රවී ලියනගේ
ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව රත්ගම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හා හික්කඩුව නගර සභාවේ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පැවැත්වු විරෝධතාවයක් අද (11) රත්ගම නගරයේදී පැවැතිවිණි.
විරෝධතා පුවරු රැගත් මන්ත්‍රීවරුන් පාපැදිවලින් ගාලු පාර ඔස්සේ ගමන් කළහ. මේ අතර දකුණු පළාත් සභා මන්ත්‍රී සම්මු ආරියවංස මහතා තිරික්කලයක නැග ගමන් කරමින් මෙම විරෝධතාවයට එක්ව සිටියේය.
මේ අතර දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර මහතාද අද සවස ගාල්ල නගරයට පැමිණියේ තිරික්කලයක නැග තෙල් කවි කිහිපයක් ගායනා කරමිනි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙට්‍රල් මිල තව වැඩිකරන්න ඕනා මේ ගොන්නුන්ගේ පිටේම යන්න.
අනේ අපේ රටට මොන වාසනාවක්ද මේ කට්ටිය පාර්ලිමන්ට් එකට පළාත් සභාවට සහ නගර සභාවට හැමදාම මේ විදීයටම එනවනම්
මේවා ඡන්දදායකයෝ අන්දන වැඩ. තවමත් මේ රටේ මේවට රැවෙටෙන අය ඉන්නවනේ.
මේ පලවෙනි සැරේටනේ මේ රටේ තෙල් මිල වැඩි කරලා තියෙන්නේ. ඒ නිසා මෙයාලට ඒවා තවම හුරු නැහැ.
මෝඩ වැඩ
මේ අයට මතක නැද්ද ඒ කාලේ පෙට්‍රල් රුපියල් 155 ට තිබුනේ කියලා
පෙට්‍රල් මිල වැඩි කලාට මැති ඇමති ගොල්ලන්ට ප්‍රශ්නයක නැහැ ඒ ගොල්ලන්ට පෙට්‍රල් ලැබෙන්නේ ඩියුටි ෆ්‍රී සහනය යටතේය. මහා ජනයට?
එදා තෙල් මිල මීටත් වඩා ඉහළ බව දැන දැනත් මම ඔය දැක්කමයි ඔහොම දෙයක්
බෝං ලීය කරේ බැඳිය යුතු පුද්ගලයා මොකද කරත්තේ ඇතුලේ?
එදා තෙල් මිල මීටත් වඩා ඉහළ බව දැන දැනත් මම ඔය දැක්කමයි ඔහොම දෙයක්... සාමාන්‍යයෙන් අපි දකින්නේ කරත්ත ඇදගෙන යන ගොන්නු පමණයි.
කරත්ත දක්කපු අය දේශපාලනයට ආවම අපිත් ගොන්නු කියලා හිතනවා.
රුපියල් 155 ට පැට්‍රල් තිබුණු කාලේ මතක නැද්ද කියලා අහනවා... මොකෝ මතක නැත්තේ ඒකාලේ අනික් බඩුවල මිල රුපියලේ වටිනාකම ඔබට මතක නැද්ද කියා මම අහනවා. රුපියල් 155 ට පැට්‍රල් දීගෙන යුද්ධයකුත් කළා.
ම.රා. ගෙ කාලෙ මේ ගොල්ලන් හොම්බෙන්ද ගියේ?
ගොනයි, කරත්තකාරයයි මාරුවෙලා. ගොනා දක්කනවා. කරත්තකාරයා කරත්තේ අදිනවා. අනේ කාලේ වනේ වාසේ කිව්වලු!
බලාගෙන යනකොට ලෙහෙසියෙන් අමතක වෙන ලෙඩේ හැදිලා නැත්තේ අපිට විතරනේ !
තෙල් වැඩිකරන කම්ම හිටියද.. කරත්තෙන් යන්න. හැමදවසේම කරතෙන්ම යන්න ලැබෙන්න කියලා පතමි.
මීට වැඩිය හොඳ නැද්ද... අල්ලලා කරත්තේ බැන්දා නම් ..!
මොකද මේ මන්ත්‍රී කරත්තේ බැඳලා... ගොනා කරත්තෙට ගොඩවෙලා..ටෙලි නාටකයක්ද?
එක් අයෙත් කරත්තේ වාඩිවෙලා යනවාෙ, ගොනා කරත්තේ අදිනවා , වයසක මනුස්සයෙක් කරත්තේ දක්කනවා. අඩුතරමින් කරත්ත නැගල යන අයටත් කරත්තේ දක්කන්නවත් දන්නේ නැහැ.
එක තමයි කියන්නේ අපේ රටේ මිනිසුන්ගේ ටිකිරි මොලේ වැඩකරන තරම. ඉක්මනට අමතක වෙන ලෙඩක් අපේ මිනිසුන්ට තියෙනවා. ඒ කොයි හැටි උවත් මේ හැම පැත්තකින්ම කනට වදින්නේ පොඩි එකාට බවනම් පැහැදිලියි.
මහජන නියෝජිතයින් පත්කරගන්නේ ජනතාවට සේවය කිරීමට මිසක් මේ වගේ බොළඳ ක්‍රියාවලින් ජනතාව රැවටීමටවත් ජාතික සම්පත් සුරාකමටවත් නොවෙයි. 2005දි මහින්ද මහතා ජනාධිපතිවෙනකොට පෙට්‍රල් ලීටරයක මිල රු.57.50. ලෝක වෙළඳ පොලේ මිල වැඩිවන විට එතුමාගේ ආණ්ඩුවටත් සිද්ද වුණා මිල වැඩිකරන්න පෙට්‍රල් ලීටරය රු.168 දක්වා. පුළුවන් කම තිබුණානම් එතුමා මිල වැඩි නොකර ඉන්නවා නේද? බලයට පත්වන කව්ද අකමැති බදු මිල පහතට හෙලාගෙන හැමදාම බලයේ ඉන්න.
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් ඇති නිසා එය දේශපාලනිකව නොපෙනේ
ගොන්නු කරත්තේ ඉදගෙන ඉන්න අයද ?
වාහන පර්මිට් එකක් ඕනේ වෙන්නේ නැහැ මේ අයට... මොකද ගොන් කරත්ත තියනවානේ. රටට ඉන්ධන ගේන්න මුදල් අඩුවේවි!!!