(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ඉදිරියේදි පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා පළාත් මට්ටමින් සියයට 25 ක කාන්තා නියෝජනය තහවුරු කරන ලෙස ඉල්ලා පාගමනක් කොළඹ විහාරමහා දේවි උද්‍යානය අසලින් අද (14) ආරම්භ කෙරිණ.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය එක්ව මෙය සංවිධානය කර තිබූ අතර ත්‍රිවිධ හමුදා සාමාජිකාවන් ඇතුළු විවිධ වෘත්තීන් නියෝජනය කරන කාන්තාවෝ විශාල පිරිසක් පාගමන සඳහා එක්ව සිටියහ.
ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයාද , චන්ද්‍රානි බණ්ඩාර , සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ අනෝමා ගමගේ යන අමාත්‍යවරියන්ද මේ අවස්ථාවට එක්වුහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගෙන්ද ඉල්ලන්නේ, ඡන්දය දෙන්නේ ජනතාව. කාන්තාවෝ පක්ෂ අත් හැරලා එකතුවෙලා ඉදිරිපත් වෙන්න.
"කලහමාරයි" කිව්වලු.
ඉල්ලුම් පත්‍රයට නම් ටිකක් දන්නා විතරනේ තියෙන්නේ.....
මේ පින්තුරය වචන දහසක් කියනවා. කාන්තාවන් කණ්ඩායමක් තමන්ගේ ඓතිවාසිකම් ඉල්ලලා පෙළපාලි යනකොට. තවත් කාන්තාවක් තමන්ගේ සහ පවුලේ ජීවිත රැකගන්න කරත්තයක් ලග හිටගෙන ඉන්නවා.
කාන්තාවන්ගේ ප්‍රශ්න විසදන්න අනිවාර්යෙන් කාන්තාවෝ පාර්ලිමේන්තු එන්න ඕන. නමුත් දේශපාලනේ ගැන මෙලෝ සසරක් නොදන්නා ටේලි නාට්‍ය නිලියෝ නෙමේ. හොදින් ඉගෙන ගත්තු සමාජේ ගැන මෙන්ම පවූල් ජීවිතය ගැනත් පුළුල් අවබෝදයක් තියන අය විය යුතුයි.
කාන්තා බස් සේවාවක් දැම්මා. කාන්තාවෝ ඒකට නැග්ගේ නැහැ. බස් එක නැවැත්තුවා......... දුර ගමන් යන සමහර කෝච්චියේ කාන්තාවන්ට කියල පෙට්ටියක් තියනවා.... එකෙන් යන්න කාන්තාවෝ ගොඩක් ය අය කැමති නැහැනේ. එකෙන් යන්නේ පරක්කුවෙලා නැගිටලා කොන්ඩ පීරන්නැතිව ලිප්ස්ටික් ගාන්නේතුව කොච්චියෙන්ම ඒ ටික ඉටුකරන අය විතරයි. ඉතින් කාන්තාවෝ ඡන්ද දෙයිද එහෙම දුන්නොත් පාර්ලිමේන්තුව කොහොම වෙයිද? ඉවසල බලමු.....
අර දේශප්‍රේමීන්ගේ බිරින්දෑවරුන්ට පුළුවන් ආයතන දෙකකට තරඟකරන්න.
මෙම උද්ඝෝෂණයට සහභාගිවන අය දැක්කාම පුදුම හිතෙනවා. මොකද මෙම ඉල්ලීම ඉටුකරන්න යැයි බල කරන්නේ කාගෙන්ද? පලාත්පාලන ඇමතිවරයා සහ රජය නියෝජනය කරන සියළු පාක්ෂිකයින් නොවේද මේ ඉල්ලීම ඉටුකරන්නැයි බල කරන්නේ? මෙය තනිකරම "ඌ මට ගහනවා...මට ඌ ගහනවා" කියන බර්ටිගේ දෙබස වගේ නොවෙයිද?
ඕකට පෙළපාලි ගිහින් වැඩක් තියෙනවද? මේ වගේ නිවුස් දැක්කම වහ කන්න තමයි හිතෙන්නේ