
(එම්. සුසිල් ප්‍රියන්ත)
උඩ රට දිය ඇළි ආශ්‍රිතව කිසිවකුටවත් ලංවීමට නොහැකි ගල් කුළු මුදුන් වාසභවන කරගෙන ඉතා රහසේ සැඟවී සිටින දුර්ලභ ගනයේ කලු රාජාලියකු අනතුරකට ලක්ව සිටියදී පිටිගල බොරලුහේන ප්‍රදේශයේ අද (13) සොයාගත් බව හික්කඩුව වන ජීවී කාර්යාලය කියයි.
වඳවී යාමේ දැඩි තර්ජනයකට ලක්ව සිටින මෙම සත්වයා පහත රට දැකිය නොහැකි තරම් බව එම කාර්යාලය පවසයි. පිටිගල බොරලුහේන ප්‍රදේශයේ පදිංචි පරිසරවේදියෙකු වන සරත් ජයසිංහ මහතාගේ දැනුම් දීමකට අනුව සොයාගෙන ඇත.
විදුලි සැර වැදීමක් වැනි අනතුරකින් මේ සත්වයාට පියාඹාගෙන යාමට නොහැකිව බිම වැටෙන්නට ඇති බව හික්කඩුව වන ජීවී කාර්යාලයේ නිලධාරිහු සැක කරති.
හික්කඩුව වන ජීවී කර්යාලයේ බාරකරු වන උත්පල අදාරත්න මහතා සහ එම කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂකවරුන් වන ඩබ්ලිව්. ශාන්තානන්ද, කේ.සරත් ජයසිංහ යන මහත්වරුන් විසින් මේ සත්වයා හික්කඩුව වන ජීවී කාර්යාලයට ගෙන එන ලදී.
මෙසේ රැගෙන ආ මේ දුර්ලභ ගනයේ කලු රාජාලියා ගාල්ල හියාරේ වන සත්ව සංරක්ෂණ මධ්‍යස්ථානයට බාර දීමට කටයුතු කරන බව හික්කඩුව වන ජීවී කර්යාලයේ ප්‍රකාශකයකු පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ.. කළු රාජාලි යාලුවේ ... මං මේ රටෙන් ඔයා වැනි කෙනෙකුව මේ දුටුවාමයි. විදුලිය වද්දාගන්න ලයිට් කම්බියක අනිවාර්යයෙන්ම වහන්නට ඇති. ශරීරය විශාල නිසා තව කම්බියක ගෑවෙන්න ඇති. ඇති ඔය මට්ටමෙන් හරි බේරුණා. ඒත්, වාසස්ථානය වෙත යන්න බැරිවූ නිසා හරි ගැටළුවකට මුහුණපාලා ඇති නේද..? ඔය කරුණාවන්ත මාමලා උපරිම වෙහෙසක් ගනීවි ඔයාව සුවකරන්න. අනේ.. කොහොම හරි සුවපත් වෙන්න ලැබෙන්න කියා අප මෙහිදී ප්‍රාර්ථනා කරනවා. මාත් සමගම, විජිත්, රවීන්ද්‍ර, නුවන් ඇතුළු කාරුණික පරිසර මිතුරු මාමලාත්, අනෙකුත් අයත්, පූජා නැන්දා ඇතුළු තවත් අයත් ඔයාට හදවතින්ම සුව ප්‍රාර්ථනා කරනවා ඇති..
අල්ලන්න කළින් බලන්න කෝවිඩ් හැදිලද කියලා...?
මේ කළ හොඳ වැඩේට ඒ නිලධාරින්ට විරුද්ධව පරීක්ෂණයක් පවත්වයිද? වනජීවී ඇමති එහෙම කෙනෙක්. මොලේ කොලොප්පන් වුණාම ඔහොම තමයි.
සුදුසු ප්‍රතිකාරයකට පසුව මෙයාට ජීවත් වීමට සුදුසු ප්‍රෙද්ශයකට මුදාහරින්න. කූඩු කරගෙන ඇති කරන්න ගන්න එපා..
දුලබ සතෙක් කියලා අර කෲඩියා සිලනිකා ගස වගේ සාංඝික කරයි දන්නේ නැහැ.
කලු කොටියට වෙච්චි දේම මෙයාටත් වෙයිද?
කළු පැන්තර්ලාට වෙච්ච දේම වේවිද?
දැන් තව මොකෙක් හරි කියාගෙන එයිද දන්නේ නැහැ... මේ ගොල්ලෝ රංචුවක්ම ලංකාවේ පළාත් 9ම ඉන්නවා කියලා.. අපේ රටේ වෙන්නේ එහෙමනේ... මැනි ටොස්නේ තියෙන්නේ...
ලංකාවේ වනජීවී කැනහිලුන්ගෙන් බේරිලා පලයං රාජාලියෝ...