(ඉෂාන් සංජීව)
“අපේ පළමු උත්සහය මේ ප්‍රදේශයේ ජන ජිවිතය යථාතත්ත්වයට පත් කිරීම සහ ජිවිත අහිමි වුවන්ගේ මළ සිරුරු සොයා ගැනිමයි.බොහෝ දුරට ඒ කටයුතු සිදුවෙමින් පවතිනවා. කුණු කන්දෙන් වෙන හානිය නවත්වන්නට අප ක්‍රියා කරමින් සිටිනවා.
හමුදාව සහ පොලිසිය පැමිණ මේ ප්‍රදේශයේ මුදාගැනිමේ සහ සහන සැලසීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ප්‍රදේශයේ ජිවත්ව නිවාස අහිමි වු සැමට නිවාස ලබා දීමට අප තීරණය කර තිබෙනවා. මැයි,ජුනි,ජුලි මාස වනවිට මේ ජනතාවට එහි පදිංචියට අවස්ථාවක් ලැබේවි.” යැයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීතොටමුල්ල නායයාමේ සිද්ධිය නිරික්ෂණයට සහ අවතැන් වු ජනතාවගේ සුවදුක් විමසීම සඳහා අද (19) මීතොටමුල්ල ශ්‍රී රාහුල විද්‍යාලයට පැමිණි අවස්ථාවේ කියා සිටියේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ ජනාධිපති කියල කෙනෙක් ඉන්නවද හැබෑටම ?
මේකත් අර සාමසර සහ සාලාව ජනතාවට දුන් පොරොන්දු වගේද? අගමැති විතරක් නහය වහගෙන ඉන්නේ අනිත් අයට වඩා වෙනස් කියල පෙන්වන්නද? මේ පොරොන්දු ගැන නම් අපට කිසිම විස්වාස්සයක් නැත. දින 100 පොරොන්දු වලින් බැට කාපු ජනතාවක් අපි...
අපේ අගමැති වයසට ගියත් නහය තාම වැඩ කරනවා...
දහම්, ලංකාවේ මිනිස්සුන්ගේ වාසනාවටද කොහෙද? අපිට අගමැති සහ ජනාධිපති යන නිල දෙකටම ඉන්නවා...
කිව්ව වගේම ගෙවල් ලැබේවි. දැන් දීපු පොරොන්දු ඉටුකරලා ඉවරවෙලානේ ඉන්නේ. මිනිස්සු මැරෙන තරමටනෙ මේ දේශපාලකයෝ කැමති. එතකොට මෙයාලට මළගෙවල් වල යන්න පුළුවන්... කතා පවත්වන්න පුළුවන්... මිනිසුන්ට දැවෙන ප්‍රශ්න අමතකවෙනවා. මොලේ කළඳක් තියෙන කෙනෙකුට තේරෙනවා මීටර 100 ක් වගේ උස කුණු කන්දක් කොයි වෙලාවේ හරි කඩා වැටෙනවා කියන එක. මොකක්ද ගත්ත ක්‍රියා මාර්ගය හානිය අවම කරන්න ? ඒ උනාට කතා කරන්නේ, කොළඹ ආසියාවේ වාණිජ නගරය කරන්න. මේ අයට කුණු කන්දක් පාලනය කරගන්නවත් බැහැ. එ්ක තමා ඇත්ත. තව සැරයක් ඡන්දෙත් ඉල්ලාවි කුණුකන්ද ඉවත්කරලා දෙනවා කියලා...
මෝඩ වෙන්න එපා මිනිසුනේ දෙන දෙයක් අරගන්න. මොලේ පාවිච්චි කරලා කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න.
මුළු ලෝකයම බලන් ඉන්නවා. ලැජ්ජ නැහැ. කසල කළමනාකරණය කවද වෙයිද?
නහය වහගෙන ඉන්නේ අපේ රටේ අගමැතිතුමා නොදැකපු අය බලා ගන්න...
ටික් වෙලාවකට මේ ගද ඉවසන්න බැරි බව රූප වලින් පේනවා. අර මිනිස්සු අවුරුදු ගානක් කොහොම හිටියද කියල දැන්වත් තේරුම් ගන්න. රට ඉදන් අාපු අගමැතිතුමාට ඒහෙයි මෙහෙයි වෙනස හොදට වැටහෙනවා අැති
මේ ගොල්ලන්ට ඇදුමක් ඇදගෙන මේ තැන්වලට එන්න පුලුවන්ද මන්ද?
මෙයාල මෙච්චර කල් දුන්නෙත් පොරොන්දු විතරයි, මේකත් පොරොන්දුවක් විතරයි. ගෙවල් ලබන ආත්මයේ තමයි
තමන්ගේ ජනතාව "මැරෙනකම්ම ජීවත් වුනේ මේ ගඳත් එක්ක" බව දැන්වත් තේරුම් ගත්තද. මේ එක අවස්තාවක් විතරයි. පොළොවේ පයගහලා රටවටේ පොඩි රවුමක් ගියානම් දැනගන්න පුළුවන් ජීවත්වෙලා ඉන්න මිනිස්සුත් ජීවත්වෙන්නේ කොහොමද කියන එක. දෙයක් සිද්ධවුනාට පස්සේ මෙහෙම රවුමක් ගහන එක මේගොලන්ට වාසියි.
පොරොන්දු නම් ගොඩයි. එකනේ චන්දෙ දුන්නේ. එත් කෝ. සල්ලි නෑ කියනවා , වාහන ගන්න සල්ලි පාස් කරනවා. රටට වැදගත් තීරණ තදින් ගන්නත් ක්‍රියා කරන්නත් කිසිම උවමනාවක් නෑ වගේ. කිසිම ප්‍රශ්නයකට උත්තරයක් නැනේ අවුරුදු දෙකක් ගියා!
ගිය ආණ්ඩුවට දොස් කිව්වේ රණවිරුවන් කාණු හදන්න දාලා කියලා . නමුත් දැන් කියන්න වෙන්නේ කුණු අදින්න දාලා කියලා.
සාලාව වගේද..
සිරිසේන.දුමින්ද දිසානයක ගෙ මගින් ගත්තූ මිලියන ගනන් කුලිය ගෙවා ගෙන වසරක් තිස්සේ පදින්චි නොවී සිටින සබ්තගෙ රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලේ මෙම අසරන පිරිස පදින්චි කරනු.
සිරිසේන.දුමින්ද දිසානයක ගෙ මගින් ගත්තූ මිලියන ගනන් කුලිය ගෙවා ගෙන වසරක් තිස්සේ පදින්චි නොවී සිටින සබ්තගෙ රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලේ මෙම අසරන පිරිස පදින්චි කරනු.
මට හීනෙන් පෙනුන මෙහෙම පොරොන්දු වෙනවා. අනතුරෙන් විපතට පත් උන සේරටම දින 100 ක් ඇතුලත නොමිලේ වයි ෆයි සහ වොක්ස්වැගන් මෝට රථය බැගින් දෙන බවට පොරොන්දු වෙමි.
අගමැති වරයා අඩු වශයෙන් මෙතනට ආපු එක අගය කලයුතුයි.
අර දුමින්ද දිසානායක මගින් ගත්තු සබීතා ගේ මිලියන ගානක් ගෙවන බිල්ඩිම ඔය අසරණ මිනිසුන්ට දෙන්න
කිසිම විනයක් සහ ලැජ්ජාවක් නැති පාලකයන් සහ මිනිසුන් ඉන්න රටක්. පොදු විපතකදි අවට මිනිස්සු කරන උදව් ටික කරල තත්වය පාලනය උනාට පස්සේ නහයත් වහගෙන එන ලස්සන. අරය තවම පත්තරේ විස්තරේ දැකල නෑ මයෙ හිතේ. චික් විතරක් කියන්න තමයි හිතෙන්නේ. මේ මිනිස්සු මෙහෙම ඉවසගෙන ඉන්න එකත් ලොකු දෙයක්
මේක මෙයාගේ වැඩක් වෙන්න පුළුවන්. නැත්නම් මෙයට මෙච්චර අනුකම්පාවක් අතිවෙඉද මිනිසුන් ගැන. කොහොමත් 88-89 කාලයේ බටලන්ද පුරුද්ද නිසා.මටනම් මෙය ගැන සැක සහිත
කියන දේ කෙසේ වෙතත්, දැක්කහමත් දැන් හිනහ යනවා
මෙන්න මෙයා කට වහගෙන, අර මිනිස්සුන්ට ඔච්චර කල් ජීවත් වෙන්න පුළුවන් කුනුගොඩේ...මෙයාට මේ ටිකට ගද ඉවසන්න බෑ.... මේ රටේ මෝඩ මිනිස්සු මෙයාලට තවත් කඩේ යනවනේ.
ජනාධිපති මෙි පැත්ත පළාතේ නහය වහගෙනවත් ගියෙ නෑ වගේ. කොහොමටත් මෙි පුස්කාපු දේශපාලුවන්ගේ කට දිගටම වහල තියන එක අපිට කනක් ඇහිල ඉන්න හොදයි. අඩුම තරමෙි පාර්ලිමෙිනතුවට එන දවසටවත් කටවල් වලට ප්ලාස්ටර් ගහලා යවන එක හොදයි. කසල ටිකක්වත් කලමනාකරණය කරගන්න බැරි මී හරක්. හැබැයි මේ කුණු ගොඩේ රත්තරං තියනවා කිවිවොත් මුං ටික කුණු ටිකත් කාගෙන කාගෙන යයි. රටෙි අවාසනාවට පත්වෙන දේශපාලකයින් නුඹලාට යන්න අපායක් නැත. ආත්මය සුවපත්වෙන්න රටට වැඩදායි එක දෙයක් කරන්න මැරෙන්න කලින්. මීහරක් ඔලුයි ඌරු කටවලුයි තියෙන පිසාචයින් කොටසක් තමයි මේ ශ්‍රීලංකාවෙි දේශපාලකයින් කියන්නේ.
අනුරගේ කතාව වැරදි. අනිත් රට වලත් හමුදාව මේවගේ ආපදා වලට මෙහෙයවනවා. කියන්න අනුර ඔයාට කතා කලොත් ඔයා යනවද මේ වැඩේට. කියමු සල්ලිත් දෙනවා කියල?
ගෙවල් දෙනවනම් ඒවත් අරගෙන දරුවන්ගෙ අනාගතය ගැන හිතල ඔතනින් යන්න. ඉඩම්වලට ඔප්පුත් තියෙනවනම් වන්දිත් ගන්න. හැබැයි දෙන ගෙවල් කුලියට දීල ආයෙමත් මේ නරකාදියට එන්න එපා.