දළ පූට්ටුවා ඝාතනය කළ පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර දැඩි දඩුවම් ලබා දෙන ලෙස රජයට බල කරමින් උද්ඝෝෂණයක් හා පා ගමනක් අද (05) විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට පැවැත්විනි.
ඡායාරූප - ශාන්ත රත්නායක



දළ පූට්ටුවා ඝාතනය කළ පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර දැඩි දඩුවම් ලබා දෙන ලෙස රජයට බල කරමින් උද්ඝෝෂණයක් හා පා ගමනක් අද (05) විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට පැවැත්විනි.
ඡායාරූප - ශාන්ත රත්නායක



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පාප කර්මයට වචනයකින් හෝ උදවු කල සෑම කෙනෙකුටම ස්වාබවධර්මය විසින් නිසිවේලාවට දඩුවම් ලබාදෙනු නියතය.
මේ උද්ඝෝෂණයෙන් පෙනීයන්නේ ශ්‍රී ලංකාවේ දළ හස්තීන් මරා දැමීම සංවිධානාත්මක කල්ලි විසින් කරන බවයි. මෙම අපරාධ කර ඇත්තේ මුදල් වලට කෑදර සාමාන්‍ය මිනිසුන් විසින් නම් ජනතාව මේ ආකාරයට පාරට බසින්නේ නැත. බොහෝ දුරට මෙම සාපරාධී ක්‍රියාව පිටුපස දේශපාලන දැවැන්තයන්ද සිටිනවා විය හැකියි.
දල පූට්ටුවා වෙනුවෙන් සාධාරණය ඉල්ලන්නේ උන්නැහැට දල දෙකක් තිබුණු නිසා. එකෙත් හැටි. හක්ක පටස් වලින් දවස ගානේ මරණ අලි ගැන කවුද ඉතින් ගණන් ගන්නේ. ඒ මිනිසුන්ගේ මළගම දවසේ මොන රජ මැදුරේද සුදු කොඩි වැනුණේ...
මේ සත්වයා කිසිම් කෙනෙකුට අනතුරක් නොකර ජීවත් වුණා. මේ දල ජාවාරම් කරුවන් උල තැබිය යුතුය.
අපේ මිනිස්සුන්ට නාස්ති කරන්න කොච්චර කාලය තියෙනවද? හෑම මගුලකටම උද්ඝෝෂණ. පාරෙ යන අලියෙක්ට කෙසෙල් ගෙඩියක් දෙන්නෙ නැති අය බෝඩ් අල්ලගෙන. ඔතන මේ දල පුට්ටුවා දෑසින් දැකපු අය කීයක් ඉන්නවද? ඌට මීට ඉස්සර වෙඩි තිබ්බම මේ කරුණාව පෙන්නුවේ නැත්තේ ඇයි? අනික අලි කීයක් මරනවද? කීයකට හීලෑ කරලා වද දෙනවද? උන් අලි ඇතුන් නෙමෙයිද?
දෙයියොයි, දේවාලයි, කපුවයි ආතුරයයි ඔක්කොම කෙනෙක් නම් කුමන කතාද.... කුමන පිහිටක්ද ?
මේකට සම්බන්ධයි කියන මහා මොළ කරු වන හාමුදුරුවෝ අත් අඩංගුවට ගන්න....
අනේ පව් දළ පූට්ටුවා... මේ විරෝධතාවයේ ඉන්න කී දෙනෙක් ඇත්තටම මේ ඇතාව දැකලා තියෙනවාද? මේ කරන්නේ විගඩමක්... මොකද පරිසරය රකින්න වුවමනා මේ දේ නොවෙයි. ක්‍රියාවෙන් ඔප්පු කිරීමයි. ඇයි මේ බොරු... ඔය සංවිධාන වෙලා ඉන්න නෝනා මහත්වරුන්ට කියන්නේ මේ විගඩම් එපා ඉතිරි ඇතුන් ටික බේරගන්නවත් වැඩක් කරන්න කියලා විතරයි...