ඡායාරූප ශාන්ත රත්නායක
ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ විරෝධතා රැලියක් අද සවස කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි.
නැගෙමින් පවතින ජාතිවාදයට මෙන්ම වර්තමාන ආණ්ඩුවේ ආර්ථික කොල්ලයට, වංචාවට සහ දූෂණයට එරෙහිව මෙය සංවිධානය කළ බව ජනතා විමුක්ති පෙරමුණ කියයි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැලියට ටිල්වින්
සිල්වා, බිමල් රත්නායක, විජිත් හේරත්සහ ලාල්කාන්ත මහත්වරු ද සහභාගී වූහ.




COMMENTS
තරුණයෙක් හොයා ගන්නවත් නැති සමුළුවක්...
යුග දෙකක් තරුණ ජිවිත දහස් ගානක් පොදු දේපල දහස් ගානක් විනාස කරපු කොටසක් .මෙයලම නේ ආණ්ඩු පත් කොරන්නේ දැන් නරකලු
ඔන්න ඔන්න ඉතින් බොර දියේ මාළු බාන්න සුදානම් වෙනවා.
සිසුන් සහ ජනතාව නොමග යවා පුහු අනවශ්‍ය උද්ඝෝෂණ සංවිධානය කර අවසානයේදී සිසුන්ට සහ ජනතාවට පොලිසියෙන් සහ හමුදාවෙන් පහර දීම් ඇතිකර එක මනුස්සයෙක් හෝ මරාගන එම මළමිනිය කර ගහගන කරන ලේ පිපාසිත cadaver දේශපාලනය අයෙත් අළු ගසා දමා නැගිටියි.ජනතාවනි පරිස්සම් වෙන්න. 1987-89 සිදුවීම් අමතකද?
කාලීනව වියයුතු දෙයක්
අප ඔබලාට දෙන අවසාන අවස්තාව මෙයයි. ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ජවිපෙන්ම විය යුතුයි. බලයේ ඉන්න අයට පහර දෙමින් තවත් හොරෙකුට මග සරසා දීමේ නියාය වහාම නතර කල යුතුයි.
ජවිපෙ යනු ක්‍රිස්තියානි පල්ලියේ තවත් නිර්මාණයක්, රැවටෙන්න එපා! ඔය කියන සුන්දර කතා බලයට ඒමට පමනයි !