(එම් .සුසිල් ප්‍රියන්ත සහ දයා සිරිල් ධම්මික)
දොඩන්දූව ධිවර වරායේ ගාල් කර තිබූ සාම්ප්‍රදායික එක්දින වල්ලම් ධිවර යාත්‍රා කොරෝනා ව්‍යසනයෙන් පසුව හා හා පුරා සුභ මොහොතින් අද (24 ) සිය කර්මාන්තය සදහා ඒවායේ ධිවර කාර්මිකයින් විසින් මුහුදට දමන ලදි.
සාම්ප්‍රදායික එක්දින වල්ලම් ධිවර කර්මාන්තයට ලංකාවේ ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන දොඩන්දූව ධිවර වරයේ එක්දින වල්ලම් ධිවර යාත්‍රා 300 ක් පමණ ඇත.
දොඩන්දූව ධිවර වරායේ සාම්ප්‍රදායික එක්දින වල්ලම් ධීවර යාත්‍රා කාර්මිකයින් වරායේ මල් පහන් පූජා කොට සිය යාත්‍රාවලට සුවද දුම් අල්ලා දෙවියන් උදෙසා මල් මාලා පලදා ධීවර යාත්‍රා මුහුදට දැමීම සිදු කෙරිණ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd