
(සටහන සේයාරු - හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නොරෝච්චෝලය ලක් විජය බලාගාරයේ ගල් අඟුරු දුමාරය සහ ගල් අගුරු පිළිස්සි ඉතිරි වන අළු හේතුවෙන් හා අනිකුත් පරිසර හානි අවම කිරිම සදහා විවිධ ක්‍රම වේදයන් ඔස්සේ 2018 වසර වනවිට සියයට 95 කින් හානි අවම කිරිමට සියලු කටයුතු අරඹා ඇති බව නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ කළමණාකරු ඉන්ද්‍රජීත් ගාල්ලගේ මහතා පැවසිය.
නොරෝච්චෝල බලාගාරය නිසා ජනතාවට සිදුවු පිඩාවන් පිළිබඳව ජනතාව දිගින් දිගටම ජනාධිපතිවරයාට දැනුවත් කිරීමේ ප්‍රථිපලයක් ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ මැදිහත් විමෙන් බලාගාරයේ සිදුවන පරිසර හානි පිළිබදව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්.එම් .චිත්‍රානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් යුක්තව සෑම මසකම ලක් විජය බලාගාර භුමියේ දි ජනතාව ආගමික නායකයින් වගකිව යුතු රාජ්‍ය ආයතන මැදිහත් විමෙන් රැස්වි ජනතාවගේ ගැටළු සඳහා කඩිනම් පියවර ගැනීමටත් එහි තත්වයන් පිළිබඳවත් තමන් දැනුවත් කිරිමටත් ජනාධිපතිවරයා නියෝග කර තිබුණි.
ඒ අනුව මාර්තු මාසයේ හමුව මෙසේ 16 දින රැස්වු අතර එහිදි කරුණු දක්වමින් අදහස් දැක්වු බලාගාර කළමණාකරු ඉන්ද්‍රජීත් ගාල්ලගේ මහතා පැවසූයේ බලාගාරය විදුලිය නිෂ්පාදනයේදි විවිධ ගැටළු වලට මුහුණ දුන් බවත්, මෙහිදි මුහුණ දුන් බරපතලම ගැටළුව ගල් අඟුරු වලින් පිටවන දුමාරය බවත්ය. ඒ සඳහා දුමාරය යාම වැලැක්විම සඳහා ගල් අඟුරුවලට රසායනිකයක් ඉසීම කළ බවත් එය සාර්ථක වූ බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය .
එලෙසම දිනකට ගල් අගුරු පිළිස්සීමෙන් ඉතිරි වන අළු මෙට්‍රික් ටොන් 800 ආසන්න වේ. එහිදි යම් ප්‍රමාණයක් අවට ගම්මාන වලට සහ වගාවන්ට යාමෙන් සිදුවු හානිය පාලනය කිරීමට දිර්ඝ කාලීන වැඩසටහන් ආරම්භ කර තිබේ.
එහි ප්‍රථිපලයක් ලෙස ජාතික ඉංජීනේරු පර්යේෂණ හා සංවර්ධනයේ සහයෝගය ඇතිව සුළඟේ පාවෙන අළු හා පතුළේ ඉතිරිවන අළු කුඩා පරිමාන ගඩොල් නිෂ්පාදන සදහා මුන්දලම ප්‍රදේශයේ කර්මාන්ත කරුවන් වෙත ලබා දිමටත් බලපත්‍ර ලබා දි ඇත.
එයට අමතරව පුත්තලම සිමේන්ති සමාගම සහ ටෝකියෝ සිමෙන්ති සමාගම් මේ වන විට අළු රැගෙන ගියද එය ප්‍රමාණවත් නොවන බවත්, ඉදිරියේදි තවත් වැඩි ප්‍රමාණයක් අළු විවිධ කර්මාන්ත සඳහා ලබාදීමටත් කටයුතු කරන බවත් ඉන්ද්‍රජීත් ගාල්ලගේ මහතා සඳහන් කළේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුර්ය බල ශක්තියෙන් හා සුලන් බල ශක්තියෙන් විදුලිය නිපදවීමට මෙතරම් හැකියාව ඇති රටක ගල් අඟුරු බලාගාර ගොඩනගන්නේ කාගේ උවමනාවටද? ඉන් සිදුවන පරිසර දුෂණය අසීමිත බව නොපෙනේද? බලවත් ජනතා විරෝධතා මධ්‍යයේ සාදනලද මෙම බලාගාරයෙන් සිදුවුයේ සමහරුන්ගේ මඩිය තරවීම නොවේද?
ගල් අගුරු දහනයේදී එකතුවන අළු වල ඇති ඇති සියුම් සහ සැහැල්ලු බව නිසා මේවා වාතයේ ඉතා පහසුවෙන් පාවී යයි. එසේම අලුවල ඇති සියුම් සිලිකා අංශු පෙනහළුවල ඇලුන පසු එය කිසිදා ඉවත්ව නොයන අතර එයින් සුවකළ නොහැකි ස්වසන රෝගයක් ඇතිවේ. මේ අළු වල ඇති බර ලෝහ වර්ග( යකඩ,ඊයම්, නිකල්, මැන්ගනීස්,ක්‍රෝමියම්) භූගත ජලයට එකත් වෙන බව ලෝකය පුරා පර්යේෂණ වලින් සොයාගෙන ඇත. ලංකාව වැනි කුඩා ඉඩ ප්‍රමාණයක අධික ජන ඝනත්වයක් ඇති රටකට මේ අළු ප්‍රමාණය (දිනකට මෙට්‍රික් ටොන්800) කිසි සේත්ම ඔරොත්තු නොදෙන අධික ප්‍රමාණයකි.
ඉතා සියුම් මේ අළු ගඩොල් නිෂ්පාදකයන් ගෙන යනවානම් ප්‍රවාහනයේදී පරිසරයට එකතු වන බැවින් ඔවුන් ගෙන යන්නේ කෙසේද සොයා බැලුවාද ? සහ ගඩොල් නිෂ්පාදන සේවකයන් සහ අවට පදිංචිකරුවන් ආරක්ෂිතද ? ලංකාවේ මහා පරිමාන පස් ගොඩ කිරීම් සහිත ඉදිකිරීම් නොමැති නිසා පසට කලවම කිරීම අවම බැවින් දිනකට එකතුවෙන ටොන් 800 න් කොන්ක්‍රීට් වලට කලවම් කිරීමට සුදුසු Class - F සහ Class - C ටොන් කීයද ? ඉදිරි වසර 10-15 තුල ඉතිරිවන අනෙක් අළු කන්දරාවට කරන්නේ කුමක්ද ?
මෙතන ඉන්න කට්ටියක් ආරක්ෂක හිස් වැසුම් දමලා... සමහරක් නැහැ... ඒ අයට අනතුරක් වෙන්නේ නැතිව වෙන්ට ඇති නේද?
මේ ආරක්ෂක හිස් වැසුම් දමන්නේ ඉහළින් යමක් හිස මත වැටුණොත් ආරක්ෂා වෙන්න. මේ වගේ එළිමහනක ඕක දාලා බේරෙන්න තියෙන්නේ උඩින් ඉගිලෙන කුරුල්ලෙකුගේ වසුරු වලින් විතරයි.
ඔය වගේ තැනකට අවශ්‍ය ඇස සහ මුඛ ආවරණ පමණි. ආරක්ෂක හිස් වැසුම් අවශ්‍ය ඉදිකිරීම් පෙදෙසකටයි.
ආරක්ෂාව ගැන හිතන්න තිබුනේ කලින්. පොඩි මිනිස්සු කොච්චර දුක් විඳිනවද? ඇයි රිනීවබල් වලට යන්නේ නැත්තේ?
'දිනකට ගල් අගුරු පිළිස්සීමෙන් ඉතිරි වන අළු මෙට්‍රික් ටොන් 800 ආසන්න වේ.' මේව රටේ අනාගතය ගැන හිතල හැදුවද ? කොමිස් ගැන හිතල හැදුවද කියල දැන් තේරෙනවනෙ. ඔය අළු කන්දරාව නිසා ඔය පැති කාන්තාර වෙයි.