(කාංචන කුමාර ආරියදාස)
තායිලන්තයෙන් පැමිණ ශ්‍රී ලංකාවේ ධර්මදූත සේවාවේ එක්ව සිටින තායි ශ්‍රී ලංකා වන්දනා පාද චාරිකාවේ භික්ෂූන් වහන්සේලා දඹුලු රජමහා විහාරය වැදපුදා ගැනීම අද (25) සිදු කෙරිණි.
මේ අවස්ථාවේ කණ්ඩලම ප්‍රදේශයේ සිට පාගමනින් තායිලන්ත ජාතික භික්ෂූන් වහන්සේලා 47 නමක් භික්ෂුණින් වහන්සේලා 5 නමක් පෙරහරකින් දඹුලු රජමහ විහාරයට වැඩම කළහ.
මඟ දෙපස එක්වූ දඹුලු ජනතාව දහම් පාසල් සිසු සිසුවියන් උන්වහන්සේලාට වැඳ නමස්කාර කර පිරිකර පූජා කිරීම සිදු කළේය.
කොළඹ සිට පාගමනින් වැඩම කරවීමේ දී උන්වහන්සේලාගේ පාදවල දියපට්ට දැමීම සහ අධික අව් රශ්මිය නිසා සිදුවන අපහසුතාවයන් මඟහරවා ගැනීමට කෙසෙල් කොළ පාවඩ එලා උන්වහන්සේලාට වැඩම කිරීමට ඉඩ සැලැස්වීම විශේෂත්වයකි.
ඇතැම් පිරිස් උන්වහන්සේලාගේ පාදවල විවිධ තෙල් වර්ග ආලේපනය කරන අයුරු ද දැක ගැනීමට හැකි විය.උන් වහන්සේලාට මග දෙපස සිට කුරුම්බා ලොඳ ආදී ආහාර පාන දන් දීමට ද අමතක නොකළහ.




COMMENTS
දැකීමත් චිත්ත ප්රබෝධය ඇති කරන දසුනක්..!! සියලු ධර්ම මාර්ගයෝ ඇරේවා..!! ඔබවහන්සේලා ඇතුළු සියලුම සියලු නික්ලේශී මුනිවරු ධර්මාලෝකයෙන් සැනහී සසර කෙටි වේවා...!!!
දැක බලා පින් රැස්කර ගැනීමට, උතුම් රහතන් වහන්සේලා සිහි ගන්වන මේ උතුම් චාරිකාව සංවිධානය කළ මහමෙව්නාව අසපුවේ පරම පුජනිය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම සියලුම ස්වාමින් වහන්සේලාට අපගේ ගෞරවය හිමිවේ..
අඩුම වසයෙන් අපේ සාසනය රකින්නන්ට ආදර්ශයක් වේවා !! ඔබ සැමට නිවන් මාර්ගයට පෙර ලකුණු පෙනේව !!
තායිලන්තයේ බැ0කොක් නගරයේ " සුකුම්විත් " ප්‍රදේශයේ තිබෙන ලුම්බිණි උද්‍යානයේ විශේෂයෙන් ඉරු දින උදෑසන 6.00 - 7.00 අතර කාලය තුළ පිඩු සිගා වැඩීමට එක්රැස්වන සිය ගණනක් තායි හිමිපාණන් වහන්සේලා එකවර උද්‍යානයෙන් පිට වන දර්ශනය සැබවින්ම සිත් සතන් දැහැමින් ඔපවත් වෙයි.
මේ අපේ රටේ සියලුමදරුවනට උතුම් ආදර්ශමත් ක්‍රියාවක් .මේ දසුන නෙතට ගෙටීමෙන් සිත් පහන් වෙනවා.
හපොයි!!! මේ තායි හාමුදුරුවරුන්ට අපේ රටේ ඇම්බැට්ටයෝ එක්ක වැඩිය මුහු වෙන්න දෙන්න එපා. එහෙම වුනොත් මෙයාලත් ඉගෙනගනීවි අපේ අයගේ විනය මාලාව... එ් පාර තායිලන්තයේ ශාසනෙත් විනාශ වෙලයි නවතින්නේ....
සාධු සාධු සාධු.. !!!
අන්තරේ කොණ්ඩ වවපු, සිවුර කරට අරන් උද්ඝෝෂණ කරන, පෙළපාලි යන, කදුළු ගෑස්, ජල ප්‍රහාර පොලිසියෙන් කන, අපේ රටේ වගේ ගිහි නමට විතරක් සාදුලා මෙතැන නැද්ද?.
මේ තමයි බෞද්ධ දර්ශනය. අපේ රටේ දැන් වැඩිපුරම ඉන්නේ දේශපාලනය කරන ස්වාමින්වහන්සේලානේ. එ් කියන්නේ තමා අතහැර නැති බවනේද?
බුදු රජාණන්වහන්සේගේ නියම ශ්‍රාවකයන් වහන්සේලා පාවහන් පළඳින්නේ නැත
හිත ශ්‍රද්ධා භක්තියෙන් පිරීයන දසුනක්. උන්වහන්සේලාට නමස්කාර වේවා.!
සාදු සාදුසාදු