වන්නි රොමේෂ් මධුෂංඛ
ලංකාවේ සියලු බන්ධනාගාරයන්හි සිටින දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා අද (22) වව්නියාව නගරයේ විරෝධතා පෙලපාලියක් සංවිධානය කර තිබුණි.
වව්නියාව පැරණි බස්නැවතුම්පල ඉදිරිපිටින් ආරම්භ වූ මෙම විරෝධතා පෙලපාලිය වව්නියාව බසාර් වීදිය ඔස්සේ ගමන් කොට වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ඒ-9 මාර්ගයේ හිඳගැනීමට පියවර ගත්හ.
දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ පවුල් එකමුතුවත් වව්නියාවේ පිහිටි සිවිල් සමාජ ඇතුලු බහුජන සංවිධාන කිහිපයක් විසින් මෙම විරෝධතා පෙලපාලිය සංවිධානය කර තිබුණි.
මේ හේතුවෙන් වාහන ගමනාගමනයට තරමක් බාධාසිදු වුවද වව්නියාව පොලීසියේ මැදිහත් වීමෙන් වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කිරීමට පියවර ගත් අතරම මාර්ගයේ හිඳගත් විරෝධතා කරුවන්ද ඉවත් කිරීමට පියවර ගැනීමෙන් වාහන ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදු විය.
විරෝධතාවය සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවේයි සේනාධිරාජා, සෙල්වම් අඩෙයික්කලනාදන්, ශාන්ති ශ්‍රී ස්කන්ධරාසා පලාත්සභා මන්ත්‍රී පී.සත්‍යලිංගම් ඇතුලු දේශපාලන නියෝජිතයින් පරිසක්ද එක්ව සිටියහ.
විරෝධතාවයට එක් වූ පලාත්සභා මන්ත්‍රී පී.සත්‍යලිංගම් මහතා කියා සිටියේ ,
‘ නව ආණ්ඩුව බලයට පත්වී අවුරුදු 3ක් ගත වෙලා තියනවා ඒ වගේම යුද්දයෙන් පසුව වසර 09 ක් ගත වෙලා තියනවා නමුත් වසර ගණනවාක් පුරාවට ලංකාවේ සිරමරදිරිවල කිසිම නඩු විභාගයක් නැතිව මේ දේශපාලන සිරකරුවන් සිරගත වෙලා ඒ අයට කිසිදු පියවර අරගෙන නැහැ. මේ වෙද්දිත් අනුරාධපුරයේ ආහාර ගැනීම වර්ජනය කරන අපේ සහෝදර කොටසක් ඉන්නවා ඒ අය විතරක නෙවෙයි ලංකාවෙම ඉන්න මේ දේශපාලන සිරකරුවන් වෙනුවෙන් ඉකමන් පියවරක මේ රජය ගත යුතුයි මොකද සාමය ගැන කතාකරන මේ රජය මේ අය ගැන නොසැලකිල්ලක් දක්වන්නේ ඇයි මේ අයට නඩු තියනවා නම් ඒවා අහල ඉවර කරන්නැත්තේ මේ අයගේ පවුල් හැමදාම දුක් විඳිනවා.
අපි බලාපොරොත්තුවෙන් හිටියා අලුත් රජය මේ අයට විසඳුමක් දෙයි කියලා නමුත් අලුත් රජය පත්වෙලත් අවුරුදු 3 ක් ගෙවුනා පරික්ෂණයක් තිබුණා නම් මේ වෙනකොට ඒවා ඉවර කරන්නත් කල් තිබුණා ඒ නිසා රජය දන්නවා මේ අය ඇයි හිරකරලයි ඉන්නේ කියලා හේතුවක් නැතිව මේ අයටත් මේ අයගේ පවුල් වලටත් හිරිහැර දුක් දෙන්නේ නැතිව මේ අය ඉක්මනින් නිදහස් කරන්න කියලා ඉල්ලනවා‘‘ යනුවෙනි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දේශපාලන හිරකරුවන් කියා කොටසක් නැත දේශපාලන හේතුන් මත දැනට කව්රුත් හිරේ ලගින්නේ නැත. දේශපාලනය කරන ගමන් හොරකම් කලයි හේතු සහිතව ඔප්පු උන අය පවා දේශපාලනය තුළ යහතින් රැදී සිටිනු පෙනේ. එමනිසා මේ ඊනියා දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම නැවත ත්‍රස්තවාදය රාජ්‍ය අනුග්‍රහය ඇතිව රටේ ස්ථාපිත කිරීමකි.
අනේ ඔව් ඔය දේශපාලන හිරකරුවෝ ටිකයි, නැති බැරි කම් නිසා හොරකම් කරපු උන් ටිකයි, ඔන්න ඔහේ එලියට දාන්න.
මත්පැන්වලට පමණක් අවසරදී මතකුඩු තහනම් කිරීමට විරුද්ධව නැගීසිටි කෙනෙක් තමයි වෙලේ සුදා. එයත් දේශපාලන සිරකරුවෙක්...