුණු වලට. මේ රටේ ජීවත්වෙන මිනිස්සුම තනිකර කුණු ගොඩවල් ටිකක් විතරයි. තව ටික දවසකින් මේ රටට වෙන දේ හිතාගන්නවත් බැරි වේවි. චීනෙන් හම්බන්තොට ආයෝජන කලාපයේ කරන්න යන්නෙත් මේ රටේ පරිසරය ආයෙත් හදාගන්න බැරි තරම් භයානක කර්මාන්තශාලා ගේන එක, ඉන්දියාවත් එහෙ ජනතාව ප්‍රතික්ෂේප කරන භයානක රසායනික කර්මාන්තශාලා ගේන්න හදන්නෙත් මෙහෙට. ඔය රටවල වගේ මාස්ක් එකක් දාගෙන හුස්ම ගන්නකොටයි පිටරටවලින් බොන්න වතුර ගේන්න වෙනකොට මෙහෙ ඉන්න අයට උඩ බලාගෙනයි ඉන්න වෙන්නේ.
මේවා සිංගප්පුරු ගිවිසුමෙන්න් ලංකාවට ආපු බාන්ඩ. කරුණාකරලා රනිල්ගෙන් හරි මලික්ගෙන් හරි අහන්න මොනවද කියල.
ෆොටෝ වලනම් ගොඩක් තියෙන්නේ වෛද්‍ය උපකරණ වගේ ...
වතුර වීදුරුවේ කිඹුලන් දකින මිනිස්සු ඉන්නේ. කේරලයට තමිල්නාඩුවට මුළු ඉන්දියාවටම හොදටම වැස්ස ජලාශ ඔල්ලෝම වේලි ඇරිය ඉතින් මහා කුණු කන්දක් මුහුදට එක උනාම .දියවැල් අපේ රට පැත්තට අරන් එනවා .මුහුදු යන මිනිස්සු දන්නවා ඉන්දියන් සාගරයේ කුණු තියෙන්නේ දුපත් වගේ විසාලෙට කියල .ඕක ලෝකෙටම බලපාන ප්‍රශ්නයක්