(රේඛා තරංගනී ෆොන්සේකා)
මැදිරි දෙසීයක් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ දුම්රිය දෙපාර්තමේන්තුව සහ තත්ත්‍රි ට්‍රේලර්ස් පුද්ගලික සමාගම එක්ව නිමවු වසර විසිපහක් පැරණි දුම්රිය මැදිරි නවයක් අද (18) මරදාන දුම්රිය පොළෙහි දෙවන වේදිකාවේ සිට නුවර දක්වා පෙර පරික්ෂණ චාරිකාවක් ඇරැඹිය.
මෙම පරික්ෂණ චාරිකාවට දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධාන ධාවන බල ඉංජිනේරු සහ ව්‍යාපෘති අධ්‍යක්ෂ නිලන්ත ප්‍රනාන්දු මහතා එක්ව සිටි අතර වසරක් දෙකක් ඇතුළත කපා ඉවත් කිරීමට වෙන තරමට අබලන්ව තිබු බව කියන එම අලුත්වැඩියා කළ මැදිරි තව වසර පහළොවක් පමණ ධාවනයේ යෙදවිය හැකි තරමට නවීකරණය කර ඇති බව ඒ මහතා පැවසීය.
2015 වසරේ යෝජිත අයවැය යොජනාවකට අනුව දේශිය කර්මාන්තකරුවා නගා සිටුවීම සහ දිරි ගැන්වීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙ බවද ඒ මහතා පැවසීය. මැදිරි පන්සියක අවශ්‍යතාව සපුරණු පිණිස මුලික අධියරේ මැදිරි 200 නිමවීමට මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාවට නංවා ඇති බව පවසන නිලන්ත මහතා මසකට මැදිරි පහ බැගින් නිමවීමට සැළසුම් කර ඇති බව පැවසීය.
ඒ අනුව දුම්රිය මැදිරියේ රෝද තිරිංග පද්ධතිය වැනි මගී ආරක්ෂාව සලසන යාන්ත්‍රික කොටස් දුම්රිය දෙපාර්තමේන්තු ඉංජිනේරු කණ්ඩායම නිමවන අතර මගී ගමන් පහසුව සලසන මැදිරි සුව පහසුවට සලසන මැදිරියේ ඇතුළත කොටස් තන්ත්‍රි ට්‍රේලර්ස් ආයතනය නිමවු බවද දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධාන ධාවන බල ඉංජිනේරුසහ ව්‍යාපෘති අධ්‍යක්ෂ නිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
විදේශ රටකින් දුම්රිය මැදිරියක් ආනයනය කිරීමට විශාල මුදලක් වැයවන බව සඳහන් කරන ඒ මහතා අදාළ මැදිරි ප්‍රතිසංස්කරණයට වැය වුයේ එම මුදලින් හතරෙන් එකක් පමණක් බවත් මේ සඳහා සේවකයින් දෙසීයකගේ ශ්‍රම දායකත්වය ලබාගෙන ඇති බවත් පැවසීය.
එමෙන්ම නවීකරණය කළ මෙම මැදිරිවල වැසිකිළි පද්ධතියද ඉතා උසස් තත්වයෙන් නිමවා ඇති අතර සියළු නිමවීම් දුම්රිය දෙපාර්තමේන්තුවේ අධික්ෂණය යටතේ දුම්රිය සම්මතයට අනුව නිමවු බවද ඒ මහතා පැවසීය.
නවීකරණය කළ දුම්රිය මැදිරි දුම්රිය අංක තිස්පහ යටතේ කොළඹ කොටුව නුවර පසු දින නුවර මාතර සහ මාතර සිට කොළඹ දක්වා ‘ධාවනය කිරීමට නියමිත බව වැඩිදුරටත් පැවසීය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගය කලයුතු ක්‍රියාවක්. ඉදිරියටත් මෙලෙස කටයුතු කරන්න
ඉතාම හොද කටයුත්තක්.අනුරාධපුරයට දැනට ධාවනය වන කැරපොත්තන් නැති අලුත් මැදිරි කිහිපයක්හරි දෙන්න බලන්න.
මම හිතන්නේ, පැහැදිලි දර්ශනයක් සහ ප්‍රතිපත්තියක් තිබෙනවා නම් මෙවන් වූ රාශියක් වැඩ මේ රට තුල කල හැකි බවයි. අවශ්‍ය වන්නේ මෙවන් වූ යෝජනා වලට රජයේ අතහිත දීම පමණි. නමුත් අපේ අවාසනාවකට අපේ පාලකයින්ට හැම දේටම විදේශය පමණක් පෙනේ.
මෙන්න වැඩ... අපි ඔබ සමගයි. ස්ටේෂන්වල තියෙන වැසිකිළිත් පිරිසිදුව තියාගනිමු.
මේ වැඩේ නම් පංකාදුයි. පහුගිය කාලේ කොච්චර දුම්රිය මැදිරි ගෙනාවද? කොච්චර බලවේග කට්ටල ගෙනාවද? ඒත් ගමන් වාර නම් වැඩි වෙලා නෑ දෙක තුනක් ඇරෙන්න. පරණ තිබුණු විදියටමයි තාමත්. දෙමටගොඩ තියන අලුතින් ගෙනත් අහක දාලා තියෙන මැදිරි දැන්මම හදන්න පිළිවෙලක් කරන්න.
මම හිතන්නේ, පැහැදිලි දර්ශනයක් සහ ප්‍රතිපත්තියක් තිබෙනවා නම් මෙවන් වූ රාශියක් වැඩ මේ රට තුළ කල හැකි බවයි. අවශ්‍යවන්නේ මෙවන් වූ යෝජනාවලට රජයේ අතහිත දීම පමණි. නමුත් අපේ අවාසනාවකට, අපේ පාලකයින්ට හැම දේටම විදේශය පමණක් පෙනේ. පසුගිය කාලයේ සිටි රජයන් 50%වැඩ අඩු අබලන් තත්වයේ මැදිරි ඉන්දියාවට යකඩවලට විකුණූ අතර ඒවා දැන් ඔවුන් නඩත්තු කර ධාවනයේද යොදවා ඇතැයි කියති. රටේ සම්පත් රටේ ශ්‍රම බලකාය යොදවා මෙවන් දේ කිරීම රටට විශාල සහනයක් වනු ඇත.
අප ඔබ සමග සතුට බෙදා ගන්නෙමු. තව තවත් දිරිමත් වේවා !!!
මෙන්න වැඩ.... මේවා ඉතාමත් අගය කලයුතු දෙයක්...
කවුරු හරි කෙනෙක් හොයා ගනියිද දන්නේ නැහැ... චීනයෙන් ඔයිට වැඩිය අඩු මුදලකට ඔය වැඩේ කරන්න පුලුවන් කියලා...
මැතිණියගේ කාලේ "ඒකල කර්මාන්ත පුරයෙන්" දවසට ලංගම බස් හා එන්ජින් 10 ක් විතර සම්පුර්ණයෙන් අලුත්වැඩියා කර ගමනාගමන මණ්ඩලයට බාර දුන්නා. කිසිදෙයක් අහක දැම්මේ නැත.
ඉතාමත්ම හොඳ දෙයක්. මෙයට සහභාගී වූ සියල්ලන්ටම තවතවත් මෙවන් රටට සෙතක් වන සත්ක්‍රියාවන් කිරීමට ශක්තිය ලැබේවා... !!
මේවා තමයි අගය කළ යුතු වැඩ... සමහරුන්ට නොතේරෙන යහපාලනයේ වෙනස මේවා තමයි.
මැදිරිවල ඇතුලේ පින්තුරයක් තිබුණා නම් වඩාත් හොඳයි..
වැඩේ ඉතා හොදයි. QHSSE අංශයක් බිහි කල යුතුව තියෙනවානම් එයට මගේ ප්‍රණාමය.
මැදිරිවල ඇතුලේ පින්තුරයක් තිබුණා නම් වඩාත් හොඳයි.. අපිත් මුදල් ටිකක් එකතු කරලා එවනවා. හැමදාම ලංකාදීපයම බලනවා මේ තොරතුරු ගෙනාවට..
එක දුම්රියක් හෝ වායු සමීකරණය කර ඉදි කිරීමට උත්සාහ කරන්න.. ඔබට ජය!!!
මුළු රටක් ලස්සන කළ හැක්කේ දුම්රියට බව එහි සේවකයන් වටහා ගනිත්වා !!!
ව්‍යාපෘති ඉංජිනේරු මහතාණෙනි.. තාක්ෂණ හා වෘත්තිය පුහුණු පාඨමාලා හදාරන සිසුන් කණ්ඩායම් වල ප්‍රායෝගික පුහුණුව සඳහා මෙම ව්‍යාපෘතියේ වැඩ කිරීමට දෙපාර්තමේන්තු මට්ටමින් කැඳවීම් කර මේ ව්‍යාපෘතිය ඉක්මන් කර ගැනීමට තරුණ ශ්‍රමය ලබා ගැනීමට කටයුතු කළහොත් මසකට 5 ඉලක්කය මසකට 10ක් පමණ දක්වා වැඩි කර ගත හැකිවේවි කියලා හිතනවා..
එන්.ඩී.ඊ.එස්. කොල්ලෝ තමයි ඉතින්...
ඉතාම ආඩම්බරයි මේ වැඩය ගැන. ඕක තමයි වෙන්න ඕනෑ. මීට සියවස් 2කට කලින් වෙන්න තිබුණු දෙයක් ඒ වුනාට හිතාමතාම ඉංග්‍රීසි පාලකයෝ ඒක වෙන්න දුන්නේ නැහැ. සමහරවිට මීට වඩා හොඳට අඩු ගාණකට පිටරකින් ගෙන්න ගන්න පුළුවන්.. ඒ වුනාට අපිට කවදාවත් නැගිටින්න බැරි වෙනවා. මේක තමයි ජපනා කළේ. මගේ උණුසුම් සුබ පැතුම් සියලු දෙනාට...!!!
හරිම අගේ ඇති වැඩක්... මගේ ප්‍රණාමය ගරු රම්පාල මහත්මයා හිටියා නම්...
ඉතාමත් හොඳ වැඩක්... ඒසී කම්පාර්ට්මන්ට්ස් දැම්මොත් ආදායම තවත් වැඩිවේවි. විදේශිකයින් වැඩි හරියක් ඒසී කම්පාර්ට්ස්මන්ට්ස් හොයනවා. එයාර් බෑග් (සස්පෙන්ෂන්) දැම්මොත් ගොඩක් සුවපහසු ගමනක් යන්න පුළුවන්.
නවීකරණ කළාට පරණ යකඩ ගොඩක් ගැන විශ්වාස කරන්න බෑ. ලොකු අනතුරක් වුණු දාට තේරෙයි. එහෙම දෙයක් නොවේවායි හදවතින්ම ප්‍රර්ථනා කරමි.
බණ්ඩාර, ඔයා වගේ මිනිස්සු... දැන් ඔයා කියන්නේ ලෝකේ තිබෙන අලුත්ම ඒවගේ යන මිනිස්සු සර්ව අාරක්ෂකයි කියලද? ඔයා ඔහෙටම වෙලා ඉන්න..
ඉතා හොඳ වැඩක්, ජපානය දියුණු වුනේ කලට වෙලාවට වැඩ කරන්න පුරුදු වුනේ ජපාන දුම්රිය සේවා කලට වෙලාවට වැඩ කරන්න ගත් නිසා කියනවා, අපෙත් ඒ දෙය කරගන්න පුළුවන් ටිකක් උත්සාහ කලොත්, අවංක වුනොත්, මගී ජනතාවටත් මෙහි වගකීමක් තියෙනවා, මේ දේපොළ හැම දෙයක් ම අපේ මහන්සියෙන් අපේ මුදලින් ගත් දේවල්, ඒ නිසා පරිස්සමින් හොඳින් පාවිච්චි කරන්න, කලින් කමෙන්ට් වල තියෙනවා වැසිකිළි අපිරිසුදු කම ගැන, එහෙම වෙන්නේ පාවිච්චියෙන් පසුව වතුර ගසා පිරිසුදු කිරීමක් නැති නිසයි, අපේ උදවිය ආවා, ශරීර කෘත්‍යය කළා, ගියා, වතුර ගහන්නේ නෑ, ඊළඟ සැරේ අමාරුවක් ආවාම ආණ්ඩුවට නිළධාරීන්ට බැන අඬගසනවා.
හදලා දුවන්න බැරි පෙට්ටි, ඇතුළ නවීකරණය කරලා දුෂ්කර පළාත් ඉස්කොලවලට දෙන්න බැරිද? නැත්නම් ගෙවල් නැති අයට දෙන්න බැරිද?
මෙම මැදිරිවලට නගින්න තියෙන අපහසුතාවය නැති කරලා දෙන්න. පොඩි ළමයින්ට, වයසක උදවියට පහසුවක් වේවි !!!
මිතුරනි, මා, මෙම මැදිරි නවීකරණහි නියුතු ආයතනයට වසර ගණනාවක සිට සේවා සපයන්නෙකු ලෙස ආයතනය ගැන මෙන්ම ඔව්න්ට සේවා සැපයීමට අවස්ථාව ලැබීම ගැන ආඩම්බර වෙමි. තන්ත්‍රී ට්‍රේලර්ස් ආයතනය නිහඬවම තම යුතුකම ඉටුකරන ඉනජීනේරු සේවා ක්ෂේත්‍රයේ දෙස් විදෙස් පතල ශ්‍රී ලංකික ව්‍යාපාරික නාමයකි.
මොනවා කලත් බුලත් කෙල ගහල දුම් කුරු උරොල , වැසිකිලි අපිරිසිදු කරලා මාසෙන් ඕක කාල දමනවනේ. අපේ මිනිස්සුන්ට තවමත් පිරිසිදු කම ගැන අවබෝදයක් නැනේ.
ඉතා හොද දෙයක්. අපිට මේවා මුලදීම කරන්න පුළුවන් උන නම් අපි රටක් විදිහට ගොඩක් ඉදිරියෙන්කෝච්චියේ යන කෙනෙක් නිසා මගේ සුබපැතුම්.
ඉතාම අගනා වැඩක්! නියමයි!
ඉතාමත් වටිනා අගය කළ යුතු ව්‍යාපෘතියක් බැවින් මෙවැනි ක්‍රියාවලට අකුල් නොහෙලා තවතවත් දිරිමත් කිරීම ලාංකිකයන් ලෙස අපේ වගකීම නොවේද?