IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දඹුල්ලේ ගොවිබිම්- ගම්මාන රැසක් ජලයෙන් යට වෙයි

(කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ල සහ ඒ අවට ප්‍රදේශ වලට  දින කිහිපයක සිට නොනවත්වා ඇද හැලෙන   වර්ෂාවෙන් මේ වන විට ප්‍රදේශයේ වැව් අමුණු ඇළ දොළ පිටාර ගැලීම  තත්ත්වයක් ඇති වී තිබේ.
 

 අද (20)  උදෑසන වන විට දඹුල්ල නගරයේ මධ්‍ය තම්මන්ඇල ,මිරිස්ගෝනියා  ඔය,  දඹුලු ඔය ,හා  ප්‍රධාන ඇළ මාර්ග සියල්ල පිටාර ගලමින් පවතී.
 
 එමෙන්ම කණ්ඩලම ජලාශය දෙවැනි වතාවටත් වාන් දැමීම හේතුවෙන් දඹුල්ල වෑවල වැව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබිණි.
 
බස් රථ ඉතා අවදානම් තත්ත්වයේ මගින්ද සහිතව ජලය මතින්  ගමන් කරන අයුරු දකින්නට හැකිය.
 
දඹුල්ල ඉබ්බන්කටුව ජලාශය වාන් දොරටු  5ක්  මේ වනවිට විවෘත කර තත්පරයට ඝන අඩි   6447 ජල කඳක් දඹුළු  ඔය ඇල මාර්ගය හරහා කලා වැවට මුදා හැරේ. මේ හේතුවෙන් පහත බිම් රැසක් ජලයෙන් යටවී තිබේ .
 
 දඹුල්ල ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ද ජලයෙන් යට වී පවතී. එමෙන්ම දඹුල්ල පහලවැව, රත්මල්ගහ වැව , සළු අපුල්ලන වැව ,පන්සලේ වැව, ආදී නගර ආසන්නයේ වැව් සියල්ලම පිරී ඉතිරි මාර්ග හා නිවාස  පවා ජලයෙන් යටවී තිබේ.
 
දඹුල්ල, සීගිරිය, කණ්ඩලම ,නාඋල ,ගලේවෙල, ආදී ප්‍රදේශවලද ගොවිබිම් රැසක් ජලයෙන්  යට වී තිබේ.



අදහස් (0)

දඹුල්ලේ ගොවිබිම්- ගම්මාන රැසක් ජලයෙන් යට වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site