(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය දිස්ත්‍රික්කයට මේ දින වල බලපා ඇති නියං තත්වය හේතුවෙන් එහි ජනතාව දැඩි පානීය ගැටලුවකට මුහුණ පා ඇති හෙයින් එම ජනතාවට පානීය ජලය ලබා දීමේ වැඩසටහනක් කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන තිබේ.
කිලිනොච්චියේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වන කරච්චි, කණ්ඩාවලෙයි, පච්චිලිප්පලෙයි, පූනකරී කොට්ඨාශයන්හි සාමාන්‍ය වැසියන් පවුල් 25,000 කට අයත් පුද්ගලයින් 100,000 කට අධික ප්‍රමාණයක් පීඩාවට පත්ව ඇති බවට කිලිනොච්චිය ආපදා කලමණකරන ඒකකය පවසයි.
මේ අනුව කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 57 වන සේනාංකයේ 571 වන බලසේනාවේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ සෙබලුන් ප්‍රදේශයේ පවුල් 350 කට අධික පිරිසකට පළමු පියවර වශයෙන් අවශ්‍ය පානීය ජලය ලබාදීම සිදු කළ අතර ඊට අමතරව භාරතී පුරම් සහ අන්නායි සාරදා පාසල්හි සිසු දරුවන් වෙනුවෙන්ද පානීය ජලය ලබා දීමට පියවර ගෙන තිබුණි.




COMMENTS
හමුදාව එපා කියල කෑ ගහන මිනිස්සු හමුදාව දෙන වතුර බොනවද?
හමුදාව එපා කියල කෑ ගහන්නේ ඇඟිල්ලෙන් ගණන් කරන්න තරම් ඉතා සුළු පිරිසක්. ඔවුන්ටත් ආරක්ෂාව සපයන්නෙත් ඔවුන් එපා කියන අපේ පොලීසිය සහ ආරක්ෂක හමුදාව. උතුරේ ජනතාව දන්නවා හදිසි ආපදාවලදී ඔවුන්ට උදව් කරන්නේ හමුදාව බව. පහුගිය ගං වතුර තත්ත්වයෙදීත්, මුලතීව් වැව කඩයාමට ඔන්න මෙන්න තියද්දී, මුලතීව් ජනතාව එම වැව අරාක්ෂා කරන්න හමුදා ආධාර ඉල්ලුවා. අදත් එහෙමයි.....
නුවන් ඒ මිනිස්සු හැපෙන්නේ එදා වේල හොයාගන්න. පාරවල් දිගේ කෑගහන්නේ වැඩක් කරන්නැති මිනිස්සු ...
මොනවා කළත් උතුරට හමුදාව එපා. එල්.ටී.ටී.ඊ. තමයි හොඳ...