හිරාන් ප්‍රියංකර ජයසිංහ
පුත්තලම කුරුණෑගල මාර්ගය අයිනේ සැතපුම් තුනකට ආසන්න දුරක් පැල 1000ක් රෝපණය කිරිම පසුගිය දා සිදු විය.
කොට්ටුකච්චිය ග්‍රාමිය රෝහලේ සේවය කළ වෛද්‍ය අරුණ චමින්ද කැකුල්තොටුව මහතාගේ මැදිහත් වීමෙන් ආණමඩුව ප්‍රාදේශීය ලේකම් ටි.එම්.ජේ ඩබ්ලිව් . තෙන්නනකොන් මහතාගේ සහභාගිත්වයෙන් පැල සිටුවීම සිදු විය.
ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ සිවිල් ආරක්ෂක කණ්ඩායමක් ද මෙම පැල සිටුවිමේ කටයුත්තට දායකත්වය ලබා දුන්නේය.





COMMENTS
දොස්තර කෙනෙන්ක්ගේ ඔන්න හොඳ වැඩක්. අර සයිටම් පෙළ පාලි යන්නේ නැතුව මිනිස්සුන්ට සෙතක් වෙන දෙයක් කරන්න තරම් මොලේ තියෙන දොස්තර කෙනෙක්.
දැන් මීළඟ ඉඩෝරෙට කවුද ඔව්වට වතුර දන්නේ?
අනේ ලොකු දෙයක්. කොළඹ ඕව හිටවන්නකෝ. ගිනි කාස්ටකේ. පාරේ යන්න බැහැ පයින්.
ලොකු වෙනකොට ලංවීමෙන් කපනව
ඒකාලේ රජවරු තන්ඩලෙට ගිමන් මහන්සියට බොරළු පාර දිගේ මාර ගස්, බුළු ගස්, කොස් ගස්, හිටෙව්වා පස්සේ සුද්දොත් ගැල් සදහම එසේ කලා, සුද්දාගෙන් පස්සේ මගේ අම්මේ අපේ කට්ටියට මතක් උනේ රට ප්‍රපාතයට වැටෙන්න යන්හින්න පරණ යුගෙට යන්න හිතිලද? අපිටනම් බැහැ, අපි මේ බලන් ඉන්නේ මෙට්‍රෝ රේල්ලුවක් ලංකාවට එනකම් සීතලේ වේගෙන් නිදහසේ ඉක්මනට අඩු වියදමින් යන්න.
පාරේ අනිත් පැත්තේ හිටවන්න තිබුනේ. පෙන්නේ නැත්ද උඩ වයර් තියෙනවා.
ඉතා හොඳ වැඩක් ... ගමන් බිමන් යන අයට වතුර දෙන්නත් පුළුවන් ...
ඔය හිටවන ගස් පසුපසින් තිබෙන විදුලි කාණු පද්ධතියට ප්‍රශ්නයක් වෙනවද කියල කල්පනා කළේ නැද්ද?
රත්තරන් වටින වැඩක් , කොස් , අඹ , කොහොඹ , කජු , දිවුල් , දොඩම් වගේ පැවිල්ලට ඔරොත්තු දෙන , පලදාවක් පළාතේ අයට නෙලාගන්න පුළුවන් ගස් වර්ග හිටවන්න , ඉහලින් විදුලි රැහැන් ඇති තැන් වල වැඩිය උස නොයන ගස් වර්ග තෝරා ගන්නවා නම් වටිනවා, ඉදිරියේදී කෙරෙන මාර්ග පුළුල් කිරීමේ ව්‍යාපෘති ගැන මාර්ග සංවර්දන අධිකරියෙනුත් , විදුලි රැහැන් ඇදීම ගැන විදුලි බල මණ්ඩලයෙනුත් , ජලසම්පාදන මණ්ඩලයේ සහ telicom ආයතනෙයෙනුත් සහය ලබාගැන ඉදිරි සංවර්දන කටයුතු ගැන අවභෝදයක් ඇතුව පැල සිටුවන තැන් තෝරාගත්තොත් ඉතාම වටින දෙයක් , මුල් කාලයේ මේවගේ නඩත්තුව ඒ අවට ජනතාව , දහම් පාසල් දරුවන් , රාජ්‍ය ආයතන වලට වගේ භාර දෙන්න පුළුවන් , මිනිසුන් පරම්පරා ගණනාවක් යනකම් කරපු අය ගැන හොඳ කියාවි , හොඳ වැඩකට ගත් සාර්ථක ආරම්භයක් . ගොඩක් ආඩම්බරයි
කාලෝචිතයි වැඩේනම්. නමුත් හිටවන පැත්ත වෙනස් කළොත් නරකද? මොකද විදුලි රැහැනක් උඩින් යන නිසා....